සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

දශක තුනක් කැප කළ ශාස්ත්‍රීය පර්යේෂණයක අග්‍ර ඵලය – කොළොම්පුර රාජධානිය…

by editor
සැප්තැම්බර් 28, 2025 - Updated on ඔක්තෝබර් 4, 2025
in කලා
colombo
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

කොළඹ මහා පොත් ප්‍රදර්ශනය සූදානම්ය.  ග්‍රන්ථ කරණයට රුචි අනේක පිරිස් සිය කෘති එළිදක්වමින් සාහිත්‍ය මාසය උත්කර්ෂයට නන්වන සැණකෙළියකට සැරසෙති. ඒ දැකුමත් භාග්‍යයක් කොට හඟිමි.

මේ  කෙටි සටහන ඒ නව ග්‍රන්ථකරණය ආලෝලනය කිරීමට නොවේ. සාහිත්‍ය මාස දෙකක් මග හැරී ගිය විශිෂ්ඨ පර්යේෂණ කෘතියක් සම්බන්ධව එම කෘතිය පියවරින් පියවර  බිහිවනු    ඇසින් දුටු සාක්ෂිකරුවෙක් ලෙස සටහනක් තබන්නටය. කෘතිය කොළොම්පුර රාජධානිය ය.  කර්තෘ සමන් කළුආරච්චිය.

මේ කෘතියට පදනම වැටෙන සිද්ධි දාමය දශක තුනකට ඈත අතීතයට දිවෙන්නෙකි. වර්ෂය 1999 ය.   එවකට සමන් කළුආරච්චි සහ මා දිවයින කර්තෘ මණ්ඩලයේ සමාජිකයින්ය.   එවකට දිවයන යනු ශාස්ත්‍රාලයක් බඳු පිරුණු තැනකි. දිනපතා දිවයින ශාස්ත්‍රීය අතිරේකය බදාදා අතිරේකය ය.  එය රටේ සාහිත්‍ය කලාව පෝෂණය කළ විදග්ධ සංවාදයක් අති කළ තැනකි. බදාදා අතිරේකයේ සංස්කරණය කළේ අපට  සිටි ප්‍රාමාණික විශිෂ්ටයෙක් වූ කිත්සිරි නිමල්ශාන්තයන්ය.  එමෙන්ම ශාන්ත කේ හේරත්, ජයන්ත චන්ද්‍රසිරි, වැනි කීර්තිමත් නිර්මාණකරුවන් අතින් දිනපතා දිවයිනේ කලාත්මක ගැඹුර වර්ණවත් වූයේය.

මේ අවධියේ දී වඩාත් පුළුල් ලෙස පාඨක ප්‍රජාවට ආමන්ත්‍රණය කිරීමේ අවශ්‍යතාවයක් දිවයින කළමණාකාරිත්වයට පැන නැගිනි. ඒ ලංකාදීප වැනි තරගකාරී පුවත්පත් වේගයෙන් සාමාන්‍ය පාඨකයා ග්‍රහණය කරගනිමින් සිටිය දී දිවයින ශාස්ත්‍රීය සමාජයක් තුළ විතැන්වන ලකුණු පහළ වෙමින් පැවති බැවිනි. එවකට දිවයින කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ එඩ්මන් රණසිංහ නව අතිරේකයක් යෝජනා කරන්නේ නව පාඨක කණ්ඩායමක් ග්‍රහණය කරගැනීමේ ප්‍රවේශයක් ලබා ගැනීමය. අතිරේකයේ නම “කොළොම්පුරේ අපි “ ය.   .  කොළොම්පුරේ අපි සංස්කරණයට පවරන්නේ ඒ වනවිට වයස විසි ගණනක් පසු කරමින් සිටි අප අතර සිටින විචක්ෂණම තරුණයා වන සමන් කළුආරච්චිට ය.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

එඩ්මන් රණසිංහයන්ගේ මේ තේරීම පුවත්පතේ සිටි ජ්‍යෙෂ්ඨයන්ට ද ගැටලුවක් විය.  “රණසිංහ මහත්තයා සමන්ට  “අන්නන්න හදන්නේ  “. මම මේ කතාව මගේ කන්වලින්ම ඇසුවෙමි.  කෙසේ වෙතත් අතිරේක පටන් ගත් අවස්ථාවේ සිටම කළමනාකාරිත්වයේ ප්‍රාර්ථනාව වූයේ මේ අතිරේකය හරහා සමාජයේ පහළම තළය ස්ඵර්ශ කිරීමය.  ලබා දුන් ඉලක්කය සහිතව සමන් වගකීම භාර ගත්තේය. මා දුටු අතිශයින්ම විචිත්‍ර  දැකුම  වන්නේ මේ  අවස්ථාව ප්‍රයෝජනයට ගෙන සීමිත රාමුවක් තුළ පටන් ගත් “කොළොම්පුරේ අපි “ අතිරේකය සමන් විසින් ආශ්වාදනීය ලෙස සරල රසවත් ශාස්ත්‍රීය ගැඹුරක් සහිත විදග්ධ පුවත්පත් අතිරේකයක් බවට  පත් කර ජාතික තලයේ සංවාදයක් ඇති කිරීමය.

ඒ සඳහා ඔහුට කදිම සැලසුමක් විය. කොළඹ අතීතය දෑසින් දුටු ඒ වනවිට ජීවතුන් අතර සිටි රටේ ප්‍රාමාණික චරිත හමුවී ඔවුන්ගේ ජීවිත කතාව ලියුවේ සමන් විසින්මය. ඒ සඳහා ඔහු භාවිතා කළ සම්මුඛ සාකච්ඡා ආකෘතිය තවමත් මට පුදුමයකි. ඒ සම්මුඛ සාකච්ඡා වලින් මතුවු   සජීවී අත්දැකීම් හරහා කොතැනකවත් සටහන්වී නොතිබුණ කොළඹ ගැන පණ ගැහෙන කතාවක් මතුවුනේය.  දේශපාලන සමාජ හා සංස්කෘතික ජීවිතය අප ඉදිරියේ සජීවීව ගෙනත් තැබුවේය. අද ජීවතුන් අතර නැති අපට වෛද්‍ය ක්ෂේත්‍රයේ සිටි පුරාවෘත්තයක් බඳු විශේෂඥ ශල්‍ය වෛද්‍ය පී.ආර්. අන්තෝනිස්,  රටේ රාජ්‍ය නායකයින් ගණනාවකගේ ලේකම්වරයා ලෙස කටයුතු කළ බ්‍රැඩ්මන් වීරකෝන්, කථානායකවරුන් 07ක් යටතේ සේවය කළ සෑම් විජේසිංහ, ශ්‍රී ලංකා රාජ්‍ය ලාංචනයේ නිර්මාණකාර එස්.එම්. සෙනවිරත්න, කෝට්ටේ රාජධානියේ ඉතිහාසය රැක ගැනීම වෙනුවෙන් ස්වකීය ජීවිතයෙන්ම අරගල කළ පුරාවිද්‍යාඥයෙක් වූ ඩග්ලස් ඩී රණසිංහ, හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න වැනි ප්‍රාමාණිකයින් විශාල ප්‍රමාණයක් සිය ජීවිත අත්දැකීම හරහා කොළඹ ගැන කී කතාව  සමන් සටහන් කර තැබුවේය. ඒ සමකාලීන දේශපාලන සමාජ සහ සංස්කෘතික පසුබිම් සමගිනි.

ඒ සමගම කොළඹ ගැන මෙතෙක් කිසිවෙක් නොකියවූ  කතා පාඨකයින්ගෙන් ශාස්ත්‍රීය ලිපි ලෙස අතිරේකයට ගලා ආවේය. සෑම ලිපියක්ම යළිත් මූලාශ්‍ර මත සිදුකළ පසු විපරමකින් අනතුරුව සංස්කරණය කෙරුණු ආකාරය දුටුවෙමි. වසරක් යන්නට පෙර කොලොම්පුරේ අපි රටේ බොහෝ පාසල්, බොහෝ පුස්තකාල සතිපතා එකතු කරන අතිරේකයක් වූයේය. කොළොම්පුරේ අපි අතිරේකය පලවන සෑම සඳුදාවකම පත්තර වැඩිපුර මුද්‍රණය කරන්නට දිවයින පරිපාලනයට සිදුවිය.

අවසානයේ  කොළොම්පුරේ අපි අතිරේකය නැවතුනේය.  පුවත්පතක පළ කිරීමට තරම් ඉඩක් නැති දැවැන්ත ශාස්ත්‍රීය මූලාශ්‍ර ප්‍රමාණයක් කොළොම්පුරේ අපි අතිරේකයෙන් සමන්ට ඉතිරි විය. ඒ කරුණු පෙළ ගස්වා සිදුකළ පර්යේෂණයකින්  අනතුරුව සමන් කළුආරච්චි කොළඹ පුරාණය කෘතිය බිහි කළේය. ඒ වර්ෂ 2004 දී ය. කොළඹ පුරාණය  පර්යේෂණ කෘතිය මුද්‍රණය කරන්නේ  සූරිය ප්‍රකාශකයින් විසිනි.  මා දන්නා තරමට එම කෘතිය පිටපත් දස දහස් ගණනක් අලෙවි වුනේය.

අවසානයේ සමන් රට හැර ගියේය. දැන් සමන් ඉන්නේ කැනඩාවේ වැන්කුවර් නුවරය. කොළඹ පිළිබඳ වර්ෂ 2000ට පෙර ආරම්භ කළ පර්යේෂණ කාර්යය ඔහු විසින් දැවැන්ත පර්යේෂණ කෘතියක් ලෙස අවසන් කරන්නේ කැනඩාවේ සිටය. ඒ සඳහා ඔහුට ලංකාවේදී ප්‍රවේශ විය නොහැකි ඓතිහාසික මූලාශ්‍රවල මුල් පිටපත් වෙත ප්‍රවේශ වීමේ හැකියාව කැනඩාවේ දී විවෘත විය. ඒ සමහර මූලාශ්‍රවල කියැවෙන ඇත්ත කතාවල ජාතියක හුස්ම හිරවන තරමේ බිහිසුණු ස්වරූපයක් තිබිණි. එම තත්ත්වයන් කිසිදාක කිසිම තැනක සංවාදයට ලක් වී නැත.

මේ සියලුම තොරතුරු ගවේෂණය කරමින් සම්පින්ඩනය කරමින් වසර පහක් තිස්සේ යළිත් දිවා රෑ නැතිව කළ අධ්‍යයනයක ප්‍රතිඵලය  වර්ෂ 2023 දී කොළොම්පු රාජධානිය පර්යේෂණ කෘතිය ලෙස එලි දුටුවේය.  ඒ  සූරිය ප්‍රකාශනයක් ලෙසිනි.

මෙය විශාල පර්යේෂණ නිබන්ධනයකි. පිටු 1221කි.  පොතේ ප්‍රමාණය සාමාන්‍ය පොතකට වාඩ බෙහෙවින්ම වැඩිය. එහි අන්තර්ගතය සෑම වචනයක්ම නිශ්චිත තහවුරුවක් සහිත කල පෙළගැස්මකි. මෑත කාලයේ දී මේ තරම් ශ්‍රමයක් මේ තරම් කාලයක් කැප කර කළ ශාස්ත්‍රීය පර්යේෂණ කෘතියක් වේ නම් ඒ කොළොම්පුර රාජධානිය කෘතිය බව විශ්වාස කරමි.  එකම ගැටලුව කෘතිය රුපියල් 12,500 ලෙස මිල වීමය.  මෙම කෘතිය එළිදක්වන සූරිය ප්‍රකාශකයින්ගේ පවා අභිලාෂය වූයේ වෙළෙඳ ලාභයක් උපදවා ගැනිම නොව මෙය විශිෂ්ඨ පර්යේෂණ කෘතියක් ලෙස සමාජය තුළ සලකුණු කර තබා ගැනීම බව දනිමි.

පුද්ගලික පරිශීලනයට අවකාශ සලසා ගත නොහැකි නම්   මෙම කෘතිය සෑම   පුස්තකාලයකම  තිබිය යුතු බවට වූ යෝජනාව අප සතුව තිබේ. පාසල් පුස්තකාලයක තිබිය යුතු කෘතියක් බවට අදහසක් අප තුළ තිබේ.

සමන් කළුආරච්චි කෘතිය සම්බන්ධව තැබූ සරළ සංක්ෂිප්ත සටහනකින් මේ ලියැවිල්ල නිමා කරමු. ඔහු මෙසේ කියයි.

අනුරාධපුර යුගයෙන් ආරම්භ වී වසර 2358 ක කාලයක් පුරා අඛණ්ඩව ගලා ගිය සිංහලයේ රාජාවලිය නිමාවන්නේ සෙංකඩගල නුවරිනි. ඒ 1815 වසරේ දී අත්සන් කෙරුණු උඩරට ගිවිසුමත් සමඟය. එයින් අනතුරුව බිහි වුයේ කොළඹ මුල් කරගත් නිල නොලත් රාජධානියකි. 1815 වසරෙන් පසු මෙරට පරිපාලනයේ කේන්ද්‍රස්ථානය වූයේ කොළොම්පුරයයි. එබැවින් ගෙවී ගිය සියවස් දෙකක කාලයේ සිට අද දක්වාම සමස්ත ජාතියේ ඉරණම තීන්දු කරන කේන්ද්‍රගත මධ්‍යස්ථානය කොළඹ නගරයයි.

කොළොම්පුර රාජධානිය’ කෘතිය බිහිවන්නේ දශක තුනකට ආසන්න කාලයක් පුරා ඓතිහාසික මූලාශ්‍ර, පොත් පත්, ලිපි ලේඛන සහ මිනිසුන් සිය ගණනක් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙසිනි. කොළඹ නගරයේ ඉතිහාසය අතිශය රසවත්ය. මිහිරි සිහිනයක් තරමටම සුන්දර මතකයන් මෙන්ම සිත් කම්පා කරවන බිහිසුණු අත්දැකීම වලින් ද අනූනය. දැඩි අවිවේකී බවින් හා ඝෝෂාවෙන් පිරුණු වර්තමාන කොළඹ නගරයේ කලබලකාරී වීදි ඔස්සේ සැරිසරන කිසිවෙකුට මෙම නගරය සිසිල් සෙවණින් සහ සීතල දිය දහරාවන්ගෙන් පිරුණු අතිශය මනස් කාන්ත පුරවරයක්ව තිබූ බවට සළකුණක් පවා සොයා ගත නොහැකි වනු ඇත්තේය. එමෙන්ම මිනිසුන් සිය දහස් ගණනක් දරුණු වධ හිංසා අතරින් මරණය කරා කැඳවාගෙන ගිය අඳුරු අතීතයක් ද එහි සැඟව ඇති බව වර්තමාන පරපුර නොදැන සිටීම ද අරුමයක් නොවේ.

මේ ග්‍රන්ථයෙන් ඔබ කැඳවා ගෙන යන්නේ ඒ අපූරු යටගියාව වෙතය. මෙම කෘතියෙහි අරමුණ වන්නේ කොළඹ නගරයේ භෞතික පරිසරයෙහි වෙනස්වීම සහ සමාජ සංසිද්ධීන් ගෙන හැර දැක්වීම පමණක්ම නොවේ. කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් රටේ දේශපාලන දිශානතිය හැඩ ගැසුණු ආකාරයත්, මෙරට සමස්ත ජනතාවගේ සිතුම් පැතුම්, ආකල්ප හා ජීවන රටාවන් ඒ ඔස්සේ පරිවර්තනයකට ලක් වූ ආකාරයත් ගැන පූර්විකාවක් කරනු පිණිසය.

වර්තමානය බිහිව ඇත්තේ අතීත නටඹුන් මතය. අනාගතය ද නිසැකයෙන්ම ගොඩ නැගෙනුයේ වර්තමානයේ පාදම මතය. එබැවින් ඓතිහාසික කරුණු කාරණා ඔස්සේ වර්තමානය නිවැරදිව කියවා ගැනීම හරහා ජාතියක අනාගතය තීන්දු වනු ඇත්තේය. අද දවසේ අප වෙත පැවරී ඇති ඓතිහාසික කාර්යභාරය වන්නේ ඉතිහාසය යළි යළිත් සිදුවන්නට ඉඩ හැරීම නොව අනාගතය වෙනුවෙන් නැවුම් ඉතිහාසයක් නිර්මාණය කිරීමයි.

සමන් කළු ආරච්චි
කැනඩාවේ වැන්කුවර් නුවර සිට

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තලපති විජේ ගේ දේශපාලන රැළියේ ජනතා තෙරපීමෙන් පුද්ගලයෝ 39ක් මිය යති… 50කට අසාධ්‍යයයි….

Next Post

ඇමති කුමාර ජයකොඩිට නඩු දැමීම අනිවාර්යයි… අල්ලස් කොමිසම කියයි!

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.