fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

අලුත් අමුත්තාගේ කිරි සුවඳ දිගේ ඇල්ප්ස් කඳු මතට ගිය ගමන…

ඇල්ප්ස් කඳුමත කිරි ගොවින්ගේ ජිවිතය - 02

වසර 2ක් ago
in ජීවිතය
602 6
0
Share on FacebookShare on Twitter

සුනේත්‍රා ඇතුගල්පුර

-ජායාරූප ශෂි සුබ්‍රමනියම්-

ඇල්ප්ස් කිරි ගොවීන්ගේ ජීවිතය කැපවීම, වෙහෙස නොබලා වැඩ කිරීම, ධෛර්ය සම්පන්න බව හා ආත්ම තෘප්තිය මත පදනම් වූ එකක් යැයි කීම නිවැරදිය.
එය ඇල්ප්ස් කඳු වැටියේ ජීවත්වන සතා සිවුපාවට පවා පොදුය. ඇල්ප්ස් කඳු වැටියේ ඇති කුඩා මාර්ග ඇතැම්විට ගවයින් ගෙන් පිරී පවතින අතර ඒ හරහා වාහනයකින් ගමන් කරන අයෙකුට බොහෝ වේලා ගතවන අවස්ථාද නැතුවා නොවේ. සිය නිදහස නිදැල්ලේ ජීවත්වන ගවයින් උපරිමයෙන් භුක්ති විදින්නේ ඒ ආකාරයටය .

අලුත් අමුත්තා.

අලුත් අමුත්තාට කිරි පොවමින්..
අලුත් අමුත්තා පුංචි උන් කුතුහලයට පත් කර ඇති අයුරු

මාර්ටින් හා රෙබෙකා යුවළට හිමි වූ නවතම අමුත්තා පිළිබඳව කෙටි පණිවිඩය අපට ලැබුණේ පාන්දර 3.45 පමණය. එය කිසිසේත් ඇල්ප්ස් කඳු වෙත යාමට සුදුසු වේලාවක් නොවෙයි. දුර්නක්තාල් ඇල්ප්ස් කඳු වැටිය වෙත ගමන් කිරීමට අප යොදාගෙන තිබූනෙ එදින පෙරවරු 9:00 ටය. අලුත උපන් අමූත්තා දැකගැනීමට අපද නොවිසිලිමත්ව සිටියෙමු. එහෙත් රෙබෙකා හා මාටින්ගේ ගව පට්ටිය වෙත ගමන් කරන මාර්ගයේ මීටර් දෙසීයක් පමණ මෙපිට අපිට නතරව්මට සිදුවිය. ඒ මීට පෙර කී ආකාරයට ගවයින් මාර්ගය අවහිර කරමින් සිය නිදහස භුක්ති විඳිම නිසාය. මාර්ගය හරහා ඉදිරියට ගමන් කිරීමට දැරූ සියලු ප්‍රයත්නයන් අසාර්ථක වූ අතර අප ගමන් කළ වාහනය තුළට හොම්බ දැමීමට ඇතැම් දඟකාර යොවුන් ගවයින් උත්සාහ දැරීම අපට සොඳුරු අත්දැකීමක් විය. අවසානයේ මාටින්ට අප වෙත පැමිණීමට සිදුවූයේ ,නොසිතූ ආකාරයට මාර්ගය තවදුරටත් අවහිර වි තිබූ නිසාය .
අලුත උපන් අමුත්තා සඳහා ගව පට්ටියේ විශේෂ ස්ථානයක් සූදානම් කොට තිබිණි. මෙම නව අමුත්තාගේ සම්ප්‍රාප්තියෙන් වඩාත් සතුටට පත්ව සිටින්නේ මාර්ටින් හා රෙබෙකා යුවළගේ දරුවන් දෙදෙනාය. ඔවුන් දැනටමත් මෙම වසු පැටියාට “හාන්ස්ලි” නම යොදා තිබිණි. ඒ වනවිටත් හාන්ස්ලිට අවශ්‍ය කිරි සිය මවගෙන් දොවාගෙන තිබුණේය. ලීටර් එක හමාරක බීම බෝතලයකට දමාගත් එම කිරි මාටින් විසින් වසු පැටියාට පෙවීම ඉතාම සොඳුරු දසුනක් විය .
“අපි මේ වසුපැටියා ගෙ මවගේ කිරි දින කීපයක් යනතුරු බීමට දොවන්නේ නැහැ, ඒ දින කීපයේම කිරි දොවන්නෙ වසු පැටියාට පොවන්න විතරයි, ඇතැම්විට වසු පැටියාට කිරි පෙවීම ලේසි පාසු පහසු කර්තව්‍යයක් නොවේ “රෙබෙකා පැවසුවේ හාන්ස්ලිට කිරි පෙවීමට මාර්ටින් දැඩි උත්සාහයක් දරන අතරතුරදීය.

දිනචර්යාව

රෙබෙකා කිරි දෙවීම අරඹා ඇති අයුරු
මාටින් කිරි දෙවීමේ කටයුතුවලට පෙර

ඇල්ප්ස් කිරි ගොවීන් ගේ දින චර්යාව සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ අලූයම හතරට පමණය. බොහෝ විට කෝපි වීදුරුවකින් සප්පායම්වන ඔවුන් ඉන් අනතුරුව යන්නේ ගව පට්ටිය වෙතය. කිරි එළදෙනුන් සඳහා වියලි තණකොළ ලබාදීම ගව පට්ට්යෙදී ඇල්ප්ස් ගොවීන් මුලින්ම කරන කර්තව්‍යයයි. කිරි දෙවීම ආරම්භ කෙරෙන්නේ ඉන් අනතුරුවය. ඒ සඳහා යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක වන කිරි පොම්ප යොදා ගැනේ. කිරි දෙවීම සඳහා එක්තරා ක්‍රියාපිළිවෙතක් තිබේ. මුලින්ම එළදෙනුන්ගේ තන්පුඩු පිරිසුදු කළ යුතුය. අනතුරුව කිරි ප්‍රසාරණය වීම සඳහා දෑත් ආධාරයෙන් තන් පුඩු මිරිකා කිරි පිටතට ගැනේ.  ඉන් අනතුරුව සිදු කරන්නේ බීජ නාශක ද්‍රව්‍යයක් මගින් එළදදෙනුන්ගේ තන් පිඩු යළි පිරිසිදු කිරීමය. පසුව යන්ත්‍රානුසාරයෙන් එම කිරි ප්‍රධාන කිරි ගබඩාව වෙත පොම්ප කෙරේ.
මාටින් හා උරෙන් උර ගැටී රෙබෙකා කිරි දෙවීමේ කටයුතුවල නිරතවීම කැපී පෙනෙන දසුනකි. ඔවුන් ඇතැම් එළදෙනුන් වෙත ළඟා වත්ම උන්ගේ තනපුඩු වලින් කිරි පිටතට ශ්‍රාවය වීම ආරම්භ කෙරේ .
“මෙය සාමාන්‍ය දෙයක්, අපි කිරි දොවන්න ලං වෙනකොටම උන් ඒක දන්නවා, සමහර වෙලාවට අපිටත් කලින් උන් සූදානම් වෙලා කිරි දොවන්න.

කිරි දොවන යන්ත්‍ර කට්ටලයෙන් කොටසක්…

“මාර්ටින් පැවසුවේ මෙම දසුන අපට නැවුම් අත්දැකීමක් බව අපගේ මුහුණුවලින දිස් වීම නිසාය .
මාර්ටින් රෙබෙකා යුවළ දිනකට දොවාගන්නා කිරි ප්‍රමාණය ලීටර් 770ක් පමණ වේ.  දිනකට එක් එළදෙනකුගෙන් ලබා ගන්නේ කිරි ලීටර් 18.5 ක ප්‍රමාණයකි. එම කිරි යොදා ගැනෙන්නේ ඇල්ප්ස් චීස් නිෂ්පාදනය සඳහාය.

ඇල්ප්ස් චීස් නිෂ්පාදනය පිළිබඳ තොරතුරු ලබන සතියේ බලාපොරොත්තුවන්න.

 

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

ආණ්ඩුවත් දැන් ‘එදා වේල ටුවර්ස්’

Next Post

කුඩු සහ පිස්තෝල සමඟ පැන්න රාජිත අල්ලන්න මෙහෙයුමක්

Related Posts

Coronavirus COVID-19 single dose small vials and multi dose in scientist hands concept. Research for new novel corona virus immunization drug.

කොවිඩ් බියක් නැතිවිට නුවර පාසල් දරුවන්ට කොවිඩ් කාලයේත් නැති කොවිඩ් එන්නත් මොකටද?…

මැයි 24, 2022
අරුණි විජේවර්ධන

නව විදේශ ලේකම් අරුණි විජේවර්ධන වැඩ භාර ගනී

මැයි 23, 2022

පෙර හෙළ රජ කල සිට පැවතෙන  වෙසක් සිරිත…

මැයි 14, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • බලශක්ති ඇමති  ජූනි 01 වැනිදා සිට කඩිනම් හරිත බලශක්ති සැලැස්මක් ගෙනෙයි!
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට අභියෝගයක්… මාස තුනකින් ආයතන ලාභ පෙන්විය නොහැකිනම් රස්සාව ඉවරයි….
  • අරගලයට දින 50යි… පොලිස් මූලස්ථානයෙත් ආරක්ෂාව තර කර පා ගමනට අධිකරණ නියෝගයක් ගනී!
  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…
  • අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්

ජනප්‍රිය පුවත්

  • හොර පාස්පෝට් නඩුවට ශෂී වීරවංශ වරදකරු වෙයි… අවුරුදු 02ක් හිරේට….

    174 shares
    Share 70 Tweet 44
  • රාජ්‍ය සේවකයින්ගේ බලාපොරොත්තු සුන්…  වැටුප් වැඩිවීමක් නෑ…

    209 shares
    Share 84 Tweet 52
  • පොලිස්පති දෙබිඩ්ඩෙක්… පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් චෝදනා… සාක්ෂි මෙන්න….

    204 shares
    Share 82 Tweet 51
  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    172 shares
    Share 69 Tweet 43
  • අවුරුද්දේ මුල් කාර්තුවේ නිමි තේ නිශ්පාදනය කිලෝ ලක්ෂ 40කින් අඩු වෙලා… නැතිවුණු විදේශ විනිමය ඩොලර් මිලියන 73ක්….

    208 shares
    Share 83 Tweet 52
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!

    193 shares
    Share 77 Tweet 48

Highlights

අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්

සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්

රෝගීන්ට බෙහෙත්, ධීවරයින්ට භූමි තෙල් රැගත් ඉන්දියානු සහන නැවක් එයි!

සේවයට ගෙන්වන පිරිස් සීමා කර රාජ්‍ය සේවයේ වියදම් අඩු කළ හැකි ද?

සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

solar112

බලශක්ති ඇමති  ජූනි 01 වැනිදා සිට කඩිනම් හරිත බලශක්ති සැලැස්මක් ගෙනෙයි!

by editor
මැයි 28, 2022
0

කඩිනම් පුනර්ජනනීය බලශක්ති උත්පාදන සැලැස්මක් 2022...

සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට අභියෝගයක්… මාස තුනකින් ආයතන ලාභ පෙන්විය නොහැකිනම් රස්සාව ඉවරයි….

by editor
මැයි 28, 2022
0

නව ජනමාධ්‍ය සංස්කෘතියක් ඇතිකිරීම වෙනුවෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේ...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist