ශ්රී ලංකා කණ්ඩායමට හිසරදයක් වූ වමත්කාර සිම්බාබ්වේ පිතිකරුවන් දෙදෙනා මට්ටු කිරීමේ අභිලාෂය ද සහිතව ක්රීඩක සංයුතියේ වෙනසක් කරමින් හෙට තරගයට කණ්ඩායම සූදානම් කරන බව ශ්රී ලංකා කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු රොමේෂ් රත්නායක පැවසීය.
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පවත්වන තුන්වන සහ අවසන් තීරණාත්මක තරගය හෙට පල්ලෙකැලේ ක්රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
මේ වනවිට ශ්රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම එක් තරගයක් බැගින් ජයග්රහණය කර තිබේ.