බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

මාස හයයි… ඝාතන 33000ට වැඩියි… මරා දැමූ පිරිස අතර දරුවො 13800ක්… බටහිර නිරුවත් වානරයින්ගේ ම්ලේච්ඡකම එළිදුටු ගාසා යුද්ධය…

ආයෙ මානව හිමිකම් ගැන නම් කතා කරන්න එපා...  ජුලී චන්ග්... මේ කියන්නේ ඔයාටත් එක්ක...  

by editor
අප්‍රේල් 7, 2024
in ජීවිතය
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

හමාස් ත්‍රස්තවාදීන් ඊශ්‍රයාල දේශසීමාව ආක්‍රමණය ඊශ්‍රයාලයට ප්‍රවේශ වී  නිරායුධ අහිංසක මිනිසුන් 1200ක් ඝාතනය කර  ප්‍රාණ ඇපකරුවන් 250 කට වැඩි ප්‍රමාණයක් අල්ලාගැනීමෙන් අනතුරුව ආරම්භවුන ගාසා තීරයේ ම්ලේච්ඡ යුද්ධයට අදට මාස 06කි.   

ඊශ්‍රයාලය ඉතිහාසයේ නින්දිතවූත් ම්ලේච්ඡ වූත් තුච්ඡ ජන සංහාරය ආරම්භ කර ඇත්තේ ඉතිහාසයේ යුග ගණනක් අපව පසුපසට ගෙන යමිනි. මේ සංස්කෘතික සහ මානවවාදී සදාචාරාත්මක යැයි උපකල්පිත ලෝකයේ කුප්ප බොරුව නිරුවත් කරමින් ඇමරිකාව ඇතුළු ස්වකීය මිත්‍ර පාක්ෂිකයන්ගේ රැකවරණය සහිතව, යුධ ආධාර සහිතව දියත් වී ඇති මේ ම්ලේච්ඡ සංහාරය හමුවේ ලෝකය මේ තරම් මුග්ධ ලෙස නිහඬවන්නේ කෙසේදැයි තේරුම් ගත යුතු වන්නේ යුක්තියේ ධර්මතාව මුන් කරකවන්නේ මුන් වටා ඇති ආරක්ෂිත සීමාව තුළ පමණක්ය යන සැබෑව මත සිටය.

  • මරණ 33100යි… ඒ අතර ළමුන් 13800ක්…

ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ඊශ්‍රායල ප්‍රහාරයෙන් පලස්තීනුවන් 33,100 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.  කඩා වැටුණු ගොඩනැගිලි සහ යටිතල පහසුකම් සුන්බුන් යට තවත් දහස් ගණනක් අතුරුදහන් වී ඇති අතර ඔවුන් මිය ගොස් ඇතැයි නිගමනය කර ඇත.

ඝාතනය වූවන් අතර අති මහත් බහුතරය  ළමයින් සහ කාන්තාවන්ය.  සේව් ද චිල්ඩ්රන් පවසන පරිදි ළමුන් 13,800 කට වැඩි පිරිසක් මරා දමා ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ළමුන් සඳහා වන එක්සත් ජාතීන්ගේ අරමුදල වන UNICEF ඇස්තමේන්තු කර ඇත්තේ දැනට ගාසා තීරයේ  අවම වශයෙන් පලස්තීන දරුවන් 17,000 ක්  ස්වකීය දෙමාපියන්ගෙන් වෙන් වී සිටින බවය.

ඉතිහාසයේ වැඩිම එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල සංඛ්‍යාවක් මරා දමා තිබුණේ  මේ යුද්දයේදී ය.    ගාසාහි හි දී ඔක්තොම්බර් 07 සිට මේ දක්වා එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 176  දෙනෙක් මරා දමා ඇත.

  • 75 815ක් තුවාලයි… දරුවන් 1000කට වැඩි පිරිසකට පාද නෑ…

යුද්ධය ආරම්භයේ සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් 75,815ක් තුවාල ලබා ඇත. පලස්තීන “රෙඩ්  ක්‍රෙසන්ට්” සංගමය මේ සතියේ කියා සිටියේ ගාසා තීරයේ ළමුන් 1,000කට පමණ ඔවුන්ගේ පාද එකක් හෝ දෙකම අහිමි වී ඇති බවය.

  • සාගින්න…

2024 දී ගාසා තීරයේ මානුෂීය තත්වය සැලකිය යුතු ලෙස නරක අතට හැරී ඇති අතර ඊශ්‍රායල හමුදාව ආධාර පැමිණීම වළක්වා තිබුණේය.  සාගින්න යුද්ධයේ ආයුධයක් ලෙස පවත්වාගෙන ගියේය.

ගාසා තීරයේ සිරවී සිටින මිලියන 2.3 කට ආසන්න ජනතාව දැන් සාගින්නෙන් පෙළෙන්නේය.   මැයි මාසය වන විට ගාසා තීරයේ විවිධ ප්‍රදේශවල සාගතයක් පවතිනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඊශ්‍රායල භූමි ආක්‍රමණයකින් ප්‍රථමයෙන් විනාශයට පත් වූ  උතුරු ගාසා තීරය දරුණුතම ඛේදවාචකයකට ලක්ව ඇත. ඊශ්‍රායලය උතුරට ප්‍රවේශය දැඩි ලෙස සීමා කර තිබේ. මාර්ග අවහිර කිරීම සහ ආධාර රථ පෙළ ප්‍රමාද කිරීම  හෝ අවලංගු කිරීම ඔවුන් දිගින් දිගටම සිදුකරන්නේ විජලනය සහ මන්දපෝෂණය හේතුවෙන් ළදරුවන් සහ කුඩා දරුවන් මිය යමින් සිටියදී ය.

පසුගිය සතියේ, ඊශ්‍රායල හමුදා, කිලෝමීටර් 2.3ක් (සැතපුම් 1.4ක්) පැතිරුණ ආධාර රථ පෙළක් මත ඉලක්කගත, අඛණ්ඩ ප්‍රහාර තුනක් එල්ල කළේය.  එසේ ප්‍රහාර එල්ල කර විදේශ ආධාර සේවකයන් හත්දෙනෙකු හිතාමතාම මරා දැමූහ. මේ තත්ත්වය   සමහර   සංවිධාන තම ආධාර සේවා අත්හිටුවීමට පොළඹවනු ලැබුවේය.

  • කී දෙනෙක් අවතැන් වෙලාද?

ඊශ්‍රායල හමුදාව පලස්තීනුවන්ට යුද්ධයේ ආරම්භයේ සිටම “දකුණට යන ලෙස” නියෝග කළේය.  එසේ වූයේ ඊශ්‍රයාල හමුදාව ගොඩබිම් ආක්‍රමණය  ගාසා තීරයේ උතුරෙන් ආරම්භ කළ බැවිනි.

ඊශ්‍රායලය විසින් එම තීරය අඩකින් වසා දමා හමුදා කොරිඩෝවක් ස්ථාපිත කළේය. එතැන් සිට කිසිවෙකුට උතුරු ගාසා තීරයේ තම නිවෙස් වෙත ආපසු යාමට නොහැකි විය.

මිලියන 1.9 ක ජනතාවක් එසේත් නැතිනම්  ගාසා තීරයේ ජනගහනයෙන් සියයට 80 කට වැඩි පිරිසක් අභ්‍යන්තරව අවතැන් වී සිටිති. බොහෝ දෙනා පාසල් සහ රෝහල් වැනි  ස්ථානවල පිහිටුවාගත්  එක්සත් ජාතීන්ගේ කඳවුරු තුළ නැවතී සිටිති. කෙසේ වෙතත්  එම ස්ථානවෙත එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ද  400 කට වැඩි පිරිසක් මිය ගොස් අවම වශයෙන් 1,400 ක් තුවාල ලබා ඇත.

ජමිලියන 1.5 කට වැඩි ජනතාවක් දැන් ඊජිප්තුවේ මායිමේ ගාසා හි දකුණු දෙසින් පිහිටි නගරය වන රෆා වෙත පිරී ඇත. බොහෝ දෙනෙක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලට නිරාවරණය වෙමින් මරණයත් සමග තාවකාලික කඳවුරුවල හෝ වීදිවල රැඳී සිටිති.

  • ගාසා තීරයේ කොපමණ ප්‍රමාණයක් නටබුන් වී තිබේද?

ගාසා තීරයේ සමස්ථ නිවාස ප්‍රමාණයෙන්  දළ වශයෙන් සියයට 62කට ආසන්න ප්‍රමාණයක් හානි වී ඇත්තේය. නැතිනම් මුලුමනින්ම විනාශය. විනාශ වී ඇති  නිවාස ඒකක ගණන 2,90,820කි. අද වනවිට ගාසාවේ මිලියනයකට අධික ජනතාවකට නිවාස නොමැත.

ලෝක බැංකුව සහ එක්සත් ජාතීන් විසින් ඇස්තමේන්තු කරන ලද අකාරයට රාජ්‍ය සේවා හා යටිතල පහසුකම්වලට සිදුවී ඇති  විනාශය ඩොලර් බිලියන 18.5 කි.    විනාශයෙන් ඉතිරි වූ සුන්බුන් ප්‍රමාණය ටොන් මිලියන 26 කි.

“ත්‍රස්තවාදීන්ට” එරෙහිව සටන් කිරීමේ ප්‍රකාශිත ප්‍රයත්නයක් ලෙස ඊශ්‍රායල ගොඩබිම් සහ ගුවන් ප්‍රහාර දහස් ගණනක් නිවාස සහ යටිතල පහසුකම් විනාශ කළේය.  දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස් හි හානිය වඩාත් විශාලය.

යුනිසෙෆ් ආයතනයට අනුව ගාසා තීරයේ සෑම පාසල් 10කින්ම 8ක්ම හානි වී හෝ විනාශ වී ඇත. සිසුන් 6,25,000 කට අධ්‍යාපනයට ප්‍රවේශය නැත.

  • රෝහල් ක්‍රියාත්මකද?

හමාස් සංවිධානය රෝහල් තුළ සහ රෝහල්වල භූගත කුටිවල සිට ක්‍රියාත්මක වන බව පවසමින් ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කරමින් ඊශ්‍රයාලය    ගාසා තීරය පුරා රෝහල් වෙත ප්‍රහාර එල්ල කළේය.

සියලුම රෝහල් බරපතල හානිවලට ලක්වූයේය. රෝහල් 36න්  26ක් විනාශය.    10 කට පමණක් අර්ධ වශයෙන් ක්‍රියා කළ හැකිය. එම රෝහල්වල රෝගී ධාරිතාව ඉක්මවා ගොස්ය.

ගාසා හි විශාලතම රෝහල වන අල්-ෂිෆා රෝහල සහ ඒ අවට සති දෙකක කාලයක් ඊශ්‍රයාල හමුදාවන් වටලා සිටියහ.   රෝහලට  දැඩි ලෙස හානි විය. අවසානයේ රෝහලට ගිනි තැබුවේය.    ඊශ්‍රායල හමුදාව රෝහල වටලෑමේදී අවම වශයෙන් මිනිසුන් 400 ක් පමණ මරා දැමූ අතර තවත් සිය ගණනක් අත්අඩංගුවට ගත්හ.

ගාසාහි ඉන්නේ වෙහෙසට පත් සහ කුසගින්නෙන් පෙළෙන සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ය.    ඖෂධවල උග්‍ර හිඟයක් ඇති වී තිබේ.   බොහෝ රෝගීහු ප්‍රතිකාර රහිතව මිය යති.   මේ මනුෂ්‍යත්වයේ ඛේදවාචකය  ඔබට සිතා ගත හැකි දැයි නොදනිමි.  බොහෝ ශල්‍යකර්ම සහ අත් පා කැපීම් නිර්වින්දනයකින් තොරවය.

  • මාධ්‍යවේදීන් කී දෙනෙක් ඝාතනය කර තිබෙනවාද?

ඊශ්‍රායල හමුදාව ඕනෑම නූතන ගැටුමකදී සිදුවූවාට වඩා  වැඩිම මාධ්‍යවේදීන් සංඛ්‍යාවක් මරා දමා ඇත.  24කට වඩා ඔවුන් භාරයේ  රඳවා තබා ඇත. සමහර අන්තර්ජාතික මාධ්‍යවේදීන් වෙත මුදා ගැනිමේ කණ්ඩායම්වලට ලඟා වෙන්නට නොදී මිය යන්නට අත්හළහ.

මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව විසින් පවසන්නේ ඝාතනය කරන ලද මාධ්‍යවේදීන් සංඛ්‍යාව 90ක් යැයි කියයි.  එහෙත්  ගාසා හි රජයේ මාධ්‍ය කාර්යාලය පවසන්නේ එම සංඛ්‍යාව 140 ක් බවය.

තවත් මේ ලෝකයේ මානව ධර්මීය ශිෂ්ඨාරයේ හිමිකම ගැන කතා කිරීමට ඇමරිකාව ඇතුළු බටහිර රටවලට ඉඩ නැති බව ලියා තැබිය යුතුය. මක්නිසාද යත් මෙතෙක් කබායකින් සඟවාගෙන සිටි පරිණාමයේ මුල් අවධියේ සිටි අර්ධ ම්ලේච්ඡ තිරිසනුන් දැන් නිරුවතින් එළියට පැන ඉබාගාතේ දුවමින් සිටින බැවිනි. උන් අල්ලා යළි කබාය තුළ ඔබා ගැනීමට දැන් කල් මදිය.   ජුලී චන්ග්… මේ කියන්නේ ඔයාටත් එක්ක…

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පෘථිවියේ සිට කිලෝමීටර හත්සීයක් භූ ගත ව පවතින සාගරයක්!

Next Post

වැඩ තහනමට ලක් වූ අගලවත්ත ඕඅයිසී ගෙන් හිස්වන තනතුරට පොලිස් පරික්ෂක ධම්මික ද සිල්වා පත් කරයි…   

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.