අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

“ඔන්ලයින්“ – වචනයට යටින් සැඟවී ඇති ජීවිත ඛේදවාචකය….

ගුරුවරියකගේ ඔන්ලයින් අත්දැකීම...

by editor
මැයි 22, 2021
in ජීවිතය
Online
Share on FacebookShare on Twitter

විදුහල්පති තුමා ලබා දී තිබූ කාල සටහනට අනුව පැය දෙකක් ඔන්ලයින් ඉගැන්විය යුතුව තිබිණි. ඒ සඳහා මා පාසලට යාමට තීරණය කළේ අදාළ පාඩමට ඉගෙනුම් උපකරණ ද අත්‍යවශ්‍යව තිබුණු බැවිනි. හැඳුනුම් පතේ අවසාන අංකය කුමක් වුවද පාරට බැසිය යුතුව තිබිණි.

පාසලට ඇතුළු වන ගේට්ටුව අසල මා රැක වුන්නේ බොරපාට ඇඳුම් ඇඳගත් සිසුවෙකි.

“ටීචර් ..අපෙ අය්යා මේක ටීචර් ට දෙන්න කීවා ….”

හතරට පහට නැමූ කොළයක් ඔහු මවෙත දිගු කළේය .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“පුතා කීයෙ පන්තියේ ද..”

“හයේ”..

“අය්යා ..?

“කසුන්… 10 G..”

“එයා කෝ දැන්..”

“කඩෙන් බඩු ගන්න ආවා. ටීචර් ට ඕක දෙන්න කීවා…”

පොඩි එකා කතා කරන අතරතුර ඔහුගේ මුහුනේ අවපැහැය දුටුවෙමි. ඇස් අග්ගිස්සේ කඳුළු පැල්ලම් මිදී තිබිණි. මුහුණ අපිරිසිදු බව පෙනුණි.

“පුතේ..එන්නකෝ..”

මම ඔහු පාසලේ ජල කරාමය වෙත රැගෙන ගොස් සබන් ගා හොඳින් මුහුණ සෝදා ගැනීමට උපදෙස් දුන්නෙමි. අත් බෑගයෙන් ගත් ටිෂූ කොල කීපයක් දි මුහුණ පිසදා ගන්න යැයි කීවෙමි.

“ආ……දැන් ලස්සන යි. ළමයි වුනාම පිරිසිදුව ඉන්න ඕන. ගෙදර කවුද ඉන්නේ ..” යමක් ඉවවැටුන නිසා මම එසේ ඇසුවෙමි.

“තාත්තයි..අය්යා යි.. නංගී යි… මල්ලි යි…”

“අම්මා…..?”

“එයා නෑ..”

මම ඉන් එහා කිසිවක් නොඇසුවෙමි. පොඩි එකා වේගයෙන් ඉගිල්ලී අතුරුදහන් වූවේය.

කසුන් එවූ කොලය අත් බෑගයට දා ගත්තෙමි. ඔන්ලයින් පන්තිය මට බොහො වැදගත් විය. සිසුන් 180න් සහභාගි වී සිටියේ 65 දෙනෙකි.

“මෙහෙම ඉගෙන ගන්න එක හරි අමාරු වැඩක් ටීචර් …..”
“සිග්නල් අවුල් වෙනවා ටීචර් .”
“ටීචර් කියන ඒවා මට ඇහෙන්නෙ නැහැ …”
“ටීචර් අද පාඩම නියමයි..”

උගන්වන අතරතුර එවැනි මැසේජ් ද ආවේය.

මම දරුවන් ගේ මුහුණු දැක බලා ගැනීමේ අපමණ ආශාවෙන් පෙලුනෙමි…ගුරුවරු එහෙම ය…
“ඔයාලා කැමරා ඔන් කරන්න කෝ…ආසයි දකින්න …” ඒ අව්‍යාජ මුහුණු දැක බලා ගත්තෙමි .

“ගෙවල්වලම ඉන්න නිසා වෙන්නැති ඔයා ල හැමෝම ලස්සන වෙලා….”

“ටීචත් ලස්සන වෙලා..”

ලස්සන තිබෙන්නේ ඇස්වලය…..ගුරුවරු න්ට දරුවනුත්, දරුවන්ට ගුරුවරුනුත් කොහොමත් ලස්සන ය. කාට කැතවුනත් ලස්සන ය….

පාඩම අවසානයේ සැනසුම් සුසුම් හෙලුවෙමි. වතුර උගුරක් බී..කසුන් ගේ ලිපිය දිගහැරියෙමි.

ටීචර් …
මං දහය G පන්තියේ කසුන්.
ටීචර් ට මාව මතකද..? ..ටීචර් අර හැමදාම කියන්නෙ ..” කොල්ලො උඹ වැඩ කෙරුවෙ නැත්තං මං උඹෙ “ක” යන්න කපනවා කියල … ඒ කොල්ලා මං.
මං ඉස්කෝලේ වැඩ හොඳට කරනවා ටීචර් . මං 8 පන්තියේ ඉද්දි අම්මා පිළිකාවක් හැදිල මැරුනනේ … එයා කීවා මට හොඳට ඉගෙන ගෙන නංගී යි මල්ලිල 2යි බලාගන්න කියලා .
තාත්තා ළඟ සල්ලි ටිකක් තියෙනවා. ඒත් නංගී ලොකු ලමයෙක් වෙයි කියල එයා බයයි. රත්තරනුත් ගනන්. නංගී ට කරාබු දෙකක් අරන් දෙන්න ඕනලු . මං මේ දවස්වල පොල් ඉරටු ගෑවා. පොල් ඉරටු කිලෝ එකක් හොඳ ගනන්. ඩේටා ගන්න නම් සල්ලි තියෙනවා. මේ පාර අපේ කොස් ගහේ ගෙඩි ගොඩක් හැදුණා.
ටීචර් ට බුදුසරණ යි!
“ඔයා ට පුලුවන් ද මට ෆෝන් එක ක් අරන් දෙන්න …”
මං කසුන්.

ඇස්වලින් නොනවත්වා ම කඳුළු හැලෙන්නට විය. කසුන්ගේ අහිංසක දෑස මා ඉදිරියේ මැවි මැවී පෙනෙන්නට විය. හදවත පැලෙනවා නම් පැලී කෑලිවලට කැඩී විසීරී යන්නට තරම් බරක් ඒ අත් අකුරුවල මට දැනුනි. මේ බැඳීම් මොන තරම් අව්‍යාජ දැයි, ලස්සන දැයි, අහිංසක දැයි මම පැය ගණනක් කල්පනා කලෙමි. වසංගතය අමතක කර කසුන් සොයා ගොස් බදා සිප ගන්නට තරම් සිතක් පහළ විය.
මේ ලියැවුන අකුරක් අකුරක් ගානේ ඇත්තේ ජීවිතය ය. මේ ජීවිත සමග ගනුදෙනු කරන රැකියාවක් ය…..
කඳුළු බර වැඩිම රැකියාව ය…


පසුව ලියමි… 

ඇඳිරි නීතියට පෙර මං කසුන් ට මා අතේ ඉතිරිව ඇති මුදලට සරිලන ස්මාර්ට් ෆෝන් එක ක් රැගෙන ඔහුගේ පැල්පතට ගියෙමි. පාසල ආපසු ආරම්භ වූ පසු නැවත එයා මා වෙත ලබා දෙන ලෙසද පැවසුවෙමි. ඒ පැල්පතට මා ගොඩ නොවූයේ කාරණා කීපයක් ම නිසාය.
කසුන් කතා කලේ වචන කීපයකි..
“..ටීචර් ට ගොඩක් ස්තූතියි …..”

ආපහු එන ගමන්……..

“දැන් තමුසෙ ලමයි පස් දෙනෙක් ලියුම් පහක් එව්වොත් ෆෝන් පහක් අරන් දෙනවද?. උදේට අර ළමයට මේ ලමයට කියල බත් මුල් දෙක තුන ඔතනවා. විභාග ලංවෙද්දි ළමයි ගෙදර ගේනවා. මේ රස්සාව තමුසෙට හරි යන්නෙ නැහැ . “
එහෙත් මේ මට ගැලපෙන ම රැකියාව ය. ජීවිතය කියන්නේ එයටය. ට්‍රිලියනයක් බිලියනයක් වියදම් කළත් නොලැබෙන සතුටකටය. හෘද සාක්ෂියටය. ඒ සතුට මේයැයි කිසිවෙකුට ත් පහදා දීමට තරම් වචන මා ඉගෙන ගෙන නැත.
කසුන් ගෙ ගෙදර ඉස්සර හ කොස් ගහ බර වෙලා තිබුණි. ඡයා රූපයක්වත් ගන්නට උත්සාහ කළේ නැත. ජීවිතය රූප රාමුවලට කොටු කළ නොහැකි බැවිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෛද්‍ය විද්වතුන් මාධ්‍ය හමුවට ගියේ ජනාධිපතිට කියලා බැරිම තැනයි !

Next Post

දේශපාලන චිට්වලට එන්නත් දීම දැන්වත් නවත්වන්න… GMOA වසංගත රෝග අංශයට කියයි..

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.