අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

මෙල්බර්න්හි   රියදුරුකම් කරන ශ්‍රී ලංකා ක්‍රීඩක දෙපළ ගැන විදෙස් මාධ්‍ය යළිත් කියන කතාව!

රටේ බිඳවැටෙන ආර්ථිකය පරණ කතා ඔසවා තබයි....

by editor
ජූලි 26, 2022
in ජීවිතය
Share on FacebookShare on Twitter

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි  බස්රථ රියදුරන් සේ සේවය කරන  ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩාකළ අන්තර්ජාතික විශිෂ්ඨත්වයට පත් වූ ක්‍රීඩකයින් දෙදෙනෙක්  සම්බන්ධව  යළිත් අන්තර්ජාතික මාධ්‍ය තුළ කථිකාවක් ඇති වී තිබේ.

ඒ දැන් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයත් සමගිනි. පසුගිය වසරේ  මාර්තුවේ දීත්  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සුරාජ් රන්දීව් සහ චින්තක ජයසිංහ ගැන ඔස්ට්‍රේලියාවේ  මෙල්බර්න් නිවුස් 9 වෙබ් අඩවිය වාර්තා කළේය.  එම වාර්තාව ලෝකය පුරා සංසර්ණය විය.

යළිත් සතියක පමණ සිට   අන්තර්ජාතික මධ්‍ය තුළ සුරාජ් සහ චින්තක ගැන කථිකාවක් ගොඩ නැගී තිබිණි.  ඒ මේ රටේ බිඳවැටෙන ආර්ථිකය හා පීඩිත ජන ජීවිතය සමග අවධානය ද සමගිනි.

සුරාජ් රන්දීව්

සුරාජ් රන්දිව් ලංකාවේ සිටි බලාපොරොත්තු සහගත දඟපන්දු යවන්නෙක් වූ අතීතයක් තිබිණි. ඔහු වර්ෂ 2009 -2016 ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළේය. ඔහු 2011 ලෝක ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේය. අනුශූරතාවය දිනූ කණ්ඩායමේ ක්‍රීඩකයෙක් විය.

රන්දිව් ජාතික කණ්ඩායම නියෝජනය කරමින්   මුහුණ දුන් අවසන් තරගය වූයේ  වර්ෂ 2016  ජූනි 24 එංගලන්තය සමග පැවති එක් දින ජාත්‍යාන්තර  තරගය ය. අඩි 6යි අඟල් 2ක් උස මේ දකුණත් ඕෆ්බ්‍රේක් පන්දු යවන්නා ටෙස්ට් තරග 12කට සහභාගී වී කඩුළු  43ක් ලැබුවේය. එක්දින තරග 31ක් සඳහා ලංකාව නියෝජනය කර කඩුළු 36ක් දවා ගත්තේය. විස්සයි 20 තරග 7ක දී කඩුළු 07ක් ලැබීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කුමක් හෝ දෛවෝපගත සිදුවීමක් නිසා ඔහු අද විදේශයක බස්රථ රියදුරෙකි.

චින්තක ජයසිංහත් එසේය. ඔහු දකුණත් පිතිකරුවෙකි. ප්‍රවේගකාරී පිතිකරණය යෙදෙන්නෙකි. එසේම  දකුණත් මදවේග පන්දු යැවීම ප්‍රගුණ කළ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.

ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ විස්සයි 20 තරග වෙනුවෙනි. අන්තර්ජාතික තරග 05ක්  සඳහා ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජන කළේය. ඔහුත් සුරාජ් සමග මෙල්බර්න්හි බස් රථ රියදුරු සේවයේ ය.

චින්තක ජයසිංහ

ඔවුන් දෙදෙනා සමඟ එම සමාගමේම  බස් රථයක් පදවාගෙන යන හිටපු සිම්බාබ්වේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙක් ද වේ. ඔහු   Waddington Mwayenga  ය. ඔවුන් තිදෙනාම Transdev ප්‍රවාහන  සමාගමේ  සේවය කරති.  එම සමාගම මෙල්බර්න් ජනතාවට ප්‍රවාහන සේවා සපයන  සේවකයින් 1,200 කට වඩා සේවය කරන පුලුල්  සමාගමකි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන්  ස්වකීය රැකියාවෙන් තෘප්තිමත් බවය.    ඔවුන් තවමත් ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ලීගයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් එම මාධ්‍ය පවසයි. මේ රැකියාව   අතරේත්  ඔවුහු    නිතිපතා පුහුණුවීම් කරති. ඒ   නැවතත් ක්‍රිකට් වරම් ලබා ගැනීමට අභිලාෂයෙනි.

විදෙස් මාධ්‍ය පවසන්නේ  මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය     කඩා වැටී රජය අයාලේ යන තත්ත්වයකට පත් වී ඇති බවය.  රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා පුරවැසි අරගලයක් හටගෙන ඇති බවය.    මෙම ක්‍රීඩකයින් දෙපළ රට හැර පැමිණ ඇත්තේ මේ ආර්ථික අර්බුදය රටේ හටගන්නට  පෙරය.

“මෙම ක්‍රිකට් ක්‍රීඩකයින් රට හැර ගොස් විදේශ රටක වෙනත් රැකියාවකට යාමට තීරණය කළේ කවදාදැයි අප දන්නේ නැත.   එහෙත් ලංකාව බරපතල ආර්ථික අර්බුදයක ගිලී ගොස්ය.“ cartoq.com වෙබ් අඩවිය වාර්තා කරන්නේ එසේය.

ඔස්ට්‍රේලියානු ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ  බස් රථයේ රියදුරු අසුනේ ඕනෑම ප්‍රසිද්ධ ජනප්‍රිය පුද්ගලයෙක් සිටිය හැකි බවය. සුරාජ් සහ චින්තක උදාහරණය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති රනිල් අද පළමු වතාවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් හමුවෙයි!

Next Post

යළිත් මුව ආවරණ පළඳින්න… සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැඩි නිර්දේශයක්…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.