ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු 16 දෙනා අද සවස නිරෝධායනයෙන් මුදවා නිදහස් කර තිබේ. ඔවුන් නිරෝධායනය කර තිබුනේ මුලතිව් හි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථානයේය.
යුද හමුදාවට අයත් බස් රථවලින් ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිස අද රාත්‍රීයේම කොළඹට රැගෙන ඒමට නියමිතය.
බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව ඉකුත් 8 දා උද්ඝෝෂණයක නිතර වූ ස්ටාලින් ඇතුළු පිරිස පොලිස් අත්අඩංගුවට පත්විය.
ජොසප් ස්ටාලින් ඇතුළු පිරිස පොලිසිය විසින් නිරෝධයනය සඳහා යොමු කර තිබුණේ ඔවුන්ව අධිකරණයෙන් ඇපමත මුදාහැරීමෙන් පසුවය.