අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

විජය මාලනී ප්‍රේමයේ නෑසුණු කතාව…

රවීන්ද්‍ර රන්දෙණිය අතීත මතකය අවදි කරයි...

by editor
පෙබරවාරි 13, 2021
in කලා
Share on FacebookShare on Twitter

විජය සහ  මාලනීත් අතර ඇති වී මුහුකුරා ගිය ප්‍රේමනීය බැඳීම දශක පහකට එපිට මේ රටේ යෞවනය කුල්මත් කළ මනරම් ප්‍රේම කාව්‍යය වූයේය. ඒ ප්‍රේම පුරාණයේ සජීවී සාක්ෂිකරු ප්‍රවීන රංගධර රවීන්ද්‍ර රන්දෙණිය ය.  මනුෂ්‍යත්වයේ සංවේදනා, ජීවිත ඛේදවාචක, වටහාගත නොහැකි අභව්‍යයන් අතරින් ගලා ගිය ඒ අතීත ප්‍රේම වෘතාන්තයේ අනුවේදනීය මතකය රවීන්ද්‍ර රන්දෙණිය විසින් ආවර්ජනය කළ අවස්ථාවකි. ඔහු සිළුමිණ රසඳුන අතිරේකය සමග මේ සංවාදයේ යෙදුනේ විජය කුමාරතුංග ඝාතනය වී 33 වසරක් පිරෙන අවස්ථාව නිමිති කරගෙනය. 1988 පෙබරවාරි 16 දා විජය ඝාතනය විය.

රවීන්ද්‍ර රන්දෙණිය

පාසල් කාලයට දිවෙන විජයගේ හමුවීම

ඒ අතීතය මීට දශය හයක අතීතයට දිවෙනවා. අපි දෙන්නම ඒ වකවානුවෙ ඉගෙන ගන්නෙ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයෙ. පහේ පන්තියෙදි වගේ අපි එකට හිටිය. ඇත්තටම පාසල් සමයේ එන විශේෂම මතකය තමයි අපි දෙන්නම පාසල් සාහිත්‍ය සංගමයේ එක්ව කටයුතු කිරීම. විජය හරිම විචිත්‍ර කථිකයෙක්. ඔහු කථිකත්වය වෙනුවෙන් රන් කුසලානය දිනාගත් කෙනා. සාහිත්‍යකරණයේ දී මම හොඳ කෙටිකතා කරුවෙක් ගායකයෙක් විදිහට පාසල තුළ සම්මානිත වුණා. සාමාන්‍ය පෙළවිභාගයෙන් පස්සේ ඔහු පාසලෙන් ඉවත් වෙලා කඳාන මැසනොද් විද්‍යාලයට ඇතුළත් වුනා. අපේ පාසල් මතකය ඒ තරම් සීමිතයි.

විජය මාලනී ප්‍රේමය නිසා වැඩුණු විජය රවී සොයුරු පෙම

විජය පාසෙලන් ඉවත් වෙලා වසර කීපකට පස්සෙ මා දැක්ක ඔහුගේ අතිශයින්ම කඩවසම් ඡායාරූප පෙළක්. ඒ ඡයාරූප පල වෙන්නේ හන්තානෙ කතාව කියලා අලුත් චිත්‍රපටයෙ රඟපාන තරුණ නවක නළුවා හඳුන්වා දෙන්න.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වකවානුවෙ මම ලයනල් වෙන්ට් රංග ශිල්ප ශාලිකාවෙ රංගනය සම්බන්ධව ඩිප්ලෝමාවක් හදාරන්න සම්බන්ධ වෙලා හිටියෙ. ඒ කාලෙ ලයනල්වෙන්ට් එකේ ලොකු ප්‍රතිසංස්කරණයක් වෙනවා. අපිට ඕනෑම අවශ්‍යතාවයකට එළියට යන්න  සිද්ධ වෙන්නේ ශාලාවේ ප්‍රධාන ආලින්දය හරහා. එක දවසක් පුහුණුවීම් නිමවෙලා ඒ ඇඳුම් ඇඳගෙනම මම එළියට දුවගෙන එනවා. එනකොටයි දන්නෙ…. එතන සිනමාවෙ ඉන්න සියලුම තරු එකතු වෙච්චි ලොකු උත්සවයක්. හරියට දිව්‍ය ලෝකයක් වගේ. කලබල වෙච්ච පාර මම ඔවුන් මැද්දෙන් දුවගෙන යනවා වටපිට බලන්නෙ නැතිව.“

“ මට එකපාරටම ඇහුනා මල්ලී කියලා කතා කරනවා. මම ඈතට ගිහින් ආපහු හැරිලා බැලුවා. මෙන්න විජය. ඒ වෙනකොට මම ඔහුගෙ හන්තානෙ කතාව බලලා තිබුණා. ඔහු ගැන දැනගෙන තිබුනා. ඒත් මට මේ අවස්ථාවෙ තමයි මුලින්ම ඔහුව හම්බවෙන්නේ පාසලෙන් පස්සෙ. “

විජය මගෙන් ඇහුව “මොකද බං මෙහෙ කරන්නෙ“ කියලා. මම කිව්වා නාට්‍ය පාඨමාලාවක් තියනවා. ඒකෙ පුහුණුවීම්වලට ආවා කියලා. විජය මට කියනවා “අල්ලා දාපන් බං ඔය නාට්‍යය. වරෙන් අපිත් එක්ක බයිස්කෝප් එකක රඟපාන්න. උඹට බැරිනම් බයිස්කෝප් එකක රඟපාන්න එකක් හදපන් අපට රඟපාන්න“ කියලා.

විහිලුවට වගේ උනත් විජය තමයි මගෙ ජීවිතේ පළමු කෙනා මට චිත්‍රපටයක රඟපාන්න ආරාධනා කරපු.   ඒ  හමුවීමෙන් පස්සේ අපි අතරෙ හොඳ බැඳීමක් ඇති වුනා. මම දිගටම ලයනල්වෙන්ට්ඩ් එකට එනවා.  මගෙ යාලුකමට විජය මාව බලන්න සතියකට සැරයක් දෙසැරයක් එවනවා.

මේ කාලයෙ විජය මාලනී එක්ක ආදර සම්බන්ධ ගොඩනැගෙන කාලෙ. සබකෝලය කුහුල එක්ක සමාජයෙ ප්‍රසිද්ධියෙ හැසිරෙන්න බෑ ඒ කාලෙ. ඉතින් ඔවුන්ගෙ සහායකයා වෙන්නෙ මම.  දෙන්නා ආදරනීය අවස්ථා සම්බන්ධීකරණය වෙන්නෙ මගෙ අතින්. විජය ඒ වකවානුවෙ ජනප්‍රියයි. මාව කිසිම කෙනෙක් දන්නෙ නෑ. ඉතින් මම සියලු දෙනා ගැවසෙන ලොකු සිනමා උත්සව, ප්‍රිය සම්භාෂණ අවස්ථාවලදි මාලනීගේ රියදුරා. ඔවුන් දෙදෙනා උත්සවයෙන් පසුව මුණගැහෙන තැනට මාලනීව එක්ක යන්නෙ මම. හරිම ප්‍රේමණීය සම්බන්ධයක් ඒක. සමහර දවස්වල ඔවුන් මුණ ගැහෙන වෙරළ තීරයක ඔවුන් දෙන්නට නිදහසේ කතා කරමින් ගත කරන්න දීලා මම වාහනේට වෙලා පැය ගණන් ඉන්නවා.“

තුන්දෙනාම හමුවන මුල්ම චිත්‍රපටය

අපි තුන්දෙනාම එකට රඟපෑවෙ ගංගා චිත්‍රපටයෙ. ඒ වකවානුවෙත් මම ලයනල් වෙන්ට්ඩ් යනවා. ඒ චිත්‍රපටයෙ තමයි රංගන ශිල්පීන් විදිහට මමයි විජයයි මාලනීයි එකට හමුවුනේ.

මේ වනවිට අපි අපූරු සහෝදර බැම්මකින් බැඳිලා. ඒ අවධියෙ විජය සහ මාලනී ප්‍රේමය උතුරා ගලන කාලය. මම ඔවුන් දෙපළගේ ආදරණීය සහෝදරයා. ඒ බැඳීම සෑම විටම ඇය මගෙම ලෙයින් උපන් සහෝදරිය කියන හැඟීම මට ලබා දුන්නා. එක් වකවානුවක රංගන ජීවිතයේ මගෙ ප්‍රේමණීයම නිරූපණයන් සිදුවුනේ මාලනී එක්ක. එහෙත් එක් ඇසිපිල්ලමක් හෙළීමෙන් හෝ ඒ බැඳීමට හානියක් කරන්න අපි දෙන්නම උත්සාහ කළේ නෑ. තවමත් ඇය කියන්නෙ සිනමා ජීවිතයේ ඇයගෙ ලොකු අයියා මා කියලයි. “

එක දවසේ මංගල උත්සව දෙකක සැලසුම

මේ සම්බන්ධය ගලාගෙන ගියේ ඉතාම අභව්‍ය හා අවාසනාවන්ත සිදුවීම් ගණනාවක් එක්ක.  ඒ වකවානුවෙ මගෙ අදහසක් තිබ්බා ප්‍රීතියි මමයි මාලනීයි විජයයි එක දවසෙ විවාහ වෙන්න. විජයගෙත් ඒ අදහස තිබ්බා. එක දවසේ පල්ලියෙ විවාහ  වීම අපි සැලසුම් කළා. ඒත් මොනව හරි සිදුවීමක් එක්ක ඒක පස්සට ගියා.

මේ අවසාන කථිකාව වෙන්නේ පෙම්බර මධු චිත්‍රපයෙ ෂූටින් දවස්වල. ෂූටින් අතර ලැබුණු විරාමයක දි විජය මම සහ මාලනී අපේ විවාහ ගැන සැලසුම් සකස් කරමින් හිටියා. එක සැරේම  දෙන්න අතරෙ නොරිස්සුමක් ඇති වුණා. ඒක දුර දිග ගිහින් ලොකු අමනාපයක් හදාගෙන මාලනී අඬන්න ගත්තා. විජය සද්ද නැතිව කට වහගත්තා. අපි එක දවසෙ  පල්ලියෙ විවාහ වෙනවා කියන හීනය හරි යන්නෙ නෑ කියලා මට හිතුනා. මුන් දෙන්න එක්ක බඳින්න හිටියොත් මටත් බඳින්න වෙන්නෙ නෑ කියලා මං හිතුවා. දෙන්නගෙ විවාහ සැලසුම තවත් කල් ගියා. මමයි ප්‍රීතියි බැන්දා.

මංගල්‍යය අවමංගල්‍යයකින් අවසන් වීම

මේ වෙනකොට ඔවුන් දෙන්නා ජීවත් වෙමින් සිටියෙ එකට. පාක් රෝඩ් එකේ ෆ්ලැට් එකක ඔවුන් දෙන්න හිටියා. ඒත් දිනෙන් දින කල් යමින් ඔවුන් විවාහය සැලසුම් කළා. මගෙයි ප්‍රීතිගෙයි විවාහය සිදුවෙලා අවුරුදු දෙකකින් විතර පස්සේ එක දවසක් උදේ මට පණිවිඩයක් ආවා. මම හිටියෙ දුර ඈතක ලොකේෂන් එකක. මට පණිවිඩය දුන්නෙ අර්නට්ස් වඩුගේ. මාව හොයලා හොයලා බැරිම තැන විජය අර්නට්ස්ව හම්බවෙන්න ගිහින් තිබුණා මට විජයගෙ සහ මාලනීගෙ මංගලෝත්සවය ගැන කියන්න.

අර්නට්ස් මට කිව්වෙ විජය ඇවිත් කිව්වා මාලනීගේ උපන්දිනේ අප්‍රේල් 30. එදාට විජය මාලනී දෙන්න විවාහ වෙනවා. ඉතාම සමීප කීපදෙනා විතරයි සහභාගී වෙන්නෙ. කොහොම හරි මට එන්න කියලා පනිවිඩේ කියන්න කිව්වා කියලා.

මට අප්‍රමාණ සතුටුයි. මේක අහලා මම ලොකේෂන් එකෙන් ආවෙ කුරුල්ලා වගේ. පහුවදා උදේම ඇඳගෙන මම ගියා විජයගෙ පාර්ක් රෝඩ් ගෙදරට. 8.30 වෙනකොට මම එතන. ඒත් මගුල් ගෙදරක් සම්බන්ධව කිසිම හෝඩුවාවක් නෑ. මම නැගලා උඩට ගියා. මාලනීගේ අම්මා කම්මුලට අත තියාගෙන ජනේලෙන් එපිට බලාගත් අතේ බලාගෙන ඉන්නවා.  මහා විස්සෝපයකින් ඉන්නෙ. එතකොට මාලනී ආවා ගේ ඇතුළෙ ඉඳන්. හරිම අපේක්ෂා භංග වෙච්චි ගමනකින් ආවෙ. ඇවිත් මට කතා කළා.

“ රවී… අපි අද බඳින්නෙ නෑ. විජයෙ අයියා අද පාන්දර නැතිවුණා“ කියලා. මම තිගැස්සුනා. මේචචර කාලයක් පෙරුම් පුරාගෙන හිටිය විවාහයක්. විජයගෙ අයියා, ඒ කියන්නෙ ජීවන්ගෙ තාත්තා සෑහෙන කාලයක් අසනීපයෙන් හිටියෙ.  විජය මාලනී දෙන්න කලින් දවසෙ රෑ හොස්පිටල් එකට ගිහින් අයියට වැඳලා ආශීර්වාද අරන් ඇවිත් තිබුණේ. ඊට පැය ගානකට පස්සේ තමයි ඔහු මැරුණ වග ආරංචි වෙලා තිබුණේ.

දෛවය හරිම පුදුමයි කියන්නෙ මේ සිදුවීම් එක්ක. ඔහු ගොඩක් කල් අසනීපෙන් හිටියෙ. ඇත්තටම මේ මරණය    තව පැය කීපයක් පහු උනා නම් බොහෝ දෙනෙකුගෙ ඉරණම වෙනස් වෙන්න තිබුණා. එහෙනම් විජය මාලනි විවාහය සිදුවෙනවා.  එහෙනම් ඔහු චන්ද්‍රිකා සමග විවාහය නොවෙන්න තිබුණා. ඔහුගෙ දේශපාලන ගමන මේ තරම් ප්‍රවේගකාරී නොවේන්න තිබුණා.  කොටින්ම විජය තවමත් අප අතර ඉන්න තිබුණා. ඒත් ඒ පැය කීපය රටේ දේශපාලන දිශානතියත් වෙනස් කළා කියලා අද මට හිතෙනවා.

එතනින් එහාට තිබුණෙ අවමංගල්‍ය සූදානමක්.   විජය මහපු මගුල් ඇඳුම තිබුණෙ මාලනීගෙ ගෙදර.    ඉතාම ලස්සන ඕෆ් වයිට් නැෂනල් සූට් එකක් ඔහු මහලා තිබුණා. ඒ මගුල් ඇඳුම අරන් අපි  රේමන්ඩ් එකට ගියා. අයියගෙ  දේහයට ඇන්දුවෙ ඒ විජයගෙ මගුල් ඇඳුම.

බොඩි එක ලෑස්ති කරනකම්   අපි මිදුලෙ හිටියෙ. පණිවිඩය ආවා දැන් දේහය සූදානම්. ඇවිත් බලන්න කියලා. විජය ඇතුළට ගියා. එලියට ඇවිත් පොඩි දරුවෙක් වගේ කෑ ගහලා ඇඬුවා. පාරේ බස්වල යන ජනෙල්වලින් බෙල්ල එළියට දාලා බැලුවා. ඔහු මහා ඛේදවාචක රැසක ආවේගය පිට කරගත්තෙ එහෙම.        මගුල්ගෙදරට ආපු මම අවමංගල කටයුතුක් කරලා ගෙදර ආවා..

 මේ සිදුවීමෙන් පස්සේ දෙන්නගෙ සම්බන්ධය ටික ටික ඈත් වුණා. මාලනී හරිම ශක්තිමත් ගැහැණියක්. ඇය විජයගෙ බොහෝ දේවල් දරාගෙන නිහඬව ක්‍රමයෙන් ඔහුගෙන් දුරස් වෙලා ඔහුට ඔහුගෙ ගමන යන්න හැරියා. නමුත් කවදාවත් දෙන්න එක වචනයකින් දෙන්නගෙ නුගුණක් පිටට කිව්වෙ නෑ.

මාලනීගේ දරා ගැනීම

එය මම දැක්කේ එක් තීරණාත්මක සිදුවීමක් එක්ක. ඒ දවස්වල මමත් මාලනීත් වැලිමඩ ෂූටින් එකක හිටියෙ. මම හැමදාම ගෙදර ඉඳන් ලොකේෂන් එකට යන්නේ. ඒ යන ගමන මම සරසවිය පත්තරයක් අරන් ගියා. අන්තිමට ලොකේෂන් එකට යන්නෙ මම. මම ඇත්තටම පත්තරේ පෙරලලා බැලුවෙ නෑ. මම ඒක මාලනී අතට දීලා අනිත් අයත් එක්ක කතා බහේ ඉන්නකොට මම දැක්කා ඇය පත්තරේ පෙරළනවා. එකපාරටම ඇය ගල්වුනා. පත්තරෙත් අරන් හිමින් මගෙ කාර් එකට ගියා. ගිහින් පිටිපස්සෙ සීට් එකේ ඉඳගත්තා. ගොඩාක් වෙලා බලාගත් අතම බලාගෙන හිටියා. මම පස්සෙ දැක්කෙ ඒ පත්තරේ පිරිලා තිබුණෙ විජයගෙ සහ චන්ද්‍රිකාගෙ මංගල ඡායාරූප වලින්.

ඇය ඒ දරාගනීම මාවත් කම්පනයට පත් කළා. මම වචනයක් ඇයගෙන් ඇහුවෙ නෑ, ඇයත් එක් වචනයක්වත් කිව්වෙ නෑ. ඒ කාලය ගතකරලා ඇවිත් ඇය කිසිම දෙයක් වුනේ නෑ වගේ ෆිල්ම් එකේ වැඩවලට එකතු වුනා.

වෙන්වීමෙන් පසු

වෙන් වුණු පසුත් ඔවුන් කාටවත් පරිභව කරගත්තෙ නෑ. දෙන්නට ගෞරව කළා. ඒක ගැඹුරු අධ්‍යාත්මකි බැඳීමක්. ඒ බැඳීම මොකක්ද කියලා මං හිතන්නෙ දෙන්නටම වැටහෙන්න ඇත්තෙ වෙන් වුනාට පස්සේ. මම ඒ ගෞරවණිය බැඳීමට හැමදාම ගරු කරනවා.

අනතුරුව මාලනී ඇගේ ජීවිතේ වෙච්චි හැම හැල හැප්පීමක්ම සහෝදරයෙක් විදිහට මාත් එක්ක පුලුවන් ප්‍රමාණයෙන් බෙදා ගත්තා. විජයගෙ මරණය අපි කාටවත් දරාගන්න පුලුවන් සිදුවීමක් වුනේ නෑ. ඔහුගෙ මරණය ආරංචි වෙනකොට මම හිටියෙ මැණික් කුරකුලසූරිය එක්ක ෆොටෝ ෂූට් එකක. මරණයේ ආරංචිය අරන් ආවෙ වේශ නිරූපණ ශිල්පී ලලිත් ධර්මවර්ධන. ඒ මොහොතෙ මතකය මාව තවතමත් කම්පා කරනවා.

ආදරයේ, මනුෂ්‍යත්වයේ සාධනීය වටිනාකම් වඩාත්ම දැනෙන්නෙ ඒ සියලු දේ අත්හැරෙන මොහොතෙ.  මේ සියලු අතීත ආවර්ජනා අතරෙ දෛවයේ පුදුමාකාර හැසිරීම් රටාව ගැන මම තවම කල්පනා කරනවා.

– උපුටා ගැනීම  රසඳුන-

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

එන්නත් ඉල්ලුව ආයුර්වේද වෛද්‍යවරුන් යළි බුද්ධිමය විවරණයක් කර ගත යුතුයි…

Next Post

ඊශ්‍රයාලය කොවිඩ් සඳහා එන්නත වෙනුවට ඉන්හෙලරයක් සොයා ගනී…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.