බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටි කතා තරගයේ අවසන් 28ට තේරුණ අපේ කෙටිකතා කාරියන් දෙදෙනා…

by editor
අප්‍රේල් 18, 2023
in කලා
Share on FacebookShare on Twitter

බීබීසි –

 2023 පොදු රාජ්‍ය මණ්ඩලීය කෙටි කතා තරගාවලියේ අවසන් නිර්දේශිත ලේඛකයින් 28 දෙනා අතරට ශ්‍රී ලාංකික ලේඛිකාවන් දෙදෙනෙකු ඇතුළත් වී තිබේ.

ඒ, කොළඹ පදිංචි වී සිටින රුක්ෂානි විජේසූරිය විජේමාන්න සහ නවසීලන්තයේ වෙසෙන හිමාලි මැකින්ස් යන දෙදෙනා ය.

මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාගේ ම අදහස් විමසීමට බීබීසී සිංහල සේවයට හැකි විය.

පොදු රාජ්‍ය මණ්ඩලීය කෙටි කතා තරගාවලිය යනු කුමක් ද?

පොදු රාජ්‍ය මණ්ඩලීය කෙටි කතා තරගාවලිය යනු පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල ලේඛක ලේඛිකාවන්ගේ පළ නොකළ කෙටි කතා අතරින් විශිෂ්ටතම කෙටි කතාව සඳහා පිරිනැමෙන ජාත්‍යන්තර සාහිත්‍ය ත්‍යාගයකි.

එහිදී කලාපීය වශයෙන් ජයග්‍රහණය කරන ලේඛකයාට හෝ ලේඛිකාවට ස්ටර්ලිං පවුම් 2500ක මුදල් ත්‍යාගයක් සහ සමස්ත ජයග්‍රාහකයාට ස්ටර්ලිං පවුම් 5000ක මුදල් ත්‍යාගයක් පිරිනැමේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මෙවර තරගාවලිය සඳහා රටවල් 58ක් නියෝජනය කරමින් කෙටි කතාකරුවන් 6600 දෙනෙකු ඉදිරිපත් වී සිටි බව පොදුරාජ්‍ය මණ්ඩලීය පදනම පවසයි.‍‍

ඒ අතරින් හොඳ ම නිර්මාණකරුවන් 28 දෙනා අතරට ඉහත සඳහන් කළ ශ්‍රී ලාංකික ලේඛිකාවන් දෙදෙනා තෝරාගෙන ඇතැයි පොදුරාජ්‍ය මණ්ඩලීය පදනම නිවේදනය කර තිබේ.

2012 වසරේදී ආරම්භ කරන ලද මෙම තරගාවලියේදී මෙතෙක් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට පොදුරාජ්‍ය මණ්ඩල කෙටි කතා ත්‍යාගය හිමි වී නැත.

  • රුක්ෂානි විජේසූරිය විජේමාන්න

රුක්ෂානි

රුක්ෂානි විජේසූරිය විජේමාන්න මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් කළේ,‘Principles of Accounting’ නමැති කෙටිකතාව ය.

“Principles of Accounting කෙටිකතාවේ වස්තු විෂය වෙන්නේ අමිහිරි අතීතයක් තිබෙන, ප්‍රතික්ෂේප වීම්, අසාර්ථක වීම් චක්‍රයකට හසු වෙලා ඉන්න තරුණයෙක්. ඔහුට කොතරම් වුවමනා වුණත් මේ චක්‍රය කඩලා ඉන් එළියට එන්න, ඔහුට මග හැරුණු දෙයක් තියෙනවා. ඔහු දන්නේ නැහැ ඒ මග හැරුණු දෙය මොකක් ද කියලා.

මේ කතාවෙන් දෙන්න උත්සහ කරන මූලික පණිවිඩය තමයි, “හැම පුද්ගලයෙකුට ම අතීතයක් තියෙනවා. ඒ ඒ පුද්ගලයා අද යම් විදියකට ඉන්නවා නම්, ඒකට හේතුව ඒ අතීත කතාව. මම දකින්නේ මේ කතාව බලාපොරොත්තුවක් ගෙන එන කෙටි කතාවක් ලෙස. මොක ද එයින් පෙන්නනවා, පුද්ගලයෙක් අසාර්ථක වෙන්න පුළුවන්, හීන බිඳිලා යන්න පුළුවන්, තනි වෙන්න පුළුවන්, ශෝකය, අපචාර, ඇබ්බැහිවීම් නිසා විඳවනවා වෙන්න පුළුවන්. මේ සියලු දේවල් වුණත් නොහිතන වෙලාවකදී ඒ පුද්ගලයාට යලිත් බලාපොරොත්තුව මුණ ගැසෙන්න ත් පුළුවන්,” රුක්ෂානි සිය කෙටිකතාව පිළිබඳ කෙටි හැඳින්වීමක් කළේ එලෙසිනි.

රුක්ෂානි පොදුරාජ්‍ය මණ්ඩල කෙටි කතා තරගාවලියට ඉදිරිපත් වූයේ කෙසේ ද?

“2018 දී මම අහම්බෙන් ෆේස්බුක් පෝස්ට් එකක් දැක්කා ලේඛකයින් සඳහා වූ වැඩමුළුවක් පිළිබඳව. එය Gratiaen Trust පදනම ‘Commonwealth Writers’ සමග එකතු වෙලා සංවිධානය කරපු වැඩමුළුවක්. (පසුකාලීනව ‘Commonwealth Writers’ ‘Commonwealth Foundation Creatives’ කියලා වෙනස් වුණා).

මම ඊට කලින් Commonwealth Writers ගැන අහලා තිබුණේ නැහැ. ඉතින් මං ඒ ගැන හොයලා බලද්දී දැන ගන්න පුළුවන් වුණා, එය පොදුරාජ්‍ය මණ්ඩලීය පදනමේ සංස්කෘතික අංශයට අයත් බව. පොදුරාජ්‍ය මණ්ඩලය පුරා සිටින ලේඛකයින් ගොඩ නැංවීමේ අරමුණින් ක්‍රියා කරන බව ත් මං දැන ගත්තා. ඒ වැඩමුළුව සංවිධානය කරලා තිබුණේ ඒ වෙනකොට අත්පිටපතක් මත වැඩ කරන ලේඛකයින්ට. මගේ ළඟ ඒ වෙන කොට අත්පිටපතක් තිබුණේ නැහැ. ඒත් මං ඕනි දෙයක් කියලා වැඩමුළුවට අයදුම් කළා.

සති කිහිපයකට පස්සේ වැඩමුළුවට සහභාගි වෙන්න මාව තෝරා ගත්තා කියල ඊමේල් එකක් ලැබුණා ම මට ලොකු සතුටක් දැනුණා. මේ කාලේදී තමයි මට පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටි කතා සම්මානය ගැන දැන ගන්න ලැබුණේ. 2018 ඒ වැඩමුළුවේ සැසිවාරයක් පැවැත්වුණා. ඒ අතරතුර තමයි දැන් නිර්දේශ වෙලා තියන Principles of Accounting කෙටි කතාව ගැන අදහසක් මගේ හිතට මුලින් ම ආවේ. අවසානේදී දැන් තියෙන තැනට මේ කෙටි කතාව ගේන්න, ලේඛිකාවක් වශයෙන් මාව දියුණු කර ගන්න ත් කෙටි කතාව ලස්සනට ලියන්න ත් ලොකු කාලයක් සහ ශ්‍රමයක් වැය කළා.”

කොළඹ පදිංචි වී සිටින රුක්ෂානි කොල්ලුපිටිය මෙතෝදිස්ත විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.

“අපේ පවුල ආදරෙන් බැඳුණු හරි ම සමීප හය දෙනෙකුගෙන් යුතු පවුලක්. මම තුන් වෙනියා. මම යි අක්ක යි දෙන්න ම ගියේ කොල්ලුපිටිය මෙතෝදිස්ත විදුහලට.”

“මට පොඩි කාලේදී දරා ගන්න අපහසු සංවේගජනක සිදුවීම් ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒවාගේ ප්‍රතිඵලයක් හැටියට මම කියවීමට හා ලිවීමට යොමු වුණා. විශේෂයෙන් මගේ අයියාගේ වියෝව; අයියා නැති වුණාට පස්සේ තමයි මම විවිධ දේ ලියන්න නැඹුරු වුණේ. මුල් කාලයේ මං ලියපු ගොඩක් දේවල්වල විෂය වස්තුව වුණේ මගේ අයියා. අයියා නැති වෙලා අවුරුදු දෙකකට පසුව මගේ පුංචි මල්ලි නැතිවීම හදවතට දරා ගන්න බැරි වේදනාවක් වුණා.”

“මගේ තාත්තා යුද්ධ හමුදා නිලධාරියෙක්. කොළඹ ජීවත් වුණු බොහෝ දෙනෙකුට වඩා වෙනස් ජීවිතයක් අපිට තිබුණේ. විශේෂයෙන් එක්දාස් නවසිය අසු අනු ගණන්වලදී. මං ජීවත් වුණ වපසරිය ගොඩක් වෙනස්. ගොඩක් වෙලාවට ලොකු තනිකමක් දැනුණා. පිටතින් පේන්න තිබුණට වඩා ජීවිතේ ඇතුළත බොහෝ අසීරු වුණා. ඒ තත්ත්වයන්ට මං මුහුණ දුන්න එක ක්‍රමයක් වුණේ කියවීම සහ ලිවීම.”

“2000 වර්ෂයේදී මගේ තාත්තා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගත්තට පසුව අපි පකිස්තානයේ ඉස්ලාමාබාද්වල පදිංචියට ගියා. අපි ඉස්ලාමාබාද්වල අවුරුදු කිහිපයක් ජීවත් වුණා. මේ වන විට මම නව යොවුන් වියේ අග භාගයේ සිටියේ. හැම ඉරිදාවක ම උදේට මගේ පවුලේ හැමෝම පල්ලි යනවා. මගේ උසස් පෙළ විභාගයට මාස කිහිපයකට කලින්, එක ඉරිදාවක මගේ පවුලේ අය යි මාව යි පල්ලියේදී බිහිසුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට හසු වුණා. ඒ ඇති වෙච්ච කම්පනයට කැළඹීමට මං මුහුණ දුන්න ප්‍රධාන ම ක්‍රමයක් වුණේ විවිධ දේ ලිවීම.”

“මම ඉස්ලාමාබාද්හිදී උසස් පෙළ විභාගය සඳහා ඉංග්‍රීසි සාහිත්‍යය, දේශපාලන විද්‍යාව සහ නීතිය හැදෑරුවා. මට ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීමට වුවමනා වුණ ත් ඒ සඳහා අවශ්‍ය අවකාශය ඉස්ලාමාබාද්වල තිබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මම ලන්ඩන් විශ්වවිද්‍යාලය හරහා නීතිය හැදෑරුවා. පසුකාලීනව ලන්ඩන් කිංග්ස් කොලේජ්හි ජාත්‍යන්තර පොදු නීතිය පිළිබඳ පශ්චාත් උපාධිය හැදෑරීමට ලන්ඩනයට ගියා. නැවත කොළඹට පැමිණ නීතීඥවරියක ලෙස දිවුරුම් දීමෙන් පසු මම වසර ගණනාවක් කොළඹ ප්‍රසිද්ධ නීති ආයතනයක වාණිජ සහ සමාගම් නීති අංශයේ සේවය කළා. මම නීතියේ ශාස්ත්‍රීය පැත්තට ගොඩක් ආසා කළා. රස වින්දා. නමුත් ඇත්ත ම කිව්වොත් නීති වෘත්තියේ රැඳී ඉන්න මට දිගුකාලීන සැලැස්මක් තිබුණේ නැහැ.”

ඔබේ අනාගත බලාපොරොත්තු මොනවා ද?

මම දිගට ම ලේඛන කටයුතුවල නියැලෙන්න බලාපොරොත්තු වෙනවා. කතන්දර කීම තුළින් විවිධ පුද්ගලයින්ගේ ජීවිත ස්පර්ශ කරන්න, ජීවිතවලට එළියක් ගේන්න මට උවමනා යි. මම සමහර වෙලාවට හිතනවා මට සිංහල භාෂාව හොඳින් පුළුවන් වෙලා දමිළ භාෂාව ත් පොඩ්ඩක් පුළුවන් වුණා නම් කියලා. අවාසනාවකට භාෂා ගැටලුව නිසා බෙදා හදාගෙන විඳින්න බැරි අත්දැකීම්, අදහස් සමුදායක් තියෙනවා ශ්‍රී ලංකාවේ. මේ තත්ත්වයට විකල්පයක් වශයෙන්, මගේ කෘති හැකි පමණින් සිංහල සහ දමිළ භාෂාවට පරිවර්තනය කිරීමට මට අවශ්‍ය යි.

මේ කතා කරන මොහොත වෙන විට ත් මම ලියූ ළමා කතාවක් වන Mr Choon Paan සහ ෂෝර්ට් ලිස්ට් වෙලා තියෙන ‘Principles of Accounting’ සිංහල භාෂාවට පරිවර්තනය වෙමින් පවතිනවා. මම කැමති ජාතියක් වශයෙන් කාලය ත් එක්ක එය දෙමළ භාෂාවට ත් පරිවර්තනය කරන්න මම බලාපොරොත්තු වෙනවා, මේ ෂෝර්ට් ලිස්ට් වීමේ සතුට සියලු දෙනා සමග බෙදා ගෙන අත්විඳින්න,” රුක්ෂානි පැවසීය.

  • හිමාලි මැකින්ස්

 මෙම තරගාවලියේ අවසන් 28 දෙනා අතරට තේරී පත් වී සිටින හිමාලි මැකින්ස් ශ්‍රී ලංකාවේ උපත ලබා පසුව නවසීලන්තයේ පදිංචියට ගිය අයෙකි.

හිමාලි

ඇය මෙම තරගාවලියට ඉදිරිපත් කළේ, ‘Kilinocchi’ නමැති කෙටි කතාව යි.

“මගේ කිලිනොච්චි කෙටි කතාව ශ්‍රී ලංකාව සහ නවසීලන්තය පාදක කරගෙන නිර්මාණය කර තිබෙනවා. අනන්‍යතාව, බිඳ වැටීම් සහ අයිතීන් අතරින් අපේ ජීවිත හැඩ ගැසෙන ආකාරය ගැන තමයි මේ කෙටි කතාවේ වස්තු විෂය වෙලා තියෙන්නේ,” හිමාලි පැවසීය.

ඇය මේ වන විට නවසීලන්තයේ ඔක්ලන්ඩ්හි වෛද්‍යවරියක ලෙස සේවය කරන්නී ය.

ඇය ලෝකයේ රටවල් කිහිපයක වාසය කර ඇත ත්, ශ්‍රී ලංකාවේ පදිංචි වීමට කැමැත්තෙන් සිටිය ද එක්තරා අමිහිරි අත්දැකීමක් නිසා ඇයට ශ්‍රී ලංකාවේ වාසය කිරීමේ ආශාව අත්හැරීමට සිදුවූ බව ඇය පැවසීය.

“මම ඉපදුණේ කොළඹ. මගේ වයස අවුරුදු එකේදී මගේ පවුල මැලේසියාවේ පදිංචියට ගිහින් තිබුණා. මට වයස අවුරුදු 8දී ආපහු අපි ශ්‍රී ලංකාවට ඇවිත් දෙහිවල ගෙදරකුත් හැදුවා. ඊට පස්සේ සිවිල් යුද්ධය ආරම්භ වුණ නිසා අපි පැපුවා නිව්ගිනියාවලට ගියා.

ඊට පස්සෙ මගේ වයස අවුරුදු 15දී තමයි නවසීලන්තයට ආවේ. මම ශ්‍රී ලංකාවට ගොඩක් ආදරේ කළා. ඒත් සිවිල් යුද්ධය නිසා මට ශ්‍රී ලංකාව අතහැර එන්න වුණා. ඒත් මට හැම දා ම වුවමනා වුණේ, ශ්‍රී ලංකාවේ ජීවත් වෙන්න යි.

ඒත් අවුරුදු 13දී ඒ ආශාව වෙනස් වෙන සිදුවීමක් වුණා. ඒ තමයි මගේ සීයාගේ ගෙදර ගේට්ටුව ළඟ තිබුණ පිළිස්සුණු මළ සිරුරක් දැකීම. ඒ මළ සිරුරේ බෙල්ලට ටයර් එකක් දාලා පුච්චලා තිබුණා. මට එදා ඉඳලා ශ්‍රී ලංකාවේ ජීවත් වීමට තිබුණ ආශාව නැති වුණා.”

හිමාලි නිර්මාණකරණයට යොමු වුණු ආකාරය ගැන පැහැදිලි කළේ මෙලෙසිනි.

“මම ලියන්න පටන් ගත්තේ පුංචි කාලේ ඉඳලා ම යි. ඒත් වෛද්‍යවරියක වෙන්න මට තිබුණ ආශාව නිසා ලියන එක අවුරුදු කිහිපයක් මග හැරුණා. වෛද්‍යවරියක ලෙස පූර්ණ කාලීනව රැකියාවේ නිරත වෙද්දී තවත් වෙලාව මදි වුණා. “

“පස්සේ මම ලියන්න අවශ්‍ය වෙලාව හොයා ගන්න පූර්ණ කාලීන රැකියාවෙන් ඉවත් වෙලා අර්ධ කාලීනව රැකියාවේ නිරත වෙන්න තීරණය කළා. දැන් මට ලියන්න වෙලාව තියෙනවා.”

කෙටි කතා එකතුවක් සහ නව කතාවක් ප්‍රකාශයට පත් කිරීම හිමාලිගේ අනාගත බලාපොරොත්තු අතර ප්‍රමුඛස්ථානයේ පවතී.

ඇයගේ නිර්මාණ සඳහා භාවිත කිරීමට ඇය කැමති ආඛ්‍යාන ශෛලිය වන්නේ ‌ඓන්ද්‍රජාලික යථාර්ථවාදය (Magical Realism) යි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වෙරි පිට සර්පයෙක් කරේ දමාගෙන ගිය පුද්ගලයෙක් සර්පයා දෂ්ඨ කර මරුට…

Next Post

ජනපති උපදෙස් මත සංවිධානයවන රටේ දැවැන්තම බක් මහ උළෙල “වසත් සිරිය 2023”  තරග සඳහා අයදුම්පත් කැඳවෙයි…

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.