පවතින ගෝලීය දේශපාලිනක සහ ආර්ථික තත්ත්වයත් සමඟ ආහාර සහ බලශක්ති සුරක්ෂිත තාවය සම්බන්ධනේ වැඩි අවධානයක් හා මූලිකත්වයක් ලබාදිය යුතු බවට ඉන්දීය උප ජනාධිපත ජග්දීප් ධන්කාර් පෙන්වාදෙයි.
ඉන්දීය උප ජනාධිපතිවරයා මේබව පෙන්වා දී ඇත්තේ කාම්බෝජයේ පැවති නැගෙනහිර ආසියා සමුළුවට එක්වූ අවස්ථාවේදීය.
සමුළුව අමතමින් උප ජනාධිපතිවරයා සිය වැඩි අවධානයක් ගෝලීය ආහාර සුරක්ෂිතතාවයට සහ බලශක්ති සුරක්ෂිත තාවය සම්බන්ධයෙන් යොමුකරනු ලැබීය. එහිදී ඔහු නැගෙනහිර ආසියාතික රටවල් ආහාර සුරක්ෂිත තාවයට දායක වියයුතු බවද ප්‍රකාශ කර ඇත.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහා සමුළුව විසින් 2023 වර්ෂය ජාත්‍යන්තර වියලි ධාන්‍ය වර්ෂය ලෙස හදුන්වනු ලැබූ අතර එමගින් ආහාර සුරක්ෂිත බව සහතික කිරීමට කටයුතු කුල බවට ජාත්‍යන්තර ප්‍රජාව උනන්දු කිරීමට පියවර ගෙන තිබිණි.
මෙම සමුුුළුව අතරතුරදී ඉන්දීය උප ජනාධිපිතවරයා විසින් ලොව ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නායකයින් කීප දෙනෙකුම හමුවූ අතර එහිදී ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අතරද විශේෂ සාකච්ඡාවක් පැවැත්විනි.
මීට අමතරව ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයසංකර් විසින්ද එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇනත්නී බ්ලින්කන් අතර හමුවක්ද පැවැති අතර එහිදී දෙරටට වැදගත් කරුණු රැසක්ම සාකච්ඡාවට බදුන්කර තිබිණි. එහිදී රුසියා යුක්‍රේන යුද ගැටුම් හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුම්ට ඇතිව තිබෙන බලපෑම සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙහිදී ඉන්දු පැසිපික් කළාපයේ බලශක්ති සුරක්ෂිත බාවය සමබන්ධයෙන්ද වැඩි අවධානයක් යොමුව තිබිනු අතර එහිදී දෙරටටම මෙන්ම ගෝලීය වශයෙන්ද වැදගත් කරුණු රැසක් සාකච්ඡාවට බදුන්විය.







