එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර සිඩ්නිහි දී පැවැත්වෙන 2022 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන ප්‍රථම තරයේ දී කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට ලකුණු 142ක ජයග්‍රහී ඉලක්කයක් ලබා දී ඇත.
ඒ පන්දු ඕවර 20 තුළ දී කඩුළු 08ක් දැවී ගිය පසුය.
1 ඛාණ්ඩය යටතේ මෙම තරගය පැවැත්වෙන්නේ තරගාවලියේ 39 වැනි තරගය ලෙසය.
ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ආරම්භයක් ලබා ගත්තේය. පැතුම් නිශ්ශංක පන්දු 45ක දී හයේ පහර 05ක් සහ හතරේ පහර 2ක් සමග මනරම් ලකුණු 67ක් වාර්තා කළේය.
කුසල් මෙණ්ඩිස් ලකුණු 18ක් ලැබුවේය. ඒ පන්දු 14ක දී ය. භානුක රාජපක්ෂ පන්දු 22ක දී ලකුණු 22ක් ලැබුවේ හතරේ පහර 03ක් සමගිනි.
නමුත් අනෙක් එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක්වත් ලකුණු 10 සීමාව පසු කළේ නැත.
ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දු ඕවර 05 තුළ ලබා ගත්තේ ලකුණු 25ක් පමණි. අවසන් පන්දු ඕවරයේ කඩුළු 03ක් දැවී ගියේය.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මාර්ක් වුඩ් පන්දු ඕවර 03ක් තුළ ලකුණු 26කට කඩුළු 03ක් බිඳහෙළීය. බෙන් ස්ටොක්, ක්‍රිස් වෝකස්ර්ස්, සෑම් කරන්, ඇඩිල් රෂීඩ්, කඩුල්ල බැගින් බිඳහෙළූහ.








