අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

අලුත් අමුත්තාගේ කිරි සුවඳ දිගේ ඇල්ප්ස් කඳු මතට ගිය ගමන…

ඇල්ප්ස් කඳුමත කිරි ගොවින්ගේ ජිවිතය - 02

by editor
ජූලි 8, 2020
in ජීවිතය
Share on FacebookShare on Twitter

සුනේත්‍රා ඇතුගල්පුර

-ජායාරූප ශෂි සුබ්‍රමනියම්-

ඇල්ප්ස් කිරි ගොවීන්ගේ ජීවිතය කැපවීම, වෙහෙස නොබලා වැඩ කිරීම, ධෛර්ය සම්පන්න බව හා ආත්ම තෘප්තිය මත පදනම් වූ එකක් යැයි කීම නිවැරදිය.
එය ඇල්ප්ස් කඳු වැටියේ ජීවත්වන සතා සිවුපාවට පවා පොදුය. ඇල්ප්ස් කඳු වැටියේ ඇති කුඩා මාර්ග ඇතැම්විට ගවයින් ගෙන් පිරී පවතින අතර ඒ හරහා වාහනයකින් ගමන් කරන අයෙකුට බොහෝ වේලා ගතවන අවස්ථාද නැතුවා නොවේ. සිය නිදහස නිදැල්ලේ ජීවත්වන ගවයින් උපරිමයෙන් භුක්ති විදින්නේ ඒ ආකාරයටය .

අලුත් අමුත්තා.

අලුත් අමුත්තාට කිරි පොවමින්..
අලුත් අමුත්තා පුංචි උන් කුතුහලයට පත් කර ඇති අයුරු

මාර්ටින් හා රෙබෙකා යුවළට හිමි වූ නවතම අමුත්තා පිළිබඳව කෙටි පණිවිඩය අපට ලැබුණේ පාන්දර 3.45 පමණය. එය කිසිසේත් ඇල්ප්ස් කඳු වෙත යාමට සුදුසු වේලාවක් නොවෙයි. දුර්නක්තාල් ඇල්ප්ස් කඳු වැටිය වෙත ගමන් කිරීමට අප යොදාගෙන තිබූනෙ එදින පෙරවරු 9:00 ටය. අලුත උපන් අමූත්තා දැකගැනීමට අපද නොවිසිලිමත්ව සිටියෙමු. එහෙත් රෙබෙකා හා මාටින්ගේ ගව පට්ටිය වෙත ගමන් කරන මාර්ගයේ මීටර් දෙසීයක් පමණ මෙපිට අපිට නතරව්මට සිදුවිය. ඒ මීට පෙර කී ආකාරයට ගවයින් මාර්ගය අවහිර කරමින් සිය නිදහස භුක්ති විඳිම නිසාය. මාර්ගය හරහා ඉදිරියට ගමන් කිරීමට දැරූ සියලු ප්‍රයත්නයන් අසාර්ථක වූ අතර අප ගමන් කළ වාහනය තුළට හොම්බ දැමීමට ඇතැම් දඟකාර යොවුන් ගවයින් උත්සාහ දැරීම අපට සොඳුරු අත්දැකීමක් විය. අවසානයේ මාටින්ට අප වෙත පැමිණීමට සිදුවූයේ ,නොසිතූ ආකාරයට මාර්ගය තවදුරටත් අවහිර වි තිබූ නිසාය .
අලුත උපන් අමුත්තා සඳහා ගව පට්ටියේ විශේෂ ස්ථානයක් සූදානම් කොට තිබිණි. මෙම නව අමුත්තාගේ සම්ප්‍රාප්තියෙන් වඩාත් සතුටට පත්ව සිටින්නේ මාර්ටින් හා රෙබෙකා යුවළගේ දරුවන් දෙදෙනාය. ඔවුන් දැනටමත් මෙම වසු පැටියාට “හාන්ස්ලි” නම යොදා තිබිණි. ඒ වනවිටත් හාන්ස්ලිට අවශ්‍ය කිරි සිය මවගෙන් දොවාගෙන තිබුණේය. ලීටර් එක හමාරක බීම බෝතලයකට දමාගත් එම කිරි මාටින් විසින් වසු පැටියාට පෙවීම ඉතාම සොඳුරු දසුනක් විය .
“අපි මේ වසුපැටියා ගෙ මවගේ කිරි දින කීපයක් යනතුරු බීමට දොවන්නේ නැහැ, ඒ දින කීපයේම කිරි දොවන්නෙ වසු පැටියාට පොවන්න විතරයි, ඇතැම්විට වසු පැටියාට කිරි පෙවීම ලේසි පාසු පහසු කර්තව්‍යයක් නොවේ “රෙබෙකා පැවසුවේ හාන්ස්ලිට කිරි පෙවීමට මාර්ටින් දැඩි උත්සාහයක් දරන අතරතුරදීය.

දිනචර්යාව

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රෙබෙකා කිරි දෙවීම අරඹා ඇති අයුරු
මාටින් කිරි දෙවීමේ කටයුතුවලට පෙර

ඇල්ප්ස් කිරි ගොවීන් ගේ දින චර්යාව සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ අලූයම හතරට පමණය. බොහෝ විට කෝපි වීදුරුවකින් සප්පායම්වන ඔවුන් ඉන් අනතුරුව යන්නේ ගව පට්ටිය වෙතය. කිරි එළදෙනුන් සඳහා වියලි තණකොළ ලබාදීම ගව පට්ට්යෙදී ඇල්ප්ස් ගොවීන් මුලින්ම කරන කර්තව්‍යයයි. කිරි දෙවීම ආරම්භ කෙරෙන්නේ ඉන් අනතුරුවය. ඒ සඳහා යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක වන කිරි පොම්ප යොදා ගැනේ. කිරි දෙවීම සඳහා එක්තරා ක්‍රියාපිළිවෙතක් තිබේ. මුලින්ම එළදෙනුන්ගේ තන්පුඩු පිරිසුදු කළ යුතුය. අනතුරුව කිරි ප්‍රසාරණය වීම සඳහා දෑත් ආධාරයෙන් තන් පුඩු මිරිකා කිරි පිටතට ගැනේ.  ඉන් අනතුරුව සිදු කරන්නේ බීජ නාශක ද්‍රව්‍යයක් මගින් එළදදෙනුන්ගේ තන් පිඩු යළි පිරිසිදු කිරීමය. පසුව යන්ත්‍රානුසාරයෙන් එම කිරි ප්‍රධාන කිරි ගබඩාව වෙත පොම්ප කෙරේ.
මාටින් හා උරෙන් උර ගැටී රෙබෙකා කිරි දෙවීමේ කටයුතුවල නිරතවීම කැපී පෙනෙන දසුනකි. ඔවුන් ඇතැම් එළදෙනුන් වෙත ළඟා වත්ම උන්ගේ තනපුඩු වලින් කිරි පිටතට ශ්‍රාවය වීම ආරම්භ කෙරේ .
“මෙය සාමාන්‍ය දෙයක්, අපි කිරි දොවන්න ලං වෙනකොටම උන් ඒක දන්නවා, සමහර වෙලාවට අපිටත් කලින් උන් සූදානම් වෙලා කිරි දොවන්න.

කිරි දොවන යන්ත්‍ර කට්ටලයෙන් කොටසක්…

“මාර්ටින් පැවසුවේ මෙම දසුන අපට නැවුම් අත්දැකීමක් බව අපගේ මුහුණුවලින දිස් වීම නිසාය .
මාර්ටින් රෙබෙකා යුවළ දිනකට දොවාගන්නා කිරි ප්‍රමාණය ලීටර් 770ක් පමණ වේ.  දිනකට එක් එළදෙනකුගෙන් ලබා ගන්නේ කිරි ලීටර් 18.5 ක ප්‍රමාණයකි. එම කිරි යොදා ගැනෙන්නේ ඇල්ප්ස් චීස් නිෂ්පාදනය සඳහාය.

ඇල්ප්ස් චීස් නිෂ්පාදනය පිළිබඳ තොරතුරු ලබන සතියේ බලාපොරොත්තුවන්න.

 

Tags: නවතම
Share375Tweet43
Previous Post

ආණ්ඩුවත් දැන් ‘එදා වේල ටුවර්ස්’

Next Post

කුඩු සහ පිස්තෝල සමඟ පැන්න රාජිත අල්ලන්න මෙහෙයුමක්

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.