සිකුරාදා, ජූලි 10, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

ඇය තවත් නැත…

by editor
ජූලි 10, 2026
in කලා
Share on FacebookShare on Twitter

ප්‍රවීණ ශ්‍රී ලංකා ගායිකාවක වූ මරියසේල් ගුණතිලක තවත් අප අතර නැත. ඇය අප හැර ගොස්ය. ඒ හැර යෑම ගැඹුරු වේදනාවක් ශේෂ කර තිබේ.

මරියසේල් උපත ලබන්නී 1958 ජූනි මස 11 වැනිදා ය. අද දිනයේ ඇය අප හැර යනවිට ඇය 68 වැනි වියැතිය. ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයේ දීර්ඝකාලීන ජනප්‍රියත්වයක් හිමි කළ සුවිශේෂී කලාකාරිණියකවූ මරියසේල් වෙනම පාටක් සහ ඉන් උපන් අනන්‍ය මිහිරක්  සිංහල ගීත කලාවට එක් කළ කලාකාරිනියකි. සිංහල ගීයට බටහිර රිද්මයත්, පොප් සහ සිංහල වේග රිද්ම ගීතයෙත් කාන්තා හඬ පෞරුෂය සලකුණු කළේ මරියසේල්ය.  ශ්‍රී ලාංකික සංගීත ප්‍රේමීන් අතර සදාකාලික ජනප්‍රියත්වයක් ඇය විසින් සලකුණු කළාය.

 සංගීත ගමනේ ආරම්භය

මරියසේල් ගුණතිලක උපත ලැබුවේ කොළඹ නුගේගොඩේදීය. නුගේගොඩ සාන්ත ජෝසප් කාන්තා විද්‍යාලයේ ඇය අධ්‍යාපනය ලැබුවාය. ඇයගේ සංගීත ගමන ආරම්භ වූයේ පාසල් දැරියක ලෙසය. එවිට ඇයගේ වයස අවුරුදු 07කි.

අවුරුදු 10දී මරියසේල් සිලොන් ඔබ්සවර් (Ceylon Observer) මගින් පැවැත්වූ සමස්ථ ලංකා ළමා ගායන තරගයේ දී කණිෂ්ඨ අංශයේ ජයග්‍රහණය අත්පත් කරගත්තාය. මේ ජයග්‍රහණය සමග  ඇයට “Junior Rhythmiers” නම් ප්‍රසිද්ධ ප්‍රී-ටීන් සංගීත කණ්ඩායමට බැඳීමට අවස්ථාවක් ලබා දුන්නේය.

1960 ගණන්වල රටේ ගුවන්විදුලි ආයතනය වූ  රේඩියෝ සිලෝන් (Radio Ceylon) ඔස්සේ මෙම කණ්ඩායමේ ගීත ප්‍රචාරය වීම නිසා ඇයගේ කීර්තිය විශාල ලෙස ප්‍රචලිත විය.  ඒ වකවානුව ගුවන්විදුලිය යනු රටේ බහුතර ජනතාවකගේ විශ්මය ජනක විනෝදාස්වාදන මාධ්‍යය ය.

RelatedPosts

විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!

ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

‘නැත්ත වෙනුවට ඇත්ත’ – ටිල්වින්ගේ බුද්ධිම දේපල සොරාගෙන පොතක් ගැසූ ගැසූ විමල්ට රුපියල් මිලියනකයක් ටිල්වින්ට ගෙවන්න නියෝග…

මරියසේල්  සම්භාව්‍ය ගිටාර් අධ්‍යාපනය ලැබුවේ ප්‍රසිද්ධ ගිටාර්වාදක වින්ස්ටන් ජයවර්ධනගෙනි.  ගායන අධ්‍යාපනය ලැබුවේ එස්ටෙල් ද නීස්ගෙනි.

“කැන්ඩි ලමිස්සි” සහ කීර්තියේ උච්චතමය

1977 දී නිකුත් වූ “කැන්ඩි ලමිස්සි” ගීතය ඇයගේ කලාපථයේ තීරණාත්මක  හැරවුම් ලක්ෂ්‍යය විය. මෙය තත්කාලික ජනප්‍රිය ගීතයක් පමණක් නොව, ඇයගේ ජීවිත කාලය පුරාම ඇය හඳුන්වනු ලැබූ අන්වර්ථ නාමයක් බවට පත්විය. ගීතයේ සාර්ථකත්වය නිසා ඇය ශ්‍රී ලංකාව තුළ පමණක් නොව, නේපාලයේ Soaltee Oberoi වැනි ජාත්‍යන්තර හෝටල්වලත් ගායනයන්හි  නිරත වූවාය.

කෙසේ වෙතත්, එම වසරේම නුවර එළියේදී සිදුවූ අනතුරකින් ඇයට   බරපතල තුවාල සිදුවිය.  එම අනතුරින්  ප්‍රකෘතිමත් වූ පසු ඇය ක්ලැරන්ස් විජේවර්ධන, එම්.එස්. ප්‍රනාන්දු, ස්ටැන්ලි පීරිස්, අජන්තා රණසිංහ, සුනිල් පෙරේරා (ජිප්සීස්) වැනි අනන්‍ය ගීත කලාවක් වෙනුවෙන් පෙනී සිටි  ශිල්පීන් සමඟ සහයෝගයෙන් ඇය සිය කලා ජීවිතය ශක්තිමත් ලෙස ගොඩනගා ගත්තාය.

ඇයගේ ගීත කලාව වෙනස්ම ආරකට එක් කළ අපූරු ගීතය අජන්තා රණසිංහ විසින් ලියන ලදුව ඇයගේ පුතා වෙනුවෙන් ඇය ගැයූ  “සිහින නෙළුම් මල්” ගීය බව සිතේ. ඇයගේ ගීත පරාසය මහා පුළුල් තලයක විහිදී තිබිණි.

කැන්ඩි ලමිස්සි, යොවුන් සීන ලෝකේ, රහසයි සොඳුරු ජීවේ, කුමරාණනේ, නෙළුම් මලේ පෙති කඩලා, පහන් නොවන රැයක සිට සිහින නෙළුම් මල් (මව්වරුන්ට උද්දිෂ්ට) දක්වා ඇයගේ ගීත පරාසය විහිදී ගියේය.

සුනිල් පෙරේරා, එම්.එස්. ප්‍රනාන්දු, දල්රීන් සුබි, රොනී ලීච්, ක්ලැරන්ස් විජේවර්ධන, ඩෙස්මන්ඩ් ද සිල්වා, අන්නෙස්ලි මාලේවන වැනි කලාකරුවන් සමඟ මරියසේල් පැමිණි දුර මහත්ය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

2026 ජූලි 10 වන දින (අද) උදෑසන කළුබෝවිල ශික්ෂණ රෝහලේ (කොළඹ දකුණු රෝහල) අසනීප තත්ත්වයකට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අභාවප්‍රාප්ත විය. මිය යන විට ඇයගේ වයස අවුරුදු 68කි.  ඇයගේ ගායන ශූරත්වය, විවිධත්වය සහ ජනතාව සමඟ ඇති සමීපත්වය නිසා ඇය ශ්‍රී ලංකා සංගීත ඉතිහාසයේ නොමැකෙන නමක් ලෙස පැවතීම නියතය. ඇය නිහඬ වුවද ඇය ගැයූ ගී සදා අප අතර රැඳෙන බව විශ්වාසය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඇය තවත් නැත…

ජූලි 10, 2026

විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!

ජූලි 10, 2026
දෙබිඩි නිවුන් දරුවෝ...

ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

ජූලි 9, 2026
ADVERTISEMENT
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇය තවත් නැත…
  • විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.