ඊයේ (01) කඩවත සිය පන්සලේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බොරැල්ලේ සිරිසුමන හිමි අද (නොවැ. 2) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බොරැල්ලේ සිරිසුමන හිමියන්ව ඊයේ (නොවැ. 1) අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන ගියේය.
තිළිණි ප්‍රියමාලි සිදු කළේ යැයි පැවසෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලදී ප්‍රියමාලි විසින් ගනුදනු කරුවන් රැවටූ ව්‍යාජ රන්පොලු පන්සලේ ගබඩාකර ගැනීම සම්බන්ධව කරුණු හෙළිදරව් වීමත් සමග උන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් විය.







