බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැන්  දිළිඳු වී සිටින ජාතීන්ගේ  සම්පත් සූරාගෙන සංවර්ධනය වූ  රටවල් තම දේශගුණික මූල්‍ය දායකත්වයේ වගකීම් අත්හැරලා..

by editor
නොවැම්බර් 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • කාර්මික ලෝකයේ ඉහළ යන වායු විමෝචනයෙන් පීඩාවට පත් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් ඒ වෙනුවෙන් වන්දි ගෙවිය යුතුයි.

  • යුක්රේන් යුද්ධයේ දෙපස ඉඳන් යුද්ධයට ආධාර කරන්නේ ඔවුන්… මෙම යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ඉහළ යන ජීවන වියදම්, තෙල් හා ගෑස් සැපයුම් හිඟය සහ කුසගින්නට එරෙහි සටන අපේ නිවෙස් කරා ඇවිත්…

  • අප්‍රිකාවේ මිලියන 30ත් 40ත් අතර සංඛ්‍යාවක් කුසගින්නෙන් පෙළෙනවා.  

සංවර්ධිත රටවල අසීමිත කාර්මීකරණය දේශගුණික විපර්යාසවලට මුලික හේතුව වන අතර එහි ප්‍රතිවිපාක සංවර්ධනය වෙමින් පවතින රටවලට විඳීමට සිදුව ඇති බව COP 27 දේශගුණික විපර්යාස සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

COP 27 දේශගුණික විපර්යාස සමුළුව ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි (Abdel Fattah El-Sisi) සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුටරේස් (António Guterres) ගේ   ප්‍රධානත්වයෙන් ලෝක නායකයින්ගේ සහභාගීත්වයෙන් ඊජිප්තුවේ ෂර්ම් එල්-ෂෙයික් හි දී අද (08) පැවැත්විණි.

සමුළුව අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන ගැටලු උග්‍ර වී ඇති බවත් ජනතාවගේ ජීවන තත්ත්වය ආරක්ෂා කරන අතරම ආර්ථික දියුණුව උදාකර ගැනීමේ ද්විත්ව සටනක එම රටවල් නියැලී සිටින බවත්ය.

එබැවින් සංවර්ධනය වෙමින් පවතින රටවලට සිදුවන අලාභය සහ හානිය වෙනුවෙන් වන්දි ගෙවීමට සංවර්ධිත රටවල් ඔවුන්ගේ අරමුදල් දෙගුණ කිරීම මගින් ග්ලාස්ගෝහිදී ඔවුන්ගේ ප්‍රතිඥාව ඉටු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

ඒ අනුව, දේශගුණික අවදානම් සංසදය විසින් යෝජනා කර ඇති පරිදි, ඉදිරි ප්‍රතිචාර සඳහා ජාත්‍යන්තර දැනුවත්භාවය ශක්තිමත් කිරීම සඳහා මෙම අංශය පිළිබඳ විශේෂ වාර්තාවක් සකස් කිරීම සුදුසු බව ජනාධිපතිවරයා පැවසීය.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Cop 27 දේශගුණික විපර්යාස සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ සම්පූර්ණ කතාව මෙසේය.

හරිත නගරයක් වන ෂාර්ම් එල්- ෂීක් ( Sharm El-Sheik ) හි  වටපිටාව, COP27 හි අපගේ සාකච්ඡා සාර්ථක නිගමනයකට ගෙන එනු නොඅනුමානයි. උණුසුම් පිළිගැනීමට සහ ආගන්තුක සත්කාරයට මම ඊජිප්තු රජයට අවංකවම ස්තූතිවන්ත වෙනවා.

ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් පිරී පවතින බැවින් දේශගුණික විපර්යාසවල අභියෝගයන්ට නිරන්තරයෙන් මුහුණ දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාමාර්ග මෙසේ සඳහන් කළහැකියි.

  • වසර 2030 වන විට කාබන් විමෝචනය 14.5% කින් අඩු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත.
  • සමුද්‍ර අවකාශීය සැලසුම් ආරම්භ කර ඇත
  • මෑතකදී දේශගුණික කාර්යාලයක් පිහිටුවනු ලැබීය
  • මාර්තු 01 වන දා ලෝක මුහුදු තෘණ දිනය ලෙස නම් කිරීමේ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනයට මුලිකත්වය ගෙන තිබේ.

ශ්‍රී ලංකාව

  • කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය සහ තිරසාර භාවිතය සඳහා ජාතික ප්‍රතිපත්තිය භාවිතා කරයි
  • දේශගුණික සහ සාගර අවදානම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි
  • කඩොලාන පරිසර පද්ධති සහ ජීවනෝපාය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩලීය නිල් ප්‍රඥප්ති ක්‍රියාකාරී කණ්ඩායමට ( Commonwealth Blue Charter Action Group) නායකත්වය දෙයි
  • ගල් අඟුරු බලය මගින් තවදුරටත් බලශක්ති ධාරිතාව වැඩි නොකරනු ඇත
  • පොසිල ඉන්ධන සහනාධාර ක්‍රමානුකූලව ඉවත් කරනු ඇත
  • වසර 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමට අපේක්ෂා කෙරේ.
  • වොෂින්ටනයේ මෑත කාලීන ගෝලීය මීතේන් ප්‍රතිඥාව සමඟ සම්බන්ධ වනු ඇත

එහෙත්, දේශගුණික ක්‍රියාමාර්ග සාර්ථක වීමට නම්, UNFCC සහ පැරිස් ගිවිසුමට අනුකූල  පුළුල් ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය.

දේශගුණික ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඇති ප්‍රභලතම බාධාව වන්නේ ධාරිතාව නොමැතිකමයි. එබැවින් මේ සම්බන්ධයෙන් ධාරිතා ගොඩනැගීම ඉතා වැදගත් වේ.

මෙම බාධාව මඟහරවා ගැනීම සඳහා, මාලදිවයිනේ අනුපූරක ආයතනයක් සමඟ ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට අපි යෝජනා කරමු, එය එම මාදිලියේ පළමුවැන්න වනු ඇත.

ජාතික සහ විනය සීමාවන් ඉක්මවා දැනුම  හුවමාරු කර ගැනීමට හරිත සහ නීල අධ්‍යයනය (Green and Blue Studies) ,  විද්‍යාඥයින්, පරිසරවේදීන්, පර්යේෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, සංවර්ධන වෘත්තිකයන්, සහ ලොව පුරා සිටින සිසුන් සඳහා නිතැතින්ම මෙම  ඉගෙනුම් පීඨය ගෝලීය මධ්‍යස්ථානයක් විය හැකිය.

යෝජිත දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය මඟින්  දේශගුණික විපර්යාස අවම කිරීම සහ ඒවාට අනුවර්තනය වීම පිළිබඳ හැකියාවන් ගොඩනැගීමට කෙටි කාලීන පාඨමාලා සහ පශ්චාත් උපාධි පිරිනමනු ඇත.මෙම විශ්ව විද්‍යාලය මඟින් නව පරපුරේ දේශපාලන, ආර්ථික, සමාජීය, සංස්කෘතික කුසලතා නංවාලනු ඇත.

එය දේශගුණික විපර්යාස අභියෝග සහ අපේක්ෂාවන් දේශීය වශයෙන් දැනුවත් කිරීමට මාර්ගය වනු ඇත. බහුපාර්ශ්වික ආයතන සහ පොදුරාජ්‍ය මණ්ඩලීය, ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි සංවිධානවල සහයෝගීතාවය මෙම උසස් අධ්‍යාපන ආයතනය පිහිටුවීම සඳහා ජාතික මට්ටමින් ඔබ්බට ගොස් බහු පාර්ශ්වකරුවන්ගේ හවුල්කාරිත්වය අපේක්ෂා කෙරේ.ශ්‍රී ලංකාවේ මෙම යෝජනාවට ජාත්‍යන්තර ප්‍රජාවෙන් පුළුල් සහයෝගයක් සහ අනුමැතියක් ලැබෙනු ඇති බව මගේ බලාපොරොත්තුවයි.

දේශගුණික විපර්යාස ආමන්ත්‍රණය කිරීමේ යොජනා ගෝලීය කලාපය තුළ බෙදා හැරිය යුතු බැවින්, ඉහළ බලාපොරොත්තු සමඟින් අපි ලබන වසරේ නැවත හමුවෙමු. කෙසේ වෙතත්, COP 26 හි තීරණ ඇතුළුව පූර්ව තීරණ ක්‍රියාත්මක කිරීම අතිශයින් අධෛර්යමත් කරනු ලබයි.

කණගාටුවට කරුණක් නම්, මහ පොළොවේ යථාර්ථය වන්නේ හරිත හයිඩ්‍රජන් ප්‍රධාන ප්‍රවර්ධකයින් වූ G7 සහ G20 හි ෆොසිල ඉන්ධන පදනම් කරගත් කාර්මික රටවල් දැන් ෆොසිල ඉන්ධන පසුපස හඹා යාමයි. පසුගිය වසරේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය බිලියන 34.3 සිට බිලියන 36.3 දක්වා මෙට්‍රික් ටොන් බිලියන 2 කින් වැඩි වී ඇත. එවැනි දෙබිඩි පිළිවෙත් පිළිගත නොහැකියි. සංවර්ධිත රටවල් තම වගකීම් පැහැර හැරීමට වඩා දේශගුණික අභියෝග ජය ගැනීමට නායකත්වය දිය යුතුයි. දේශගුණික මූල්‍යකරණයේ ඉලක්කය මගහැරී ඇති බව නොරහසකි.

දේශගුණික අභියෝගවලට මුහුණදීමට මූල්‍ය පහසුකම් සැලසීම සඳහා  වාර්ෂිකව පොරොන්දු වූ ඩොලර් බිලියන 100 ක සංචිතය නොතිබීම හාස්‍යයට කරුණකි. බොහෝ සංවර්ධිත රටවල් ඔවුන්ගේ දේශගුණික මූල්‍ය දායකත්වයේ වගකීම් පැහැර හරිමින් සිටී. යුක්‍රේන යුද්ධයේ  දෙපස  සිටින මෙම රටවලට යුද්ධයක් සඳහා වියදම් කිරීමට කිසිදු පැකිළීමක් නැති බව පේන්න තිබෙනවා.

මෙය යුද්ධයේ නියැලී සිටින්නන්ගේ අවශ්‍යතාවය මත සිදු වන්නක්. අවදානමට ලක්ව ඇති එකම දෙය වන්නේ යුද්ධයට පෙර අත්විඳ නැති මට්ටමේ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයක් මතුවිමයි. සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ ජීවත්වන බොහෝ දෙනෙකුට දිනකට ආහාර වේල් තුන අහිමිව ඇත.විශේෂයෙන්ම අප්‍රිකාවේ මිලියන 30ත් 40ත් අතර සංඛ්‍යාවක් කුසගින්නෙන් පෙළෙන බවට තක්සේරු කර තිබේ.

මෙම යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ඉහළ යන ජීවන වියදම්, තෙල් හා ගෑස් සැපයුම් හිඟය සහ කුසගින්නට එරෙහි සටන අපේ නිවෙස් කරා පැමිණ තිබේ.

අපේක්ෂිත පරිදි, මෙම රටවල් විසින්ම පොරොන්දු වූ දේශගුණික මූල්‍ය කප්පාදු කිරීමට එය හේතු වී ඇත. අපට ඇති ප්‍රශ්නය යුද්ධයට වගකිව යුතු පාර්ශ්වය සොයා ගැනීම නොව යුද්ධය අවසන් කරන පර්ශ්වය සොයා ගැනීමයි.

අපට මෙම අරමුදල් අවශ්‍ය වන්නේ ඇයි? යටත්විජිත සමයේ ආසියාවේ සහ අප්‍රිකාවේ සම්පත් යුරෝපයට මාරු කළ අතර ඔවුන්ගේ රටවල් කාර්මිකකරණය කිරීමට භාවිතා කළ බව නොරහසකි. මෙම සම්පත් කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම රටවල් දිළිදුභාවයට පත්වුණා.

සංවර්ධිත ආර්ථිකයේ අසීමිත කාර්මීකරණය දේශගුණික විපර්යාසවල මූලික හේතුව ද වෙයි.  එහි ප්‍රතිවිපාක ලෙස සංවර්ධනය වෙමින් පවතින රටවල් වන අපට දුක් විඳීමට සිදු වී තිබෙනවා. ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැතිකම නිසා අපගේ ගැටලු උග්‍ර වෙනවා. ඒ නිසා  මෙම රටවල් ඔවුන්ගේ  ජනතාවගේ ජීවන තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා සටන් කරන අතරම ආර්ථික වශයෙන් දියුණු වීමට අරගල කිරීම යන ද්විත්ව අනතුරකට මුහුණ දී සිටිනවා. එබැවින් සංවර්ධිත රටවල් ඔවුන්ගේ අරමුදල් දෙගුණ කිරීමෙන් ග්ලාස්ගෝ හි ඔවුන් දුන් ප්‍රතිඥාව ඉටු කිරීම අත්‍යවශ්‍ය වෙනවා.

අයහපත් කාලගුණික තත්ත්වයන් නිසා සිදුවන හානිය වැඩි වෙමින් පවතින අතර, ඒවායේ අනිසි බලපෑම් හේතුවෙන් අධික වියදමක් දැරීමට සිදුව තිබෙනවා. කාර්මික ලෝකයෙන් නිකුත් වන වායු විමෝචනයෙන් දරුණු ලෙස පීඩාවට පත්වන සංවර්ධනය වෙමින් පවතින රටවලට පාඩු හා හානි සඳහා වන්දි ගෙවිය යුතුයි.

අලාභය සහ හානිය පිළිබඳ ගැටළුව දැන් අපගේ විධිමත් න්‍යාය පත්‍රයට ඇතුළත් වන අතර, ඔවුන් විපතට පත් වූවන්ට මූල්‍යමය වශයෙන් දායක වන බවට අප සහතික විය යුතුයි. දේශගුණික අවදානම් සංසදය විසින් යෝජනා කරන ලද පරිදි, විශේෂයෙන් අනාගත ප්‍රතිචාර සඳහා ජාත්‍යන්තර දැනුවත්භාවය ශක්තිමත් කිරීම සඳහා මෙම අංශය පිළිබඳ වාර්තා කිරීම වඩාත් වැදගත් වනු ඇත.

බොහෝ සාකච්ඡා කරන ලද සහන පිළිබඳව සංවර්ධිත ලෝකයේ අසාර්ථකත්වය සලකා බලන විට, COP 28 සඳහා ඩුබායි වෙත යාමට පෙර, දේශගුණික මූල්‍යකරණයේ සියලු අංශවල ඉදිරිය අමාත්‍ය මට්ටමින් සාකච්ඡා කළ යුතු බවට යෝජනා කරනවා.

විපත් වළක්වා ගැනීම එක් මතයක සිටින රටවල නායකයින්  COP28  සමුළුවට ප්‍රථමයෙන් මායිම්වල පිහිටි රටවල ආණ්ඩු ප්‍රධානීන්ගේ රැස්වීමක් කැඳවිය යුතු බව ද මම යෝජනා කරනවා.

අවසාන වශයෙන්, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මෑතකදී සිදුකළ ප්‍රකාශය සිහිපත් කිරිමට  මට ඉඩ දෙන්න. ” කැමැත්ත වන්නේ සාමූහිකව ක්‍රියා කිරීම හෝ සාමූහික සියදිවි නසාගැනීම ” යන්නයි.

අක්‍රිය වීම නිසා ඇති වූ රික්තයට මෙම ව්‍යසනය වැළැක්වීම සඳහා සමාන අදහස් ඇති රටවල ගතික ක්‍රියාකාරීත්වය සහ නිර්මාණාත්මක සහයෝගීතාවයෙන් තිරසාර දේශපාලන කැමැත්ත ප්‍රදර්ශනය කිරීම දැන් ගෝලීය අවශ්‍යතාවකි.අපි නොපමාව මෙම මාර්ගය තරණය කරමු.

පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා   ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගිංතොට පල්ලිය අසල දිය නෑමට ගිය පාසල් සිසුන් 02ක් දියේ ගිලී මරුට…

Next Post

පාකිස්ථානය සහ චීනය සිය දේශපාලනය කාෂ්මීරය හවුල් කර ගැනීමට ඉන්දියාව උරණ වෙයි

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.