අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

නිර්මාණයට සාධාරණයක් නොවෙනවා නම් මා ඔහුගේ පුතාවීම ඔහුට අදාළ නෑ…

“නන්නත්තාර “ පොල් අඩියා - උවිඳු සඳකත් මහගම්ආරච්චි තාත්තා ජයන්ත චන්ද්‍රසිර ගැන කියන කතාව....

by editor
ජනවාරි 6, 2023 - Updated on ජනවාරි 7, 2023
in කලා
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල – 

  • මගේ රංගනය සතුටුදායක නොවන තැනදී, ඔහුට මම පුතා කියාවත් අදාළ වුණේ නැහැ. ජයන්ත චන්ද්‍රසිරිගේ පුත් උවිඳු සඳකත් මහගම්ආරච්චි…

“නන්නත්තාර” මේ දිනවල බොහෝ අයගේ කතා බහට ලක් ව තිබෙන ටෙලි නාට්‍යයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. වෙද හාමිනේ, දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා වැනි ටෙලි නාට්‍ය ද සමනල සන්ධ්වනි, ඝරසරප වැනි සිනමාපට අධ්‍යක්ෂණය කළ ජයන්ත චන්ද්‍රසිරි නම් වූ විශිෂ්ට නිර්මාණකරුවා අතින් බිහිවූ තවත් සුවිශේෂ පර්යේෂණාත්මක නිර්මාණයක් වන “නන්නත්තාර” එක් අතකින් පාතාලයේ ගැඹුර පීරා යද්දී තවත් අතකින් සංවේදනාවේ පතුල පිරිමදින්නා වූ අපූර්ව කලා කෘතියකි.

මෙහිදී නවක හා තරුණ රංග ශිල්පීන් විශාල පිරිසකට සිය කුසලතා විවර කර ගැනීමට ද අවකාශ සැලසුණි. ඒ අතර උවිඳු සඳකත් මහගම්ආරච්චි විශේෂ වන්නේ ඔහු රඟන “පොල් අඩියා” නම් චරිතය නිසා ම නොව ඔහුගේ සිනහාව, දෑස්, මුව, කතා විලාසය දුටු සැනින් ජයන්ත චන්ද්‍රසිරි ගේ යම් පිළිබිඹුවක් සහෘද මනසේ මැවෙන බැවිනි.

ඔහු ජයන්ත චන්ද්‍රසිරිගේ පුතාය. මේ ඉඩහසර ලංකාසර ඔහු වෙත වෙන් කරන්නේ උවිඳු සහ ජයන්ත චන්ද්‍රසිරිගේ පිය පුතු ඥාතිකම නිසා නොවේ. දේශීය විදග්ධ කලාවෙහි දිශානතිය මේ යොවුන් ශිල්පියා විසින් යම්තාක් දුරකට සලකුණු කරන අයුරු පෙනෙන බැවිනි.

මේ කතාබහ උවිඳු සඳකත් මහගම්ආරච්චි සමගිනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මම කොළඹ ඩී. එස්. සේනානායක විදුහලෙන් මූලික අධ්‍යාපන ලබාගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා ඉංග්‍රීසි විෂය පිළිබඳ විශේෂවේදී ගෞරව උපාධිය ලබාගත්තා.“

“ක්‍රීඩා හැටියට වූෂූවල සන්දා සටන් කලාව සහ Mixed martial arts ටිකක් විතර ඉගෙනගෙන තියෙනවා. චිත්‍ර කතා සහ චිත්‍රපට රචකයෙක්, කවියෙක් සහ ඩිජිටල් චිත්‍ර ශිල්පියෙක් හැටියට මම කටයුතු කරනවා.“

“පර්යේෂණාත්මක සහ ගවේෂණ පැත්තෙන් මගේ හිත යන ඕනේ දෙයක් ගැන මම තව තවත් හොයනවා. විනෝදෙට වගේ මම කලාත්මක කටයුතුවල නියැලෙන අතර ම වීඩියෝ ගේම්ස් ගහනවා. අලුත් මාධ්‍ය රසවිඳීමටත් මම හරි කැමතියි.“

“කාලය ඇති පමණට පොත් කියවනවා. හැබැයි, academic articles කියවන්න වැඩියෙන් කැමති යි. Science fiction සහ සරලව, සාමාන්‍ය ජනතාවට ලියවුණු STEM news articles කියවනවා.“

“Animation, Interactive Media වගේ ඩිජිටල් මාධ්‍යවලට කතාන්දර සපයනවා. “

“මේ දවස්වල මගේ යාළුවො එක්ක එකතු වෙලා PRUVE එකෙන් කරපු Marine Drive චිත්‍රපටයේ සංස්කරණ කටයුතු කරනවා. ගොඩාක් දුරට ඒකේ වැඩ කටයුතු අවසානයි.“

“ඉගෙන ගත්ත දේවල්වලින් ජීවත් වෙන හැම මොහොතක ම ප්‍රයෝජන ගන්නවා. විශේෂයෙන් සාහිත්‍යයෙන් ලැබුණු Critical analysis skill එක මට මගේ වැඩවලදි ලොකු සහායක් වෙනවා.“

උවිඳු ස‍ඳකත්ට මේ දිනවල සමාජ මාධ්‍ය ජාලවලින් නම් දිගින් දිගටම ප්‍රතිචාර ලැබෙමින් ඇත. ඒ අතර විවේචන මෙන්ම ද්වේශ සහගත ප්‍රකාශනද ඇතුළත්ය. මේ පිලිබඳ විමසුවෙමි.

“සමාජ මාධ්‍යවල ඉන්න සමහර අයෙක් බනිනවා වෙන්න පුලුවන්. මම හදපු YouTube වීඩීයෝ එකක තිබ්බ අදහස් ගොන්නකට තමයි අකමැති වෙලා තියෙන්නේ. ඒක ඉතින් අදහස් කියන ස්වභාවය යි. කොච්චර තර්කානුකූල තැනකින් ආවත්, ප්‍රති තර්කයක් හැම තිස්සෙම එනවා. ඒක නරක දෙයක් නෙවෙයි. එහෙම තමයි අදහස් තියුණු වෙන්නේ. “

“මට එල්ලවන විවේචන ඔක්කොම මම කියවනවා. තර්කයක් නැති විවේචන වම් පැත්තෙන් අරන්, දකුණෙන් විසි කරනවා. හොඳ තර්කයක් තිබ්බොත්, ඒක විතරක් ඔළුවට දාගෙන ඉස්සරහට යනවා. තේරුමක් ඇති විවේචනවලින් ලොකු පන්නරයක් ලබනවා.“

නන්නත්තාර ඔහුගේ පළමු රංගනය නොවේ. උවිඳු ඉන් පෙර රංගනය සම්බන්ධව යම් අභ්‍යාසයක් සහිත තරුණයෙකි. ඔහු “නන්නත්තාර“ නිර්මාණයේ පොල් අඩියා චරිත රූපණය සම්බන්ධව සිය අත්දැකීම අප සමග බෙදා ගත්තේය.
“නන්නත්තාර” රඟපාන්න කලින් මම කෙටි චිත්‍රපටවල ප්‍රධාන චරිතයකත්, චිත්‍රපටවල සුළු චරිතවලටත් රංගනයෙන් දායක වෙලා තියෙනවා.

‘පොල් අඩියා’ කියන්නෙ, මම වගේ ම ලොකුවට සටන් කලාව බැරි, හැබැයි දන්න චුට්ටෙන් එයාගෙම සටන් කලාවක් හදාගෙන කොහොම හරි අවස්ථානුකූලව ගැටුම්කාරී තත්ත්වයන් මග හැරගන්න දක්ෂ කෙනෙක්.

“ ‘පොල් අඩියා’ දර්ශන කිහිපයක පමණක් ඉන්න සුළු චරිතයක් වුණත් මම ඒකට ශාරීරික ව සූදානම් වුණා. දර්ශනයට සති දෙකකට කලින් මානසික ව සූදානම් වුණා. මම මේ චරිතය පහසුවෙන්, ලිහිල් ව රඟපෑවා.“

“ මීට කලින් ටෙලි නාට්‍යයක රඟපාලා නැති නිසා හැම කෙනෙක් ම හරිම සුහදව මට උදවු වුණා. ඒ ගොල්ලන්ගෙන් දැනගන්න ඉගෙනගන්න දේවල් ගොඩක් තිබුණා. ඒවා අහලා දැනගත්තා.“

“මගේ දර්ශනයේ හිටියේ නැතත් විශේෂයෙන් මට සහයක් වුණේ මගේ මිත්‍රයා මේඝ සූරියආරච්චි යි.“

“ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ, රඟපෑම තිතටම ඉල්ලන කෙනෙක්. ඒ වගේ ම එයාට අවශ්‍ය චරිතය නළු නිළියන්ගෙන් එළියට ගන්න අවශ්‍ය දත්ත ටිකත් තිතට ම සපයන කෙනෙක්. ඉතින් මම අධ්‍යක්ෂට අවශ්‍ය දේ අහලා දැනගෙන, මගේ රංගන ආභාසයත් එකතු කරලා, සතුටුදායක තත්ත්වයෙන් චරිතයට පණ පෙව්වා.“

“ගොඩක් අය දන්නේ නැති කරුණක් තමයි, අධ්‍යක්ෂ මගේ පියා වෙච්ච පමණට මට කිසිම වෙනස්කමක්වත්, වාසියක්වත් තිබුණේ නෑ කියන එක. අනිත් හැමෝම වගේ, මටත් චරිතය ඉල්ලලා , audition එකට යන්න සිද්ධ වුණා. අනිත් අය හැමෝම වගේ මටත් අධ්‍යක්ෂවරයාට සතුටුදායක රංගනයක් audition එකේදී දෙන්න සිද්ධ වුණා. ජයන්ත චන්ද්‍රසිරි මගේ තාත්තා නිසා මම දැනන් හිටපු දෙයක් වේ නම්, ඒ, මගේ රංගනය සතුටුදායක නොවන තැනදී, ඔහුට මම පුතා කියාවත් අදාළ වුණේ නැහැ. අධ්‍යක්ෂකවරයාගේ පුතා වුණා කියලා මට අපහසුතාවයක් ඇති වුණෙත් නෑ.“

“ජයන්ත චන්ද්‍රසිරි මට අනුව ලංකාවේ සිටිනා හොඳ අධ්‍යක්ෂවරයෙක්. ඒත් ඔහු ලංකාවේ එදා මෙදා තුළ සිටි හොඳම තිර පිටපත් රචකයා යි. ගැඹුරු මානුෂීය හැඟීම් සරල සිංහලයට හැරීම කලාවක් නම්, ඔහු ඔහුගේ කාලයේ ඩාවින්චි.“
උවිඳු සිය තාත්තා සමග ඇති සමීප සම්බන්ධතාවය ගැනත් කතා කළේය.

“මට මගේ පියා සමග ඇති සබඳතාවය, ගොඩාක් සුහද, මිත්‍රශීලී එකක්. අපි හැමදෙයක් සම්බන්ධයෙන් ම එකඟ වෙන්නේ නෑ. ඒත් තර්කානුකූල ව පරිණතභාවය තියාගෙන වාද විවාද කරනවා.“

“පවුලක් හැටියට, මගේ අක්කලා දෙන්නා, අම්මා ඇතුලුව තාත්තා සහ මම අනුගමනය කරන්නේ එක ළඟ ජීවන දැක්මක්. සරළව ම කියනවා නම් ජීවිතේ කෙටියි, ආදරෙන්, සාමදානෙන්, ඉන්න ටික ඉන්න ඕනේ. අපි හැමෝම හිතන්නේ එහෙමයි. “

උවිඳු කීවේ ය

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවර ETF ලොක්කාට මාසෙත් එක්ක දිනේ මාරු වෙලා… පැමිණිල්ලක් විභාග කරන්න දුරුතු පෝය දවසේ පුද්ගලයෙක් කාර්යාලයට කැඳවලා…

Next Post

නිල කාලය අවසන් වූ ඌව පළාත් සභාවේ සභාපති සහ කාර්ය මණ්ඩලය ලක්ෂ 345ක පඩි අරන්… විගණනය හෙළි කරයි…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.