බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

බන්දුල වර්ණපුර ගැන පාලිත පෙරේරා කියන අසිරිමත් කතාව

by editor
ඔක්තෝබර් 18, 2021
in ක්‍රීඩා, ජීවිතය
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල

ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලැබුණේ වර්ෂ 1982 දීය. ටෙස්ට්ත්වය ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ටෙස්ට් තරඟයට සහභාගී වන්නේ 1982 පෙබරවාරි 17 වැනිදා ය. ඒ කොළඹ සරවනමුත්තු ක්‍රීඩාංගනයේ දී ය.

ක්‍රිකට් ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිතයෙන් කොටසකි. එබැවින් ම මේ දිනය මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත වර්ණවත් කළ ඉතිහාසයේ ම නන්දනීය දිනයකි. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා වූයේ බන්දුල වර්ණපුර ය. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ද ඔහු ය. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු පන්දුවට මුහුණ දුන් ක්‍රීඩකයා බන්දුල වර්ණපුර ය. පළමු ලකුණ රැස්කළ ක්‍රීඩකයා ඔහු ය. ක්‍රීඩකයෙක් සතු විය යුතු උත්තුංග පෞරුෂය මතු නොව අසීමිත මානව ගුණයක් ප්‍රකට කළ පුරාවෘත්තයක් බඳු මේ අප්‍රමාණ මනුෂ්‍යයා මේ වනවිට අප අතරින් වෙන් වී ගොස්ය.

දැන් බන්දුල ගැන බොහෝ දේ ලියවෙමින් ඇත්තේය. එහෙත් බන්දුල ගැන අපට මේ කියන්නේ තවත් පුරාවෘත්තයක් බඳු විශිෂ්ටයෙකි. මේ රටේ ක්‍රිකට් ක්‍රීඩා විචාර කලාව ගමේ පොළොවේ රෝපණය කිරීමේ සාහිත්‍යයමය මෙහෙවර කළේ ඔහු ය. ඒ වකවානුවේ ගුවන් විදුලිය හරහා අපේ සිත්වල උත්කර්ෂවත් ක්‍රිකට් සිත්තම් නිර්මාණ කිරීමේ පුරෝගාමි ආදරණීය මිනිසා ඔහු ය. මේ ගෞරවණීය මිනිසා ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක, ප්‍රවීණ ගුවන් විදුලි ශිල්පී, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පාලිත පෙරේරා ය.

බන්දුල වර්ණපුර නායකත්වය දැරූ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වුණු පළමු ටෙස්ට් තරඟය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් සජීව ලෙස විකාශය කළේය. මේ ඓතිහාසික අවස්ථාවේ විස්තර විචාරකයා වූයේ පාලිත පෙරේරාය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජීවන ඉනිම වසර 68 කින් නිමා කළ බන්දුල වර්ණපුර නම් සිරිමත් මිනිසා පිළිබඳ ව පාලිත පෙරේරා ලංකාසර ට සිය මතකය ආවර්ජනය කළේ මෙලෙසිනි.

පළමු ටෙස්ට් පන්දුවට බන්දුල වර්ණපුර මුහුණ දුන් ආකාරය පාලිත පෙරේරා ගේ මනරම් විස්තර කථනයෙන්…. (අන්තර්ජාලයෙනි)

“එදා එංගලන්ත කණ්ඩායමේ උප නායක බොබ් විලී ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ප්‍රථම පන්දුව කොළඹ සරවනමුත්තු ක්‍රීඩාංගනයේ ලකුණු පුවරු අන්තයේ සිට පැමිණ ශ්‍රී ලංකා ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක බන්දුල වර්ණපුර වෙතට යොමු කළා. ඒ වෙලාවේ බන්දුල ඔහුගේ වම් පාදය ඉදිරියට අරන් පන්දුව පාලනය කළා. පන්දුව බන්දුලගේ පා ආවරණයේ වැදී පිටිය මත පතිත වුණා.“

“එදා ඒ මංගල ටෙස්ට් පන්දුව ආවරණය කිරීම සඳහා වම් පාදයට ශක්තිය දුන් බන්දුලගේ දකුණු පාදය පසුගිය දා වෛද්‍යවරුන් විසින් කපා දමනු ලැබුවා. ඒ බන්දුල වර්ණපුර දැඩි ලෙස දියවැඩියා රෝගයට ගොදුරු වීමෙන් ඇති වූ රෝගී තත්ත්වයක් නිසා යි. මේ රෝගී තත්ත්වයත් එක්ක ම බන්දුල ජීවන ඉනිම නිමා කළා.”

 Bandula-Warnapura

බන්දුල වර්ණපුර මංගල ටෙස්ට් පන්දුව පිළිගත් ආකාරයපාලිත කතා කරමින් සිටියේ දැඩි සංවේගයකිනි. ඒ මොහොතේ කුඩා අවධියේ සිට අපව ආනන්දයට පත් කළ ඔහුගේ සුපුරුදු හඬ පෞර්ෂයේ ස්වරය මොහොතකට වියැකී තිබිණි.

අපේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරඟය පාලිත පෙරේරාටත්, බන්දුල වර්ණපුරටත් සිය ජීවිතවල සුවිශේෂ සන්ධිස්ථානයක් නිර්මාණය කළේය. එහෙත් පාලිත බන්දුල වර්ණපුරව දැනගන්නේ මේ ඓතිහාසික අවස්ථාවට බොහෝ කලිනි. ඔහු සිය පාසල් මතකය අවදි කරමින් කොළඹ නාලන්ද විද්‍යාලයේ අතීතයට මා කැටුව ගියේ ය.

“මම බාලාංශයේ ඉඳලා විශ්වවිද්‍යාල ප්‍රවේශය දක්වා ම ඉගෙන ගත්තේ කොළඹ නාලන්ද විද්‍යාලයේ යි. විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල එනතුරු පාසලට ඇවිත් පන්තිවල උගන්වන්න කියා එම්. ඩබ්ලිව්. කරුණානන්ද විදුහල්පතිතුමා මටත්, ආනන්ද ධර්මප්‍රියටත් කිව්වා. මට උගන්වන්න ලැබුණු පන්තියේ තමයි බන්දුල වර්ණපුර හිටියේ. ඒ වෙනකොටත් ලංකාවේ පාසල් අතර සිටි දක්ෂතම පිතිකරුවා බන්දුල යි. මම ආනන්ද-නාලන්ද සුලෝහිත ක්‍රිකට් සංග්‍රාම තරඟයේ විස්තර විචාරකයා යි.“

බන්දුල වර්ණපුර හා එංගලන්ත නායක ක්ලීත් ෆ්ලෙචර් මංගල ටෙස්ට් තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට ගිය අවස්ථාව

බන්දු ආනන්ද – නාලන්ද ක්‍රිකට් ඉතිහාසය වෙනස් කළ හැටි

“වර්ෂ 1963 ජනවාරි මා ගුවන්විදුලි දෙපාර්තමේන්තුවට බැඳුණා. 1972 දී මට මතකයි ආනන්ද නාලන්ද ක්‍රිකට් තරඟය මාර්තු මාසේ පැවැත්වුණු දවසට පෙර දින පැවති අවසාන පුහුණුවීම් බලන්න මමත් ගියා. පාසල් දෙකේ ම ක්‍රීඩකයෝ සමග කතාබහ කරලා විස්තර විචාරයට අවශ්‍ය කරුණු මගේ සටහන් පොතේ මම ලියා ගත්තා. අන්තිමට ම මම බන්දුල වර්ණපුර ළඟට ගියා. පී.එම්. ජයතිලක ලකුණු 111ක වාර්තාවක් 1928 වසරේ ආනන්ද-නාලන්ද සුලෝහිත සංග්‍රාමයේදී තබා තිබුණා. මම බන්දුලට ළං වෙලා ‘මොකද කියන්නේ, වාර්තාවට තට්ටු කරලා බලනවා ද..’ කියා ඇහුවා. ඒ ඇහුවා වගේ ම එදා බන්දුල නොදැවී ලකුණු 118ක් රැස් කළා.”
පසුව වැල්ලවත්තේ රෙදි මෝලේ සුබසාධන නිලධාරියෙකු ලෙස ටික කාලයක් කටයුතු කළ බන්දුල ලංකා දුම්කොළ සමාගමට බැඳුණි. එම සමාගම නියෝජනය කරමින් ඔහු වෙළෙඳ සේවා ක්‍රීඩා කුසලාන සඳහා දිගින් දිගට ම තරඟ වැදුණි.

ගවස්කාර්ට කියා දුන්නු පාඩම

“මට මතක් වෙන්නේ 1981 දී ඔස්ට්‍රේලියාවෙ කිම් හ්‍යුස්ගේ කණ්ඩායම ලංකාවේ එක්දින තරඟ තුනක් පැවැත්වූ අවස්ථාව යි. ඒ වෙලාවේ බන්දුල වර්ණපුර ලකුණු සීයක් ලබා ගත්තා. ඔහු ශතකයක් වාර්තා කළා. ඔහුගේ පිති හරඹයටත් වඩා මේ ජයග්‍රහණයේදී ඔහුගේ නායකත්ව ලක්ෂණ හඳුනා ගැනීම නිසා 1982 ප්‍රථම ටෙස්ට් තරඟයේ නායකත්වය ඔහුට හිමි වුණා.

ඒ වසරේදී ම ඉන්දියාවේ චෙපොක් ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරගයකට බන්දුල වර්ණපුර නායකත්වය ලබා දුන්නා. සුනිල් ගවස්කාර් ඉන්දියානු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළා. ඒ අවස්ථාවේ ඉතාමත් ම ලේසියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරදින්න තිබුණා. නමුත් බන්දුල වර්ණපුර විශිෂ්ට නායකත්වයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නා.
දවස අවසානයේ දී තරඟය සම වුණා. මොකද වුණේ කියලා අහන්න මම නායක සුනිල් ගවස්කාර් හමුවෙන්න ගියා. ඒ වෙලාවෙ ඔහු කියනවා ලංකාවෙ මේ පොඩි කොල්ලන්ගෙන් අපට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා කියලා.”

බන්දුල දුන්නු ලණු

පකිස්තානු සංචාරයකදී බන්දුල කළ දේ පාලිත විස්තර කළේ මෙසේය.

“පකිස්තානයේ මුන්ටාන්වල ක්‍රිකට් තරගයක් පැවැත්වුණා. ඒ අවස්ථාවේ අපට විස්තර විචාරය කිරීම සඳහා සූදානම් කරලා තිබුණේ හදාගෙන යන තට්ටු තුනක ගොඩනැගිල්ලක උඩම තට්ටුවෙ අට්ටාලයක යි. දෙවැනි තට්ටුවේ සිට අට්ටාලයට නැගීම සඳහා ඉතා කුඩා ඇලුමිනියම් ඉනිමගක් හේත්තු කර තිබුණා. මම පණ බයේ ඒකේ නගින්න බෑ කිව්වා. ඒ අවස්ථාවට මාත් එක්ක සහභාගි වුණු වජිර විජේවර්ධනයි, බන්දුල වර්ණපුරයි මාව බොහො ම අමාරුවෙන් අල්ලලා උඩට නැග්ගෙව්වා.“

“තරගය අවසාන වෙලා මම සාරාංශය කියලා බලද්දී මේ දෙන්නා ම බිමට ම බැහැලා පහළොස් දහසක් පමණ ක්‍රීඩාලෝලීන් එක්ක එකතුවෙලා උඩ බලාගෙන මම ඉනිමගෙන් කොහොම බහියි ද කියලා බලා හිටියා. මට කරන්න දෙයක් නෑ. මං දෙනෝදාහක් ක්‍රීඩා ලෝලීන්ගේ හූ කීම් මැද බඩ ගාගෙන ඉනිමග බැස්සා. බන්දුල එහෙම වැඩත් කරනවා. ලණු දෙන්න, යාං හෑලි කියන්න ඊට වැඩි කෙනෙක් නෑ. රට රටවල සංචාරයේ ගියා ම බන්දුල ඉන්නවා නම් දවල් රෑ ගෙවෙනවා දැනෙන්නේ නෑ.“

බන්දුලගේ ලණුවක්.. පාලිත පෙරේරා අසිරුවෙන් ක්‍රීඩා අට්ටාලයෙන් බසින අයුරු වජිර විජේවර්ධන සටහන් කරගත් හැටි

“එක් අවස්ථාවක මදුරාසියේ ගුවන්තොටුපළින් ලංකාවට එන්න හදන වෙලාවෙ බන්දුලගේ ක්‍රිකට් පිත්ත මගේ බෑග් එකේ තිබුණා. මම ටයි පටි ටිකකුත් එහෙන් අරගෙන බෑග් එකේ දාගෙන ආවා. මදුරාසිය ගුවන්තොටුපළින් මගේ බෑග් එක බලලා බදු ගහන්න ඕනේ කිව්වා. බන්දුල මට ඈත ඉඳන් සිංහලෙන් කිව්වා ‘ඔය ටයි එකක් දෙකක් බිමට දාන්න එතකොට හරියයි කියලා. මම ආසාවෙන් ගත්ත ටයි දෙකක් බිමට දාලා ‘දිස් ඉස් ෆෝ යූ’ කිව්වා. බදු නැතුව මං නිදහස් වෙලා ආවා. මෙහෙම පුදුම දේවලුත් බන්දුලගෙයි මගෙයි ගමන් බිමන්වලදී සිද්ද වෙලා තියෙනවා.”

දකුණු අප්‍රිකානු සංචාරය

ඊට පස්සේ බන්දුල තවත් කට්ටියක් එකතු කරගෙන කාටත් හොරෙන් ඒ වකවානුවේ තහනම් දේශයක්ව තිබූ දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයකට එක් වුණා. බන්දුල ඇතුළු කණ්ඩායමට වසර 25කට ක්‍රිකට් තහනම් වුණා.
ඒ දවස්වල රටේ බැබලුණු ක්‍රිකට් කණ්ඩායම තමයි බ්ලූම් ෆීල්ඩ් ක්‍රීඩා සමජය. බ්ලූම් ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ ඉන්න කාලේ සාරා කුසලානය දෙවතාවක් ම දිනා ගන්න සමත් වුණේ බන්දුලගේ දස්කම් නිසා යි. බ්ලූම් ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ බාගෙට බාගයක් ම හිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක් වුණු අය යි. ඒ බන්දුල නිසා යි.

මතභේදයට තුඩු දුන් දකුණු අප්‍රිකානු සංචාරයෙන් පසුව තරග තහනමකට ලක් වන බන්දුල ඇතුළු කණ්ඩායම පිළිබඳව එදා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය වූ ඇත්ත පත්තරේ කර්තෘ වාක්‍ය පල වුණා. මම කල්පනා සඟරාවට “තහනම් ගහේ ගෙඩි කෑ බන්දුල වර්ණපුර හා පිරිස” යනුවෙන් කවරයේ කතාව ලිව්වා.

එහි උණුසුම එලෙසින් පවතිද්දී ම දුලිප් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා – නවසීලන්ත ක්‍රිකට් තරගයේ විස්තර විචාරය කිරීමට සිදු වූයේ ද මට යි. අවාසනාවට ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත පරාජයට පත්වුණා. තරඟය නැරඹීමට පැමිණි අති විශාල ජනකායගෙන් පිටිය පිරෙන්නට ගල් මුල් බෝතල් ප්‍රහාර එල්ල වුණා.”

බන්දුල ගැන ලියූ පාලිතත් හතරවැනි තට්ටුවට

“මේ පරාජයයි, කල්පනා සඟරාවට මං ලිව්ව ලිපියයි, බන්දුල ඇතුලු පිරිසගේ දකුණු අප්‍රිකානු සංචාරයයි එකට කැටි කොටගත් සැකයෙන් යුතුව ඒ අවස්ථාවේ මහවැලි ඇමති වූ මා මිත්‍ර ගාමිණී දිසානායක මහතාගේ පැමිණිල්ලකට අනුව මාව ගුවන්විදුලියේ ඉඳලා එකපාරට ම රහස් පොලිසියේ හතර වන තට්ටුවට අරන් ගිහින් පැය 4ක් ප්‍රශ්න කළා.“

“වැඩිදුර ප්‍රශ්න කිරීම් කියලා පහුවදාත් අරන් ගිහින් පැය දෙකක් ප්‍රශ්න කළා. බන්දුල වර්ණපුර ගැන මාධ්‍ය මගින් ප්‍රචාරයක් කිරීමට ඒ වෙලාවේ ඉඩක් තිබුණ අවස්ථාවක් නෙවෙයි. ඒ නිසා මගේ ලිවීම ප්‍රශ්න ගත ගැටලුව වුණා. බන්දුලගෙන් සල්ලි අරන් මම ක්‍රීඩා ලෝලීන් කුලප්පු කළ බවට මගෙන් ප්‍රශ්න කළා. එසේ නොවුණු බව පසුව හෙළිදරව් වුණා. නමුත් හතරවෙනි තට්ටුවට අරන් ගිය පළමු මාධ්‍යවේදියා බවට මා පත් වුණා.”

බන්දුල ක්‍රිකට් විස්තර විචාරයට එක් වුණු හැටි

පාලිත මේ කතා බහ නිම කරන්නට මත්තෙන් බන්දුල ක්‍රිකට් විස්තර විචාරයට එක් වූ හැටි ගැන ද කීවේ ය.
“ගාල්ලේ මහින්ද – රිච්මන්ඩ් විද්‍යාල අතර ආදරවන්තයින්ගේ ක්‍රිකට් තරගයේ විස්තර විචාරය කිරීම සඳහා මා එක්වුණා. ඒ අවස්ථාවේදී මම බන්දුලට කිව්වා මාත් එක්ක යමු විස්තර විචාරය කරන්න කියලා. බන්දුල කිව්වා අනේ මට ඕවා තේරෙන්නේ නෑ, මට වචන පැටලෙනවා, ඕවා කියන්න මට තේරෙන්නෙ නෑ කියලා කිව්වා. මම කිව්වා ගාල්ලටනේ යන්නේ, මා එක්ක යමු කියලා. ආ… ගාල්ලට නම් යමු කියලා ගියා.“

“විශේෂඥ විස්තර විචාර ක්‍රමය ආරම්භ කරමින් මම බන්දුල එක්ක එකතු වෙලා ආදරවන්තයින්ගේ ක්‍රිකට් තරඟයේ විස්තර විචාරය කළා. ඒ කාලේ හේමමාලි අරඹෙවෙල හිටියේ ගාල්ලේ යි. බන්දුල විස්තර විචාරයෙන් පස්සේ හැන්දෑවට හේමමාලි හම්බවෙන්න ගිහින් එනවා. ඔහොම ටික කාලෙකින් බන්දුලගේ ක්‍රිකට් විස්තර කථනයත්, හේමමාලි එක්ක විවාහයත් හොඳින් සිද්ධ වුණා. බන්දුල ඉතා ම දක්ෂ ලෙස ඉංග්‍රීසි, සිංහල භාෂා දෙකම හොඳින් හසුරවමින් ක්‍රිකට් විස්තර විචාරය කළා. ඔහු ගැන මතකය මා හද තුළ සදාකාලිකයි.” පාලිත කතාව අවසන් කළේ ය.

 

 

 

 

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මැදි දුර – දිගු දුර ධාවන ක්‍රීඩකයන්ට කෙන්යාවේ පුහුණුවක්

Next Post

ඇමරිකාවේ පළමු කළු ජාතික රාජ්‍ය ලේකම් කොලින් පවෙල් කොරෝනා වැලදීමෙන් මරුට

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.