fbpx
බදාදා, ඔක්තෝබර් 4, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

දේශපාලකයන්ව හුරතල් කළේ නෑ… දරුවො එක්ක බඩගින්නෙ හිටියා…

“තණමල්විල කොල්ලා“ කතා කරයි...

editor by editor
මැයි 24, 2020
in කලා
0
Roshan Ravindra

රොෂාන් රවීන්ද්‍ර

Share on FacebookShare on Twitter

ෂර්ලි සමරසිංහ-

මේ දිනවල විකාශනය වන “තණමල්විල කොල්ලෙක්” ශ්‍රව්‍ය දෘශ්‍ය ටෙලි සිත්තම  වෙනස්ම ආරක නිර්මාණයක්. එය අධ්‍යක්ෂණය කරන්නෙ මෙතෙක් කල් විශිෂ්ඨ රංගන ශිල්පයෙක් ලෙස සහෘදයන් වෙනත් මානයක් කරා රැගෙන ගිය රොෂාන් රවීන්ද්‍ර…  අද අප සංවාදයට එක් වෙන්නෙ ඒ විශිෂ්ඨ රංගධර අධ්‍යක්ෂ වරයා සමගයි.

  • අධ්‍යක්ෂකවරයකු ලෙස ප්‍රවේශ වීමට රූපවාහිනී මාධ්‍යය තෝරා ගත්තේ ඇයි ?

කලාව කියන්නේ මිනිසුන්ගේ චින්තනය දියුණු කරන්න පුළුවන් මාධ්‍යයක්.  ආචාර්ය ධර්මසේන පතිරාජ “කඩුල්ල” ටෙලි නාට්‍යය නිර්මාණය කරනවා .ඊට පස්සේ අශෝක හඳගම, ප්‍රසන්න ජයකොඩි වගේ තවත් නිර්මාණකරුවෝ මෙම  මාධ්‍ය තුළ නිර්මාණාත්මක වැඩ කරන්න උත්සාහ කරනවා. ඔය අතර ටෙලිවිෂන් එක පෞද්ගලික මාධ්‍යයක් විදිහට ජනප්‍රිය කරවගන්න එක්තරා නාලිකාවක් ඉන්දියානු ටෙලි නාට්‍ය අපේ සමාජයේ පැලපදියම් කරන්න මූලික වෙනවා. මේක සාහසික අපරාධයක්. එය වර්තමානයේ හෝ නිවැරදි කළ යුතු කාරණාවක්.

RelatedPosts

අමුතු හැඩයකින් ජය ශ්‍රී ලා කරපු අලුත් වැඩේ… ‘මතුවෙන්න – The Diamond Story’

ප්‍රසංග වේදිකාව සරසන අයෝමිගේ ‘මුහුදු රැල්ල‘

සූක්ෂ්මාත්මතාව හා නිර්මණශීලීත්වය සිද්ධි රංගය මහවැලි කේන්ද්‍රයේදි අප්‍රේල් 27 වෙනිදා

එතනදි හුදු ව්‍යාපාරික අරමුණක් වෙනුවෙන් සමස්ත සමාජ සංස්කෘතියම හෝදා පාළුවට ලක් වුණා. ටෙලි නාට්‍ය මාධ්‍ය අවගමනයකට ගෙන එන්න මේ කාරණාව එක්තරා ආකාරයකින් හේතු වූ බව මගේ පෞද්ගලික මතයක්. ඒ වගේම මේගා රැල්ල ගැන මේ රටේ කතා කළ පිරිසම මෙගා නාට්‍ය නිර්මාණත් කළා. අර්බුදය තවත් අර්බුදයටම ගියා. අඩු මූල්‍ය පිරිවැයකින් බාල නාට්‍යයක් කරන්න මේ නාලිකා බොහොමයක්ම ඉන් පසු කටයුතු කළා. මගේ දරුවන් දෙදෙනා දැන් අවුරුදු දාහතරක්. මේ අවුරුදු දාහතරට මගේ දරුවෝ හොඳ  නිර්මාණයක් නරඹලා නෑ.

දරුවන්ගේ රස වින්දනය සඳහාවත් හොඳ නිර්මාණ බිහිවිය යුතුයි. සමාජයේ දියුණුවට මිනිසාගේ දියුණුවට රසවින්දනය වඩාත් වැදගත්. මම ටෙලිවිෂන් එක තෝරගන්නේම ඒ වටා ඉන්න මනුෂ්‍ය කොට්ඨාස නිසා. ඔවුන්ට කතා කරන්න මට අවශ්‍ය වුණා. අපේ  සමාජය තුළ තරුණයකු අත් විඳින හැඟීම් 1986-1998 වගේ කාල වකවානුවක් පසු කරලා 2005 වගේ කාල පරාසයක් ඇතුළත, ජීවිතයේ හරස්කඩක් විදිහට ගෙනත් ටෙලිවිෂන් එක ඉස්සරහ පෙන්නන්න මට අවශ්‍ය වුණා.

මේ කතාව මට වගේම මගේ අනෙකාටත් අනන්‍ය කතාවක්. මේ වකවානුවේ තරුණයෝ කීදාහක් හමුදාවට බැඳුණද? ඒ රස්සාවකට ගියාම හරි යයි කියලා හිතුවද? ඔවුන් හිතුවේ හරිම මාර්ගය එය කියලා. දම්මි වගේ චරිත හිතුවා ඒගොල්ල යන පාර හරි කියලා. මාත් එක්ක කතා කරන බොහෝ දුරකථන සංවාද ඇතුළෙදි මේ කතාවේ ඔවුන්ගේ ජීවිත කොනිත්තපු බවක් මටම හැගෙනවා.

ලස්සන මේකප් එකක් දාලා පාට පාට ඇඳුම් ටිකක් අන්දලා නළු නිළියන්ව දම්මලා සිහින කතාවක් කියන්න මට අවශ්‍ය වුණේ නෑ. පුංචිම පුංචි තැනක රියැලිටි එක ගැන කතා කරන්න උත්සාහ කළාම අපේ සමාජයට රිදෙන්න ගන්නවා. ඒ වගේම ආයෙමත් මේ  මාධ්‍ය තුළ රූපය කියව ගන්න මිනිස්සු උත්සහ ගනිමින් ඉන්නවා. එයයි මට අවශ්‍ය කළේ. මේ වැඩේට  පුරෝගාමි වුණු නිර්මාණ කරුවන් පසුගිය යුගවල වැඩ කළ අය, ඔවුන් මේ වැඩේ මගදාලා ගියා කියලයි මට හිතෙන්නේ. ඔවුන් නවත්වපු තැනින්  පටන්ගන්න ඕන. මොකද මේක සමාජ අවශ්‍යතාවක්. එතනයි නිර්මාණකරුවෙක් විදියට මම ඉන්නේ.

  • ඔබ 88 සහ 89 යුගය  මගහැර යනවා කියා ඇතැමකුට හිතෙන්න පුළුවන් ?

ඒ යුගය අමතක කරලා යන්න කොහෙත්ම බැහැ. අපි එය නැවත නැවත හාරලා උඩට ගන්න උත්සහ කළ යුතුත් නැහැ.  ඒ යුගයේ යම් සෙවණැලි ඇතැම් චරිත හරහා නිර්මාණයේ  දකින්න ලැබෙනවා. එහිදී පිළිගැනීමවත්  ප්‍රතික්ෂේප කිරීමවත්  නිර්මාණය තුළ  මතුකරන්න උත්සාහ කළේ නෑ. ඒ නිසා මේ නාට්‍ය කිසිම දේශපාලන පක්ෂයකට සෘජුව ගලපා ගන්න බැහැ. ඒ වගේම කිසියම් දේශපාලන පක්ෂයකට ප්‍රහාරයක් එල්ල කරන්න යොදා ගන්නත් බැහැ. මෙය හුදුකලා නිර්මාණයක්. ඒ තුළින් ජීවිතය කියව ගන්නයි මං ආරාධනා කරන්නේ. ඒ වගේම කිසියම් දේශපාලන පක්ෂයකට ලඝු කරලා මේ නිර්මාණය විනාශ කරන්න එපා.

පෞද්ගලිකව මම දේශපාලන පක්ෂයකට ගැතිව වැඩ කරන්නේ නෑ. කූඩු කරපු ප්‍රේක්ෂකයෝ පිරිසක් මගේ නිර්මාණ වටා ගොනු වෙලත් නැහැ. ඒනිසා පෞද්ගලික දේශපාලනය ඇද ගන්නවාට මම කැමැති නෑ. කලාකරුවෙක් විදිහට මගේ වෘත්තීමය ජීවිතය පාවා දෙන්න මම සූදානම් නෑ. මේ ක්ෂේත්‍රයේ මගේම මිත්‍රයන් ඇතැම් දේශපාලකයින් සමඟ හුරතල් වෙනකොට මම ගෙදර දරුවන් එක්ක බඩගින්නේ ඉඳලා තියෙනවා. දුක් විඳගෙන කිසියම් අරමුණක හිටියා නම් ඒ අරමුණ පාවා දෙන්න මම උත්සාහ කරන්නේ නෑ. මේක අපේ දේශපාලනයට ගහපු වැඩක් කියලා ගන්න එපා. මේක මං කළේ සමස්ත ජනතා ඒ වෙනුවෙන්.

  • අන්තර්ජාලයෙන් නරඹන ජනප්‍රියම ටෙලි නාට්‍යය, සමාජ මාධ්‍ය තුළ අතිශයින්ම ජනප්‍රියවීම එක්තරා ආකාරයකට ඔබට විවේචනාත්මක ප්‍රතිචාර ලැබෙනවා ඇති ?

ඇතැමෙක් බලනවා රොෂාන් රවීන්ද්‍රගේ දේශපාලන පක්ෂ මොකක්ද කියලා .”සහෝදරයා” ටෙලි නාට්‍යය රඟපෑවට පස්සේ සමාජ මාධ්‍යවල මගේ නමින් එකවුන්ට් බර ගාණක් හැදුණා. මට ඒ දේවල් නතර කරන්න බැහැ. මාව වමට ලැදි හෝ වමේ පක්ෂයකට දාගන්න එතැනදි ඇතැම් අය උත්සාහ කළා. සමහර අය මාව විවේචනය කළා. ඇතැම් මැතිවරණ ප්‍රචාරණ වලට සම්බන්ධන් නොවුණාම මට දේශපාලන මතවාදයක් නැහැ කියලා කිව්වා. එවැනි පිරිස්  උත්සාහ කරනවා මේ නිර්මාණය NGO වැඩක් කියලා වැරදි  මතයක් ගෙන එන්න. ඒ වගේම සිංහල බෞද්ධ සංස්කෘතියට ගහපු එකක් විදිහට පෙන්නන්න.

මං මගේ සංස්කෘතියට වග කියන මනුස්සයෙක්. ඒ වෙනුවෙන් මම පෙනී සිටිනවා. මම මනුෂ්‍යයාට ආදරය කරන මනුස්සයෙක්. මේ නාට්‍ය පටන් ගන්නෙම සිංහල බෞද්ධ  කන්සෙප්ට් එක ඇතුළේ. මං අවසන් කරන්නෙත් එය තුළයි. සයිබර් අවකාශයේ  මේ නිර්මාණය විනාශ කරන්න ඇතැම් අය උත්සාහ කරනවා. නමුත්  ඔවුන් නිර්නාමික අනන්‍යතාව සඟවපු චරිත. fake account වලට මං ආරාධනා කරනවා විවෘතව ඔවුන්ට මා සමඟ සංවාදයකට එන්න කියලා. “තණමල්විල කොල්ලෙක්” තුළ සෑම රූප රාමුවකටම මා වග කියනවා.

මටත් පුළුවන් මේ විවේචනයෙන් අයින් වෙලා මිනිසුන්ට ෆැන්ටසි කතාවක් පෙන්වලා නින්දට යවන්න. නමුත්අපිට මහ පොළොව යථාර්ථයත් එක්ක අවදි වෙන්න වෙනවා. අපේ ජීවිතය හා සම්බන්ධතා බොරු තැනක තියලා පටලගෙන ඉන්නේ. මං මේක පොඩි තැනකින් ලිහන්න උත්සාහ කරනවා. මේ කතාව කොළඹ අගනගරයට කේන්ද්‍ර වෙනකොට අවුලන්න උත්සාහ කළ පන්දම මොන තරම් පත්තු වෙනවද කියලා දැක ගන්න හැකි වේවි. නිර්මාණය තුළ පෞද්ගලික චරිත ඉස්මතු කරන්න කිසි විටෙකත් උත්සාහ කළේ නැහැ පොදු සමාජ කාරණා විදිහට සමස්තය ගෙන එන්නයි මට අවශ්‍ය වුණේ. මෙගා නාට්‍යයක් කරල සල්ලි ටිකක් හම්බ කරල පුංචි කාර් එකක් අරගෙන හලෝ මචන් කියලා යන්න මටත් තිබුණා. මෙය මගේ යුතුකම මම තේරුම් ගත්ත විදිහ කිව්වොත් හරි.

  • “සහෝදරයා” ටෙලි නාට්‍යයේ ඔබ අවසානයේ සිය දිවි නසා ගන්නවා. මෙය වර්තමාන තරුණයා පිළිබඳ පිළිබිඹුවක්ද ?

සමාජය නම් ජීවත් වීමට අතිශය දුෂ්කර පදාසයක්. පෞද්ගලිකව මා සියදිවි නසා ගැනීම හෝ ජීවිතයෙන් පලා යෑම යෝජනා කරන්නේ නැහැ. ඔබ ඔය ප්‍රශ්නය ඇසිය යුත්තේ එම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන  නාමල් ජයසිංහගෙන්.
“සහෝදරයා” කියන කන්සෙප්ට් එකේ  මගේ චරිතය මුහුදට පැනලා මරන්න මම පෞද්ගලිකව කැමැති නෑ. නළුවකු විදිහට ඒ චරිතය තුළ මං විශ්වාස කරපු දේවල් මං කියවපු දේවල් මං ජීවත් වුණ විදිහ සමාජීය වශයෙන් දේශපාලනිකව චරිතය ගොඩ නගා ගන්න උත්සහ කළා. ඒ සඳහා මාව යෝජනා කළ,  මෙහෙයවපු අධ්‍යක්ෂකවරයාට මගේ ගෞරවය හිමි විය යුතුයි.

නමුත් ඔය බරපතළ ප්‍රශ්නයට පිළිතුර ලබා ගත යුත්තේ අධ්‍යක්ෂකවරයාගෙන්. ඔබ මාව ගෙනැවිත් ගොනු කරන තැනට මම නැවත ආවොත් මිනිසුන්ගේ ඔලුව උඩ ෆැන්ටසියක් තියන්න මම කැමති නැහැ. ඒක තමයි මං විශ්වාස කරන art එක .

  • ටී ෂර්ට් එකක් ඇඳන් සැහැල්ලු සපත්තු දෙකක් දාගෙන සම්මානය ගන්න යාම හොඳම නළුවා වුණත් නළුකම මේන්ටේන් කිරිල්ල මදි යැයි කෙනකුට හිතෙන්න පුළුවන්?

ශෘංගාරය  රසය ජීවිතවල තියෙන්න ඕන. සීරියස් වෙන්නම කියලා කියන්නේ නැහැ. මේ කලා මාධ්‍ය විහිදිලා විසිරිලා පවතින්නේ විවිධ පැති වලින්. ටී ෂර්ට් එකක් ඇඳන් සැහැල්ලු සපත්තු දෙකක් දාගෙන මම උත්කර්ෂවත් රාත්‍රියක සම්මාන ගන්නවා තමයි. මං මගේ පවුලේ අයවත් ඒ වගේ උත්සවයකට රැගෙන ඇවිත් නැහැ. මේ උත්කර්ෂය විඳින්න මං වැඩ කරන කර්මාන්තය තුළ මට සුදුසු පරිසරයක් හදලා දීලා නෑ. මාත් ආසයි විලාසිතා කරන්න. පවුලේ අයත් එක්ක ඇවිත් ඒ සතුට භුක්ති විඳින්න. සමහර දේශපාලනඥයින් අපෙන් අහනවා රඟපානවට අමතරව මොනවද කරන ජොබ් එක කියලා. මේ මිනිස්සු දන්නේ නෑ අපේ වෘත්තියේ තිබෙන බරපතලකමවත්. එ වැනි පදනමකින් මගේ පෞද්ගලික ජීවිතය පසෙක තියලා මගේ නිර්මාණාත්මක ප්‍රකාශනය බලන්න කියලා මං ඒ හැම දෙනාගෙන්ම ඉල්ලන්න කැමතියි.

Tags: නවතම
Share371Tweet79

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

බෝගස් වැව දී අතරමං වුණු මාසයක් වයස අලි බබා

Next Post

අයි.සී.සී. අලුත් උපදෙස් පිට දුරින් ඉඳන් ක්‍රිකට් ගහන හැටි

RelatedPosts

අමුතු හැඩයකින්  ජය ශ්‍රී ලා කරපු අලුත් වැඩේ… ‘මතුවෙන්න – The Diamond Story’
කලා

අමුතු හැඩයකින් ජය ශ්‍රී ලා කරපු අලුත් වැඩේ… ‘මතුවෙන්න – The Diamond Story’

අගෝස්තු 6, 2023
Ayomi-Perera
කලා

ප්‍රසංග වේදිකාව සරසන අයෝමිගේ ‘මුහුදු රැල්ල‘

ජූලි 15, 2023
සූක්ෂ්මාත්මතාව හා නිර්මණශීලීත්වය සිද්ධි රංගය මහවැලි කේන්ද්‍රයේදි අප්‍රේල් 27 වෙනිදා
කලා

සූක්ෂ්මාත්මතාව හා නිර්මණශීලීත්වය සිද්ධි රංගය මහවැලි කේන්ද්‍රයේදි අප්‍රේල් 27 වෙනිදා

අප්‍රේල් 24, 2023
Next Post
අයි.සී.සී. අලුත් උපදෙස් පිට  දුරින් ඉඳන් ක්‍රිකට් ගහන හැටි

අයි.සී.සී. අලුත් උපදෙස් පිට දුරින් ඉඳන් ක්‍රිකට් ගහන හැටි

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • doctor-strike

    11 වැනිදා සෞඛ්‍ය ඇමතිගේ බබා පාට් ඉවරයි… ඉතිහාසයේ මුල්ම වරට එදාට වෛද්‍යවරු කොළඹ වටලනවා… GMOA දැනුම් දෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ දී හෑල්ලු වුන උපාධි ප්‍රධානෝත්සවය…

    273 shares
    Share 109 Tweet 68
  • ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

    1184 shares
    Share 474 Tweet 296
  • වෙඩි කෑ සීතාට ඇවිදින්න බෑ…  අද පපු පෙදෙසේ එක්ස් කිරණ පරීක්ෂණයක්!

    307 shares
    Share 123 Tweet 77
  • ජර්මනියේ Deutsche Welle මාධ්‍ය ආයතනය සමග ජනපති කළ ආන්දෝලනාත්මක සාකච්ඡාව සිංහලෙන්…..

    214 shares
    Share 86 Tweet 54
  • අත් හිස කපා ඝාතනය කළ කාන්තවගේ ඝාතකයන් කරන ප්‍රකාශ පරස්පරයි… රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න අධිකරණයෙන් නියෝගයක්!

    172 shares
    Share 69 Tweet 43

නවතම ලිපි

රත්තරන් කෙල්ල…

රත්තරන් කෙල්ල…

by editor
ඔක්තෝබර් 4, 2023
0

උසස් පෙළ සරසවි ප්‍රවේශ දිස්ත්‍රික් ප්‍රතිශතයන් නිකුත් වේ

උසස් පෙළ ජනවාරියට කල් යයි…

by editor
ඔක්තෝබර් 4, 2023
0

ගම්පහ පමණක් දිනකට කිරි ගවයින් 05ක් පමණ මසට සොරකම් කරනවා… රටේම කිරි ගවයින් 40ක් දිනකට මස් මඩුවට…

මස් සඳහා  ගවයින් සහ ඌරන් ඝාතනය අඩු වෙලා…

by editor
ඔක්තෝබර් 4, 2023
0

පවුල්  වෛද්‍ය විශේෂඥවරු මූලික රෝහල්වලට සම්බන්ධ කිරීමට උත්සාහ කිරිම සෞඛ්‍ය සේවයේ  සිද්ධාන්තමය වැරැද්දක්…

විදේශයකින් එක් වෛද්‍යවරයෙක් වත් ගේන්නෙ නෑ… වෛද්‍ය හිඟය මගහැරගන්නා හැටි ඇමති කියයි!

by editor
ඔක්තෝබර් 4, 2023
0

kANCHANA-wIJESEKARA

විදුලි බිල වැඩි කිරීමට ඉල්ලුවේ ඇයි. ?. විදුලි බල ඇමතිවරයා පාර්ලිමේන්තුවට හේතු කියයි!

by editor
ඔක්තෝබර් 4, 2023
0

නවතම ලිපි

පස් කන්දක් නායේ යෑමෙන් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ දරු පැටවු යන්තම් බේරෙයි… පන්ති කාමර 03ක් විනාසයි…

පස් කන්දක් නායේ යෑමෙන් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ දරු පැටවු යන්තම් බේරෙයි… පන්ති කාමර 03ක් විනාසයි…

by editor
ඔක්තෝබර් 4, 2023
0

සිසුවෙකුට අවවාද කිරීම නිසා කිපුණු සිසුවාගේ ඥාතීන් නියෝජ්‍ය විදුහල්පතිට පොළුවලින් පහර දීලා…. නියෝජ්‍ය විදුහල්පති බරපතල තුවාල සහිතව රෝහලේ!

සිසුවෙකුට අවවාද කිරීම නිසා කිපුණු සිසුවාගේ ඥාතීන් නියෝජ්‍ය විදුහල්පතිට පොළුවලින් පහර දීලා…. නියෝජ්‍ය විදුහල්පති බරපතල තුවාල සහිතව රෝහලේ!

by editor
ඔක්තෝබර් 4, 2023
0

නිවෙස්වල ඇති මුද්‍රා කැඩූ  සියලු ගෑස් සිලින්ඩරත් නැවත කැඳවන්න… අනුර පාර්ලිමේන්තුවේ දී ඉල්ලයි!

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළට…

by editor
ඔක්තෝබර් 4, 2023
0

දුම්රියක ත්‍රීරෝද රථයක් ගැටී දෙදෙනෙකු රෝහලට… (  CCTV දර්ශන සහිතයි)

දුම්රියක ත්‍රීරෝද රථයක් ගැටී දෙදෙනෙකු රෝහලට… ( CCTV දර්ශන සහිතයි)

by editor
ඔක්තෝබර් 4, 2023
0

රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයට එන  රෝගීන් සියයට 40ක් වැඩි වෙලා… ඇතුළත් වීම් සියයට 27කින් වැඩියි..

රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයට එන රෝගීන් සියයට 40ක් වැඩි වෙලා… ඇතුළත් වීම් සියයට 27කින් වැඩියි..

by editor
ඔක්තෝබර් 4, 2023
0

Pradeep-Nilanga-Dela

සීතාට වෙඩි තිබ්වේ වන අලියෙකු යැයි සිතා නම් වන අලින්ට වනජීවී නිලධාරීන් සලකන හැටි හරිද?… දියවඩන නිලමේ වනජීවි නිලධාරීන්ගෙන් අසයි…

by editor
ඔක්තෝබර් 4, 2023
0

දුම්රිය නියාමක සංගමය ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයක …

දුම්රිය නියාමක සංගමය ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයක …

by editor
ඔක්තෝබර් 4, 2023
0

වතු කම්කරුවන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පෙරළී 21ක් රෝහලේ… 17කට බරපතලයි!

වතු කම්කරුවන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පෙරළී 21ක් රෝහලේ… 17කට බරපතලයි!

by editor
ඔක්තෝබර් 4, 2023
0

දෑත් හිස නැතිව සපුගස්කන්දේ  කොට්ටුන්න වැවෙන් හමුවූ මුල්ලේරියාවෙන් අතුරුදහන් වූ කාන්තාවගේ ඝාතනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කී කතාව….

අත් හිස කපා ඝාතනය කළ කාන්තවගේ ඝාතකයන් කරන ප්‍රකාශ පරස්පරයි… රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න අධිකරණයෙන් නියෝගයක්!

by editor
ඔක්තෝබර් 4, 2023
0

මුහුදු යන්න වියදම වැඩියි… බහුදින යාත්‍රා විශාල ප්‍රමාණයක් ධීවර වරායවල… සමස්ත ලංකා පොදු ධිවර සම්මේලනය කියයි!

මුහුදු යන්න වියදම වැඩියි… බහුදින යාත්‍රා විශාල ප්‍රමාණයක් ධීවර වරායවල… සමස්ත ලංකා පොදු ධිවර සම්මේලනය කියයි!

by editor
ඔක්තෝබර් 4, 2023
0

  • Trending
  • Comments
  • Latest
Basil-Ranil

ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

ඔක්තෝබර් 1, 2023
ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා…   මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා… මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

සැප්තැම්බර් 29, 2023
අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

1
රත්තරන් කෙල්ල…

රත්තරන් කෙල්ල…

ඔක්තෝබර් 4, 2023
උසස් පෙළ සරසවි ප්‍රවේශ දිස්ත්‍රික් ප්‍රතිශතයන් නිකුත් වේ

උසස් පෙළ ජනවාරියට කල් යයි…

ඔක්තෝබර් 4, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • රත්තරන් කෙල්ල…
  • උසස් පෙළ ජනවාරියට කල් යයි…
  • මස් සඳහා  ගවයින් සහ ඌරන් ඝාතනය අඩු වෙලා…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.