සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ආචාර්ය මාලනී ඩයස් – විද්වත් පරපුරක තවත් පුරුකක් හැලෙයි… විද්වතෙක් යනු කවරෙක්දැයි ඇසුව හොත් පෙන්විමට සිටි ඇයත් නික්ම යයි!

by editor
අගෝස්තු 31, 2024
in සමාජ, සංස්කෘතිය
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

අභිලේඛණ සහ නානය විද්‍යාව පිළිබඳව ලංකාවේ සිටි අතිශය ගෞරවණීය විද්වත්වරියක වූ ආචාර්ය මාලනි ඩයස් යළිත් අප අතර නැති බව සංවේගයෙන් සටහන් කර තබමු.

සිල්ලර වී කානු පල්ලට වැටුණු පුරාවිද්‍යාඥ බෝඩ් ලෑල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළ මේ තරම් ලාභ වීමට පෙර පුරාවිද්‍යාඥ අභිධානයට නිසි ගෞරවණීය වටිනාකම දුන් අවසන් විද්වත් පරපුරේ පිරුණු චරිතයක් ලෙස ආචාර්ය මාලනී ඩයස් බැබළුන බව ඇය ගැන මේ කෙටි සටහන තබන්නට පෙර කිව යුතුව තිබේ. මෙවන් යමක් ලියන්නට පෙළඹෙන්නේත් ඒ ගෞරවයමය.   

ආචාර්ය මාලනි ඩයස් කවු ද?

ආචාර්ය මාලනී ඩයස් සිංහල පාලි සංස්කෘත විෂයයන්හි ශික්ෂණය ලද උපාධි ධාරිනියක ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවයට එක් වන්නී වර්ෂ 1968 දී ය. ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්මික සහකාර ( ශිලා ලේඛන ) තනතුරටය. එකල අභිලේඛන විෂය සම්බන්ධව ඇය ශික්ෂණය ලබන්නී මහාචාර්ය සෙනරත් පරණවිතාන, ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න, ඇසුරෙහිය.

අචාර්ය මාලනී ඩයස් රාජකාරියේ නිරත වෙමින්ම අධ්‍යයන කටයුතු කළ දිරි මත් චරිතයකි. ඇය විසින් ඉදිරිපත් කළ “ලක්දිව සෙල්ලිපිවලින් හෙළිවන සිංහල ප්‍රත්‍යාර්ථ නාමයන්ගේ විකාශනය” පර්යේෂණ නිබන්ධනයට කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය හිමි විය. ඒ සමගම ඇය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් ( ශලා ලේඛන) තනතුරට උසස් කරනු ලැබුවාය.

අනතුරුව ශිෂ්‍යත්වයක් මත ලන්ඩන් විශ්වවිද්‍යාලයේ School of oriental and African Students (SOAS) හි සිංහල ශිලා ලේඛන සම්බන්ධයෙන් ආචාර්ය උපාධිය හැදෑරුවාය. වසර දෙක හමාරක් පමණ වූ පාඨමාලා කාලය අවසන The grow of Buddhist Monastic Institutions in ancient Sri Lanka as Depicted in the Brahmi Inscription තේමාව ඔස්සේ ඉදිරිපත් කළ ශාස්ත්‍රීය නිබන්ධනය සඳහා ආචාර්ය උපාධිය ලබා ගත්තාය.

මෙම නිබන්ධනය Epigraphia Zeulanica හි VIIIවන වෙළුම ලෙස ප්‍රකාශනයට පත් විය.

ආචාර්ය මාලනී ඩයස් සිය රාජකාරි ජිවිතය තුළ ලෝක සම්භාවනාවට පත් ශාස්ත්‍රිය මැදිහත් වීම් රැසක් සඳහා ලංකාව නියොජනය කරමින් එක් වී එහි ප්‍රභාව ජාතියට දායාද කළ විද්‍යාඥවරියකි. ඇය ආචාර්ය සිරාන් දැරණියගලයන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි වකවානුවේ අභිලේඛන හා නාණක විද්‍යා අංශයේ අධ්‍යක්ෂවරිය ය.

ඇයගේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සේවා කාලය36 වසරකි. ආචාර්ය මාලනී ඩයස් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන්නී වර්ෂ 2004 දී ය. එතැන් සිට දිවි ගමන නිමා කරන තුරුම ඇය ශාස්ත්‍රීය සේවය වෙනුවෙන් කැපවී සිටියාය. මීට මාස කීපයකට පෙර කියවා අර්ථ රූපණය කළ ලංකාවේ විශාලම සෙල් ලිපිය වූ දිඹුලාගල සෙල් ලිපිය කියැවීමේ සදහා ජනාධිපතිවරයා විසින් පත් කළ විද්වත් කමිටුවේ සම සභාපති ධූරය ද ඇය දැරුවාය.

මේ විශිෂ්ට විද්‍යාඥවරිය ගැන කිව යුතු යමක් තිබේ. එනම් ඇය සතු නිහතමානී ගුණය මෙන්ම පිරී ඉතිරෙන දයාව කරුණාව සහිත මනුෂ්‍ය ගුණය ය. ඒ විසල් ගුණය අද අපේ තරුණ විද්වත් යැයි තමන් විසින්ම හඳුන්වා ගන්නා ප්‍රාථමික ගොනු අතරේ නැත. විද්වතෙකුගේ භූමිකාව කුමක් ද යන්න පිළිබඳව ආචාර්ය මාලනි ඩයස් වැනි විද්වතුන් ජීවතුන් අතර සිටිය දී හඳුනා ගත නොහැකිවූ ගුරු කොට ගත නොහැකි වූ පිරිස් ඇයගේ නික්ම යෑමෙන් යමක් උකහා ගන්නේ නැත. සැබෑව එයය.

එතුමියට නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරමින් නවතිමි.

අද සවස සිට කොළඹ 05 ඩී.එම්.කොළඹගේ මාවත 03 වැනි පටුමග අංක 41/4 ලිපිනය දරණ නිවසෙහි තැන්පත් කර තබන බව සඳහන් කරයි.අවසන් කටයුතු සැප්තැම්බර් මස 02 බොරැල්ල කනත්ත සුසාන භූමියේදී සිදු කෙරේ.


RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ක්‍රිකට් ආයතනයේ දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවෙක් විදිහට තේරෙන්න  උප සභාපති කෙනෙක් සනසන්න ඕනලු!

Next Post

අද මධ්‍යම රාත්‍රියේ සිට භූමි තෙල් හැර සියලුම ඉන්ධනවල මිල අඩු වෙයි!

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.