මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීම මසකට වරක් සිදු කිරීමට ඉදිරියේ දී බලාපොරොත්තු වන බවත් ඊට අදාළ කැබිනට් මණ්ඩල සංශෝධනය හෙට (සඳුදා) අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. ඊයේ(20) බෙදුම්කරුවන්ගේ සංගමයේ පනස් වැනි සංවත්සර උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ දැනට සති දෙකකට වරක් ඉන්ධන මිල සංශෝධනය හේතුවෙන් ඇතැම් බෙදුම්කරුවන් තමන්ට සිදුවිය හැකි පාඩු මඟ හරවා ගැනීමට මිල සංශෝධනයට ආසන්න වනවිට ඉන්ධන ඇණවුම් නොකර සිටීම සඳහා මෙම තීන්දුව ගත් බවයි.
අමාත්‍යවරයාට අනුව ඉදිරියේදී මසකට වරක් සිදු කෙරන මිල සංශෝධනය මධ්‍යම රාත්‍රි 2.00ට සිදු කිරීමට බලාලොරොත්තු වන බවත් ඊට පැය කිහිපයකට කලින් බෙදුම්කරුවන්ට දැනුම් දෙන බවත් සඳහන් කළේය. පාරිභෝගිකයන්ට විශ්වසනීය සේවයක් ලබා දෙන ලෙස බෙදුම්කරුවන් ගෙන් ඉල්ලා සිටි අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ ඉදිරියේ දී පවතින ඉන්ධන හිඟ සහ සීමාකාරී තත්ත්ව සමනය වූ වහාම වෙනත් රටවල් මෙන් දෛනිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවය. මේ සම්බන්ධයන් මේ වනවිත් ජනාධිපතිවරයා ඇතුළු රජය තීරණයකට පැමිණ ඇති බවද බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.







