බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home කොලම

අද කර්ෆියු ඇයි…?

by Lanka Sara Editor
ජූනි 4, 2020
in කොලම
Share on FacebookShare on Twitter

මේ ප්‍රශ්නය මගෙන් කීප දෙනෙක්ම ඇහුවා. මමත් ඒ ප්‍රශ්නයම තවත් කීප දෙනෙක්ගෙන් ඇහුවා. තව තව අය වෙන වෙනත් අයගෙන් අහනවත් මට ඇහුණා.

මදි නොකියන්න මාස ගණනාවක් තිස්සේ නිවාඩු හින්දා කවුරුත් මේ නිවාඩුව ගණන් ගන්නේ හරිම අලස කමින්. ‘මොන රෙද්දකට නිවාඩු දුන්නද මන්දා’ කියලා මිනිස්සු හිතනවා. ඒත් වැඩි දෙනෙක් හේතුව හොයන්න තරම්වත් කරදර වෙන්නෙ නෑ. මම මගේ සියල්ල දත් මිතුරන් කීප දෙනෙකුට කතා කළා.

“ඕක අනිවාර්යයෙන් ඩඩ්ලිගේ වැඩක් වෙන්නැති. කැළණියට ආපු බුදුන් සමරන්න දවස් දෙකක් නිවාඩු දෙනවනම්, එයාලගෙ උතුරු මැද පළාතට ආපු මිහිදු සිහිකරන්න දින දෙකක් නොදීම අසාධාරණයි කියලා හාල් මෝල් හිමියන්ගේ සංගමේ කියන්නැති” මිතුරෙක් කීවා.

“මෝල් ද මිනිහෝ ඔහොමත් නිවාඩු දෙනවද?”

RelatedPosts

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

“ඒකත් ඇත්ත. ඩඩ්ලි ඉල්ලුව නම් මේ වෙලාවේ පොසොන් සතියක් ගන්න තිබ්බා. මෝල්වල සල්ලි නැතුව කොහොමද චන්ද මෝල කරකවන්නෙ?”

“ඕක වෙන හේතුවක් වෙන්න බැරිද?” එකෙක් විමසුවා.

“ඔව් පෝය දවසට ඉස්සෙරින් දා මිනිස්සු වන්දනාවේ ගිහින් ගල සෝදලා කැලේ පිරිසිදු කරයි කියලා වෙන්නැති. අනික මිනිස්සු පිරුනොත් මිහිදුට තිස්සවයි, තිස්සට මුවාවයි පේන්නෙ නැතුව යනවනේ. ඒ හින්දා කර්ෆියු පාස් දීලා තියෙන්නේ මිහිදුටයි තිස්සටයි මුවාටයි විතරයි”

මුවා පසු පස යෑමෙන් අපේ අරමුණ ද ඉටු නොවන වග මම මතක් කළා.

“සමහර විට සෑම පෝයකට පෙර දිනම නිවාඩු දෙන්න හිතන් ඉන්නවද කවුද දන්නේ? හැටේ දශකෙ අගත් මෙහෙම විගඩමක් තිබ්බ. සැදැහැවතුන් සනසන්න හතර පෝයටයි, පෝයට පෙර දිනයි නිවාඩු දෙන. අන්තිමට යූ.එන්. පී. ආණ්ඩුවට ඒ පිනේ ආනිශංස ඊළග චන්දෙදිම ලැබුණා”

වල්පල් මිසක් අද නිවාඩුවට හේතුව කිසිවෙකුට කියා ගත නොහැකියි.

“ඕක ගැන අපි කතා කරලා වැඩක් නෑ. මිහිදු හාමුදුරුවො හෙට වැඩිය නම් අහන්නෙත් ඔය ප්‍රශ්නේම තමයි” මිතුරෙක් කියනවා.

*

“තිස්ස, මේ රටේ තොපේ ආණ්ඩුව හැර වෙනත් ආණ්ඩුවකුත් තිබේද?”

දුවන මුවන් දැක නෙලූ පලා බිම දැමූ තිස්ස මදක් නතර විය.

“මිනිස්සු නම් හිතන්නේ මම තමයි රජු කියලා. කාටවත් කියන්න එපා, මටත් පොඩී ඩවුට් එකක් තියෙනවා” තිස්ස වටපිට බලා කීය.

“තිස්ස, අද ඇදිරි නීතිය හැර වෙනත් ඇදිරි නීති දිනත් තිබිණිද?”

ස්වයංක්‍රීය ගිණි අවිය පසෙක තැබූ තිස්ස හති අරින්නට විය.

“එසේය. මින් පෙර මාස දෙකක් එක දිගටම ඇදිරි නීතිය විය”

ඔහු ප්‍රශ්නයෙන් මුවාවී පළා යෑමට මගක් සෙවීය.

“තිස්ස, මේ ඇදිරි නීතියත් ඒ ඇදිරි නීතියත් හැර, වෙනත් ඇදිරි නීති දිනයන්ද තිබිණිද?”

ගැලවීමට මගක් නැති බව තිස්සට පසක් විය.

“එසේ…..ය. ඊයේත්…. කර්ෆිව්‍ ය”

ඔහු ඇද පැද පිළිතුරු බැන්දේ ය.

“තිස්ස, මම එන්නේ අද කියා දැනගෙන ඊයේ කර්ෆිව් දැම්ම එකා කවුද?”

“ඌව තමයි මේ මාත් හොයන්නේ!”

Share129Tweet43
Previous Post

ෆයිල් කඩදාසිවලින් කොම්පියුටරේට මාරුවෙන්න කොටස් වෙළෙඳපොළට සුරැකුම්පත් කොමිසමෙන් අනුමැතිය…

Next Post

ජීවත් වෙන්න  රෙදි අපුල්ලන රජ කුලේ රජකයෝ

Related Posts

colum
කොලම

රනිල් පුතා හොඳ ළමයා!

ජූලි 18, 2022
colum
කොලම

ගෝඨා නැවත එයි!

ජූලි 15, 2022
colum
කොලම

කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…

ජූනි 28, 2022

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.