බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

දේශපාලකයන්ව හුරතල් කළේ නෑ… දරුවො එක්ක බඩගින්නෙ හිටියා…

“තණමල්විල කොල්ලා“ කතා කරයි...

by editor
මැයි 24, 2020
in කලා
Roshan Ravindra

රොෂාන් රවීන්ද්‍ර

Share on FacebookShare on Twitter

ෂර්ලි සමරසිංහ-

මේ දිනවල විකාශනය වන “තණමල්විල කොල්ලෙක්” ශ්‍රව්‍ය දෘශ්‍ය ටෙලි සිත්තම  වෙනස්ම ආරක නිර්මාණයක්. එය අධ්‍යක්ෂණය කරන්නෙ මෙතෙක් කල් විශිෂ්ඨ රංගන ශිල්පයෙක් ලෙස සහෘදයන් වෙනත් මානයක් කරා රැගෙන ගිය රොෂාන් රවීන්ද්‍ර…  අද අප සංවාදයට එක් වෙන්නෙ ඒ විශිෂ්ඨ රංගධර අධ්‍යක්ෂ වරයා සමගයි.

  • අධ්‍යක්ෂකවරයකු ලෙස ප්‍රවේශ වීමට රූපවාහිනී මාධ්‍යය තෝරා ගත්තේ ඇයි ?

කලාව කියන්නේ මිනිසුන්ගේ චින්තනය දියුණු කරන්න පුළුවන් මාධ්‍යයක්.  ආචාර්ය ධර්මසේන පතිරාජ “කඩුල්ල” ටෙලි නාට්‍යය නිර්මාණය කරනවා .ඊට පස්සේ අශෝක හඳගම, ප්‍රසන්න ජයකොඩි වගේ තවත් නිර්මාණකරුවෝ මෙම  මාධ්‍ය තුළ නිර්මාණාත්මක වැඩ කරන්න උත්සාහ කරනවා. ඔය අතර ටෙලිවිෂන් එක පෞද්ගලික මාධ්‍යයක් විදිහට ජනප්‍රිය කරවගන්න එක්තරා නාලිකාවක් ඉන්දියානු ටෙලි නාට්‍ය අපේ සමාජයේ පැලපදියම් කරන්න මූලික වෙනවා. මේක සාහසික අපරාධයක්. එය වර්තමානයේ හෝ නිවැරදි කළ යුතු කාරණාවක්.

එතනදි හුදු ව්‍යාපාරික අරමුණක් වෙනුවෙන් සමස්ත සමාජ සංස්කෘතියම හෝදා පාළුවට ලක් වුණා. ටෙලි නාට්‍ය මාධ්‍ය අවගමනයකට ගෙන එන්න මේ කාරණාව එක්තරා ආකාරයකින් හේතු වූ බව මගේ පෞද්ගලික මතයක්. ඒ වගේම මේගා රැල්ල ගැන මේ රටේ කතා කළ පිරිසම මෙගා නාට්‍ය නිර්මාණත් කළා. අර්බුදය තවත් අර්බුදයටම ගියා. අඩු මූල්‍ය පිරිවැයකින් බාල නාට්‍යයක් කරන්න මේ නාලිකා බොහොමයක්ම ඉන් පසු කටයුතු කළා. මගේ දරුවන් දෙදෙනා දැන් අවුරුදු දාහතරක්. මේ අවුරුදු දාහතරට මගේ දරුවෝ හොඳ  නිර්මාණයක් නරඹලා නෑ.

දරුවන්ගේ රස වින්දනය සඳහාවත් හොඳ නිර්මාණ බිහිවිය යුතුයි. සමාජයේ දියුණුවට මිනිසාගේ දියුණුවට රසවින්දනය වඩාත් වැදගත්. මම ටෙලිවිෂන් එක තෝරගන්නේම ඒ වටා ඉන්න මනුෂ්‍ය කොට්ඨාස නිසා. ඔවුන්ට කතා කරන්න මට අවශ්‍ය වුණා. අපේ  සමාජය තුළ තරුණයකු අත් විඳින හැඟීම් 1986-1998 වගේ කාල වකවානුවක් පසු කරලා 2005 වගේ කාල පරාසයක් ඇතුළත, ජීවිතයේ හරස්කඩක් විදිහට ගෙනත් ටෙලිවිෂන් එක ඉස්සරහ පෙන්නන්න මට අවශ්‍ය වුණා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ කතාව මට වගේම මගේ අනෙකාටත් අනන්‍ය කතාවක්. මේ වකවානුවේ තරුණයෝ කීදාහක් හමුදාවට බැඳුණද? ඒ රස්සාවකට ගියාම හරි යයි කියලා හිතුවද? ඔවුන් හිතුවේ හරිම මාර්ගය එය කියලා. දම්මි වගේ චරිත හිතුවා ඒගොල්ල යන පාර හරි කියලා. මාත් එක්ක කතා කරන බොහෝ දුරකථන සංවාද ඇතුළෙදි මේ කතාවේ ඔවුන්ගේ ජීවිත කොනිත්තපු බවක් මටම හැගෙනවා.

ලස්සන මේකප් එකක් දාලා පාට පාට ඇඳුම් ටිකක් අන්දලා නළු නිළියන්ව දම්මලා සිහින කතාවක් කියන්න මට අවශ්‍ය වුණේ නෑ. පුංචිම පුංචි තැනක රියැලිටි එක ගැන කතා කරන්න උත්සාහ කළාම අපේ සමාජයට රිදෙන්න ගන්නවා. ඒ වගේම ආයෙමත් මේ  මාධ්‍ය තුළ රූපය කියව ගන්න මිනිස්සු උත්සහ ගනිමින් ඉන්නවා. එයයි මට අවශ්‍ය කළේ. මේ වැඩේට  පුරෝගාමි වුණු නිර්මාණ කරුවන් පසුගිය යුගවල වැඩ කළ අය, ඔවුන් මේ වැඩේ මගදාලා ගියා කියලයි මට හිතෙන්නේ. ඔවුන් නවත්වපු තැනින්  පටන්ගන්න ඕන. මොකද මේක සමාජ අවශ්‍යතාවක්. එතනයි නිර්මාණකරුවෙක් විදියට මම ඉන්නේ.

  • ඔබ 88 සහ 89 යුගය  මගහැර යනවා කියා ඇතැමකුට හිතෙන්න පුළුවන් ?

ඒ යුගය අමතක කරලා යන්න කොහෙත්ම බැහැ. අපි එය නැවත නැවත හාරලා උඩට ගන්න උත්සහ කළ යුතුත් නැහැ.  ඒ යුගයේ යම් සෙවණැලි ඇතැම් චරිත හරහා නිර්මාණයේ  දකින්න ලැබෙනවා. එහිදී පිළිගැනීමවත්  ප්‍රතික්ෂේප කිරීමවත්  නිර්මාණය තුළ  මතුකරන්න උත්සාහ කළේ නෑ. ඒ නිසා මේ නාට්‍ය කිසිම දේශපාලන පක්ෂයකට සෘජුව ගලපා ගන්න බැහැ. ඒ වගේම කිසියම් දේශපාලන පක්ෂයකට ප්‍රහාරයක් එල්ල කරන්න යොදා ගන්නත් බැහැ. මෙය හුදුකලා නිර්මාණයක්. ඒ තුළින් ජීවිතය කියව ගන්නයි මං ආරාධනා කරන්නේ. ඒ වගේම කිසියම් දේශපාලන පක්ෂයකට ලඝු කරලා මේ නිර්මාණය විනාශ කරන්න එපා.

පෞද්ගලිකව මම දේශපාලන පක්ෂයකට ගැතිව වැඩ කරන්නේ නෑ. කූඩු කරපු ප්‍රේක්ෂකයෝ පිරිසක් මගේ නිර්මාණ වටා ගොනු වෙලත් නැහැ. ඒනිසා පෞද්ගලික දේශපාලනය ඇද ගන්නවාට මම කැමැති නෑ. කලාකරුවෙක් විදිහට මගේ වෘත්තීමය ජීවිතය පාවා දෙන්න මම සූදානම් නෑ. මේ ක්ෂේත්‍රයේ මගේම මිත්‍රයන් ඇතැම් දේශපාලකයින් සමඟ හුරතල් වෙනකොට මම ගෙදර දරුවන් එක්ක බඩගින්නේ ඉඳලා තියෙනවා. දුක් විඳගෙන කිසියම් අරමුණක හිටියා නම් ඒ අරමුණ පාවා දෙන්න මම උත්සාහ කරන්නේ නෑ. මේක අපේ දේශපාලනයට ගහපු වැඩක් කියලා ගන්න එපා. මේක මං කළේ සමස්ත ජනතා ඒ වෙනුවෙන්.

  • අන්තර්ජාලයෙන් නරඹන ජනප්‍රියම ටෙලි නාට්‍යය, සමාජ මාධ්‍ය තුළ අතිශයින්ම ජනප්‍රියවීම එක්තරා ආකාරයකට ඔබට විවේචනාත්මක ප්‍රතිචාර ලැබෙනවා ඇති ?

ඇතැමෙක් බලනවා රොෂාන් රවීන්ද්‍රගේ දේශපාලන පක්ෂ මොකක්ද කියලා .”සහෝදරයා” ටෙලි නාට්‍යය රඟපෑවට පස්සේ සමාජ මාධ්‍යවල මගේ නමින් එකවුන්ට් බර ගාණක් හැදුණා. මට ඒ දේවල් නතර කරන්න බැහැ. මාව වමට ලැදි හෝ වමේ පක්ෂයකට දාගන්න එතැනදි ඇතැම් අය උත්සාහ කළා. සමහර අය මාව විවේචනය කළා. ඇතැම් මැතිවරණ ප්‍රචාරණ වලට සම්බන්ධන් නොවුණාම මට දේශපාලන මතවාදයක් නැහැ කියලා කිව්වා. එවැනි පිරිස්  උත්සාහ කරනවා මේ නිර්මාණය NGO වැඩක් කියලා වැරදි  මතයක් ගෙන එන්න. ඒ වගේම සිංහල බෞද්ධ සංස්කෘතියට ගහපු එකක් විදිහට පෙන්නන්න.

මං මගේ සංස්කෘතියට වග කියන මනුස්සයෙක්. ඒ වෙනුවෙන් මම පෙනී සිටිනවා. මම මනුෂ්‍යයාට ආදරය කරන මනුස්සයෙක්. මේ නාට්‍ය පටන් ගන්නෙම සිංහල බෞද්ධ  කන්සෙප්ට් එක ඇතුළේ. මං අවසන් කරන්නෙත් එය තුළයි. සයිබර් අවකාශයේ  මේ නිර්මාණය විනාශ කරන්න ඇතැම් අය උත්සාහ කරනවා. නමුත්  ඔවුන් නිර්නාමික අනන්‍යතාව සඟවපු චරිත. fake account වලට මං ආරාධනා කරනවා විවෘතව ඔවුන්ට මා සමඟ සංවාදයකට එන්න කියලා. “තණමල්විල කොල්ලෙක්” තුළ සෑම රූප රාමුවකටම මා වග කියනවා.

මටත් පුළුවන් මේ විවේචනයෙන් අයින් වෙලා මිනිසුන්ට ෆැන්ටසි කතාවක් පෙන්වලා නින්දට යවන්න. නමුත්අපිට මහ පොළොව යථාර්ථයත් එක්ක අවදි වෙන්න වෙනවා. අපේ ජීවිතය හා සම්බන්ධතා බොරු තැනක තියලා පටලගෙන ඉන්නේ. මං මේක පොඩි තැනකින් ලිහන්න උත්සාහ කරනවා. මේ කතාව කොළඹ අගනගරයට කේන්ද්‍ර වෙනකොට අවුලන්න උත්සාහ කළ පන්දම මොන තරම් පත්තු වෙනවද කියලා දැක ගන්න හැකි වේවි. නිර්මාණය තුළ පෞද්ගලික චරිත ඉස්මතු කරන්න කිසි විටෙකත් උත්සාහ කළේ නැහැ පොදු සමාජ කාරණා විදිහට සමස්තය ගෙන එන්නයි මට අවශ්‍ය වුණේ. මෙගා නාට්‍යයක් කරල සල්ලි ටිකක් හම්බ කරල පුංචි කාර් එකක් අරගෙන හලෝ මචන් කියලා යන්න මටත් තිබුණා. මෙය මගේ යුතුකම මම තේරුම් ගත්ත විදිහ කිව්වොත් හරි.

  • “සහෝදරයා” ටෙලි නාට්‍යයේ ඔබ අවසානයේ සිය දිවි නසා ගන්නවා. මෙය වර්තමාන තරුණයා පිළිබඳ පිළිබිඹුවක්ද ?

සමාජය නම් ජීවත් වීමට අතිශය දුෂ්කර පදාසයක්. පෞද්ගලිකව මා සියදිවි නසා ගැනීම හෝ ජීවිතයෙන් පලා යෑම යෝජනා කරන්නේ නැහැ. ඔබ ඔය ප්‍රශ්නය ඇසිය යුත්තේ එම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන  නාමල් ජයසිංහගෙන්.
“සහෝදරයා” කියන කන්සෙප්ට් එකේ  මගේ චරිතය මුහුදට පැනලා මරන්න මම පෞද්ගලිකව කැමැති නෑ. නළුවකු විදිහට ඒ චරිතය තුළ මං විශ්වාස කරපු දේවල් මං කියවපු දේවල් මං ජීවත් වුණ විදිහ සමාජීය වශයෙන් දේශපාලනිකව චරිතය ගොඩ නගා ගන්න උත්සහ කළා. ඒ සඳහා මාව යෝජනා කළ,  මෙහෙයවපු අධ්‍යක්ෂකවරයාට මගේ ගෞරවය හිමි විය යුතුයි.

නමුත් ඔය බරපතළ ප්‍රශ්නයට පිළිතුර ලබා ගත යුත්තේ අධ්‍යක්ෂකවරයාගෙන්. ඔබ මාව ගෙනැවිත් ගොනු කරන තැනට මම නැවත ආවොත් මිනිසුන්ගේ ඔලුව උඩ ෆැන්ටසියක් තියන්න මම කැමති නැහැ. ඒක තමයි මං විශ්වාස කරන art එක .

  • ටී ෂර්ට් එකක් ඇඳන් සැහැල්ලු සපත්තු දෙකක් දාගෙන සම්මානය ගන්න යාම හොඳම නළුවා වුණත් නළුකම මේන්ටේන් කිරිල්ල මදි යැයි කෙනකුට හිතෙන්න පුළුවන්?

ශෘංගාරය  රසය ජීවිතවල තියෙන්න ඕන. සීරියස් වෙන්නම කියලා කියන්නේ නැහැ. මේ කලා මාධ්‍ය විහිදිලා විසිරිලා පවතින්නේ විවිධ පැති වලින්. ටී ෂර්ට් එකක් ඇඳන් සැහැල්ලු සපත්තු දෙකක් දාගෙන මම උත්කර්ෂවත් රාත්‍රියක සම්මාන ගන්නවා තමයි. මං මගේ පවුලේ අයවත් ඒ වගේ උත්සවයකට රැගෙන ඇවිත් නැහැ. මේ උත්කර්ෂය විඳින්න මං වැඩ කරන කර්මාන්තය තුළ මට සුදුසු පරිසරයක් හදලා දීලා නෑ. මාත් ආසයි විලාසිතා කරන්න. පවුලේ අයත් එක්ක ඇවිත් ඒ සතුට භුක්ති විඳින්න. සමහර දේශපාලනඥයින් අපෙන් අහනවා රඟපානවට අමතරව මොනවද කරන ජොබ් එක කියලා. මේ මිනිස්සු දන්නේ නෑ අපේ වෘත්තියේ තිබෙන බරපතලකමවත්. එ වැනි පදනමකින් මගේ පෞද්ගලික ජීවිතය පසෙක තියලා මගේ නිර්මාණාත්මක ප්‍රකාශනය බලන්න කියලා මං ඒ හැම දෙනාගෙන්ම ඉල්ලන්න කැමතියි.

Tags: නවතම
Share313Tweet43
Previous Post

බෝගස් වැව දී අතරමං වුණු මාසයක් වයස අලි බබා

Next Post

අයි.සී.සී. අලුත් උපදෙස් පිට දුරින් ඉඳන් ක්‍රිකට් ගහන හැටි

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.