බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණ තිබේ.
අද පෙරවරු 8.30ට කටුනායක ගුවන්තොටුපලට ලඟා වූ EK- 650 දරණ ගුවන් යානයෙන් ඔහු ලංකාවට පැමිණ තිබේ.
බැසිල් රාජපක්ෂ පිළිගැනීම සඳහා පොදු ජන එක්සත් පෙරමුණේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
මේ වනවිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ පොහොට්ටුව අතර ඇති වී තිබෙන විසංවාදය ඵලදායී ලෙස විසඳා ගැනීමේ සාකච්ඡා මේ සමගම ආරම්භ වනු ඇතැයි පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කීවේය.







