අපේ විභාග ක්‍රමය තුළ සාමාන්‍ය විභායගක් වූ අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අඩුවීම හේතුවෙන් නුවර නගරයේ ප්‍රධාන පාසල් දෙකක සිසුන් දෙදෙනෙක් සිය දිවි හානිකරගැනීමට තැත් කිරීම් පිළිබඳව නුවර පොලිසිය වාර්තා කරයි.
මෙම සිය දිවි හානි කරගැනීමට උත්සාහ කිරීම් ගැන වාර්තා වන්නේ දරුවන් අඩු ප්‍රතිඵල සහිත බව දැනගෙන නිවස තුළ දී දැඩි පීඩනයට ලක්වීමෙන් අනතුරුව පාසල් පරිසය තුළත් අවමානයට ලක්වීම හේතුවෙන් බව දැනගන්නට ඇත.
දෙමව්පියන් සිය දරුවන්ව දැඩි පීඩාවට ලක් කරන්නෙත්, පාසල් පරිසරය තුළ අවමානයයට ලක් කරනු ලබන්නේත්, අනතුරුව දරුවන් සිය දිවි නසා ගැනීමේ පටු තීන්දු වෙත එළඹෙන්නේත් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් පෙළ අධ්‍යාපනය සඳහා සුදුසුකම් සැපිරිය නොහැකි අවස්ථාවල අනාගතය සාක්ෂාත් කරගැනීම සඳහා සම්මත අධ්‍යාපන රාමුවෙන් පිට ඕනෑ තරම් උසස් අධ්‍යාපන අවස්ථා විවර වී ඇති පරිසරයකය.
කාර්මික විද්‍යාල, හෝටල් ක්ෂේත්රය, ඇතුළු විවිධ අනාගත රැකියා අවස්ථා පමණක් නොව සාමාන්‍යපෙළ ප්‍රතිඵළ නොසලකා රටේ ප්‍රධාන සරසවි මගින් සංවිධානය කර ඇති නොවිධිමත් පාඨමාලා ඔස්සේ සුදුසුකම් සපුරාගෙන උපාධියක් හිමිකරගැනීමේ මට්ටමට අධ්‍යාපන අවස්ථා පුලුල් කරගැනීමට හැකියාව පවතින වටපිටාවකය.
මේ අතර දෙවරක් සාමාන්‍ය පෙළ අසමත් වූ තරුණයෙක් සිය පෙම්වතියත් අහිමි වීමේ ආසන්න සිද්ධි මත මහවැලි ගඟට පැන සිය දිවි නසාගෙන ඇතැයි මහනුවර පොලිසිය කියයි.







