බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ඇප් එකක් හරහා  කෝටි ගාණක් චීනෙට ඇද්ද ‍ චීන ආයෝජක පුත්‍රයාගේ ක්‍රිප්ටෝ සෙල්ලම !

by Lanka Sara Editor
ඔක්තෝබර් 31, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

කලින් කලට විවිධ වෙස් ගෙන අපේ රටේ ජනතාවගේ මුදල් හූරාගන්නා පිරිමිඩ ජාවාරම් කල එළි බැසීම කලක් තිස්සේ සිදුවන්නකි.

සමාජයේ වඩාත් කථාබහට ලක්වූ පිරිමිඩ ජාවාරමක් බවට මෙයට දසක දෙකකට පෙර පත්ව තිබුණේ ගෝල්ඩ් ක්වෙස්ට් නැමැති පිරිමිඩ  ජාවාරමයි. සිංගප්පූරුව කේන්ද්‍රකර ගනිමින් සංවිධානාත්මකව කරගෙන ගිය මෙම ජාවාරමට අපේ රටේ දහස් ගණනක් ජනතාව හසුවී තිබුණි. එකල  ගේ දොර පවා උකස්කර මෙම ජාවාරමට වැඩි ප්‍රතිලාභ අපේක්ෂාවෙන් මුදල් ආයෝජනය කළ පිරිස්ද සිටියහ.

මේ ජාවාරම පිටුපස සිටි මෙරට නියෝජිතයන් අතර දේශපාලනයට සම්බන්ධ වූ චරිතද සිටියහ.  පසුකාලයේ ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපතිධූරයන්ට පත්වූවෙක්ද ඒ අතර සිටි ප්‍රබල චරිතයකි.

එම පිරිමිඩ ජාවාරම ක්‍රියාත්මක වූයේ රන් කාසි පෙන්වමිනි.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

එම පිරිමිඩ ජාවාරම ගැන ශ්‍රී ලංකා මහා බැංකුව එදා අවධානය යොමුකර මෙරට එය තහනම් කරන විට සියල්ල සිදුවී හමාර විය. ලොකු මුදලක් රටින් ඇදී ගොස් තිබුණි. ඒ පිටුපස සිටි මෙරට මහ මොල ටිකට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගන්නට තරම් උනන්දුවක් නොවීය. නමුත් සමාජය හමුවේ පෙනෙන්නට නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් කළද  අදටත් ඊට කුමක් සිදුවී දැයි යන්න  අභිරහසකි.

අනතුරුව වෙනත් මුහුණුවලින් සූර්ය පැනල වැනි උපකරණ ලබාදෙන බව පවසමින් ද පිරමිඩ ජාවාරමක් ක්‍රියාත්මක වූයේ ඈත දුෂ්කර ගම්මානවල ජීවත්වූ අහිංසක දුප්පතුන්  දහස් ගණනක් කබලෙන් ලිපට වට්ටමිනි. එවැනි ජාවාරම් ගැන මහා බැංකුව නිහඩ පිළිවෙතක් අනුගමනය කරන විට ගමේ පොලීසියට වැඩ වැඩිවූයේ ඒ ගැනත් සොයන්නට සිදුවූයේ පොලීසියටම වූ බැවිනි. ඒ යැයි කියා පොලීසියෙන් හරිහමන් විමර්ශණයක් සිදුවූ බවක් නම් පෙනෙන්නට නොවීය. ඒ එම ජාවාරම්වල මහ මොළකරුවන් පොලීසියේ ලොකු ලොක්කන් අල්ලාගෙන සිටි බැවිණි.

ඒ හැරුණු කොට දේශපාලනයට සම්බන්ධව සිටි මහා බැංකුවේ හිටපු අධිපතිවරයෙකුගේ ඉතා කිට්ටු සම්බන්ධයක් ඇතිව ක්‍රියාත්මක වූ පිරිමිඩ ජාවාරමක්ද ක්‍රියාත්මක විය. ඒ ගැන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයයක් කළත් එම පුද්ගලයා මහා බැංකුවේ අධිපති වීමත් සමඟ විමර්ශන ඇණ හිටි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම තොරතුරු සඳහන් කළේය.

අපේ රටට ක්‍රිප්ටෝ කරන්සි හදුන්වා දෙන්නටද මේ කියන මහා බැංකු අධිපතිවරයා පසුගිය කාලයේ දැඩි වෙහෙසක් ගත්තේය. රටේ ආර්ථිකය බිංදුවට වැට්ට වූ බවට චෝදනා එල්ල වී සිටින ඔහු ක්‍රිප්ටෝ මුදල් (Crypto currency) මෙරට නීතියක් කරන්නට දැඩි උත්සහයක් ගත්තේ ඒ වන විටත් හොර රහසේ මෙරට ක්‍රිප්ටෝ කරන්සි ලෙස පෙන්වමින්  ස්පෝට්ස්  (Sports currency) ලෙස හදුන්වා දුන් පිරමිඩ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් තිබුණේය. මෙම ජාවාරම ගැන  එදා ශ්‍රී ලංකා මහා බැංකුවේ මධ්‍යම බුද්ධි විමර්ශන ඒකකය මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණීජ අපරාධ විමර්ශන ඒකකය උත්සහ ගත්තද ඊට විවිධ බාධා එල්ල වී තිබුණි. ඒ මෙම ස්පෝට්ස් කරන්සි ජාවාරම පිටුපස ඒ ඊට බාධාකළ අය සිටි නිසාදැයි ඇත්තේ සැකයකි.

 

ක්‍රිප්ටෝ මුදල් ඒකක යනු ලෝකයේ ක්‍රියාත්මක වන හොද ආයෝජන ක්‍රමයකි. දැනට ලෝකයේ ක්‍රිප්ටෝ මුදල් වර්ග පහළොස් දහසක් පමණ ඇති බව කියැවෙති. ඒ අතර ලෝකයේ ජනප්‍රියම මුදල්  වර්ගය බවට පත්ව ඇත්තේ බීට් කොයින්ය.  එහි ඇතැයි කියනු ලබන වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.1කි.

 

ක්‍රිප්ටෝ මුදල් ඒකකය ලෝකයේ බොහෝ රටවල තවමත් තහනම්ය. අපේ රටේ තාමත් මේ සම්බන්ධයෙන් ඇති නීතිමය තත්ත්වය පවතින්නේ ආන්දෝලනාත්මක තත්ත්වයකය. ක්‍රිප්ටෝ මුදල්වලට පසුගිය කාලයේ මෙරට දොරටු විවර කර දෙන්නටත් ඒ සඳහා ශ්‍රී ලංකා මහා බැංකුවේ ම ආශිර්වාදය දෙන්නටත් ඇතැම් උදවිය වලිකෑවේ මේ තුළින් ඇතැම් පුද්ගලයින්ට කළු සල්ලි සුදු කරගැනීමට පහසුවක් වන නිසාදැයි ඇත්තේ  ප්‍රශ්නාර්ථයකි.

නමුත්  අපේ රටට ක්‍රිප්ටෝ මුදල්  ලෙසින් හදුන්වා දුන් ස්පෝට්ස් මුදල් ඒකක ලෝකයේ මේවන විට භාවිත නොවන  ක්‍රිප්ටො මුදල් ඒකක නමින් ආ ජාවාරමකි.  මෙය සැබවින්ම මහා පරිමාණ වංචාවකි. හොර ජාවාරමකි.

මෙම ආයෝජන ක්‍රමය ගැන අදාළ සමාගම විසින් නිකුත් කර ඇති ධවල පත්‍රිකාව ද  අමූලික බොරු ගොන්නකි. මෙම ආයෝජන ක්‍රමය මුළුමනින්ම සිදුවන්නේ පිරිමිඩාකාරවය. මෙහි මුදල් ආයෝජනය කරන පළමු පුද්ගලයා තවත් අය ඊට සම්බන්ධ කළ යුතුය. ඔහුගේ ජාලයෙන් සම්බන්ධ කරන පිරිස වැඩි වන්න වැඩි වන්න ප්‍රතිලාභ ලෙස ඔහුට ලාභාංශයක් ලැබෙනු ඇත. එම ලාභය පෙන්වන්නේ මෘදුකාංගය හරහාය. බොහෝ අය මේ අය පොළඹවන්නේ ලාභයද ආයෝජනය කර ආයෝජනය දෙගුණ තෙගුණ කර ගැනීමටය. යම් අවස්ථාවකදී මේ ජාලයේ ඉහළම සිටින පුද්ගලයින් සිය ලාභය ඉල්ලා සිටින විට සිදුව=න්නේ ඒකවරම ඒම ජාලයේ ඉහළ සිට පහළට සියළු සම්බන්ධතා බිද වැට්ටවීමය. ඒ් අය සමඟ ඇති සන්නිවේදන පවා අවහිරකරමින් ඉදිරියට ගණුදෙනු පවත්වාගෙන යන්නේ පහළම දෙදෙනා සමගිනි. ඒ් අයටද යම් දිනක සිදුවන්නේ පෙර සිදුවූ දෙයමය.

 

මුල් අවස්ථාවේදී මේ අය සිදුකරනුයේ ආකාර්ශනීය ලාභ ප්‍රතීශතයක් ලබාදීමය. අවසානයේදී සිදුවන්නේ ඔවුන්ට ලාභය කෙසේ වෙතත් එහි ආයෝජනය කළ මුදලද අහිමිවී යාමය. වට්ස් ඇප් සමූහ, කෙටි පණිවුඩ ආදී ක්‍රම මගින් ආයෝජකයන් රැස්කර ගනිමින් ඉතා සංවිධානාත්මකව මෙන්ම සූක්ෂමව මෙම වංචාව සිදුකරගෙන ගොස් ඇත්තේ කිසිදු අවස්ථාවක මෙහි මුදල් ආයෝජනය කරන පුද්ගලයින් ඔවුන්ගේ යැයි කියන තැනකට ගෙන්වා නොගෙනය. හැම සම්බන්ධයක්ම ඔවුන් පවත්වාගෙන ගොස් ඇත්තේ තරු පන්තියේ හෝටල්වලදීය.

මෙම ජාවාරම කරගෙන යන්නේ වෙනම මෘදුකාංගයක් ඔස්සේ අන්තර් ජාලය ඔස්සේය. මෙහි මහ මොළය ලෙස සැලකෙන්නේ චීන ජාතිකයෙකි. ඔහු මෙරටට විශාල වශයෙන් චීන ආයෝජන ගෙන එන චීන ධනපතියෙකුගේ පුතෙකු ලෙසට මේ වන විට හදුනාගෙන ඇත. 2020 වසරේ සිට මේ දක්වා ඔහු මෙම ජවාරම කරගෙන ගොස් ඇත්තේ ඇගේ පෙම්වතිය බව කියන චීන කතක්ද සමඟ එක්වය. මෙම ජාවාරමට මෙරට නියෝජිතයින් 07 දෙනෙක්ද ඔවුන් පත්කරගෙන සිටිති. කොළඹ 05 තට්ටු නිවාස සංකීර්ණයක කුළියට ගත් නිවසක රැදි සිටිමින් ඔවුන් කළ මෙම වංචාවට හසුවී විශාල වශයෙන් මුදල් අහිමි කරගත් මෙරට ධනවතුන් ඇතුළු පුද්ගලයින් 70 දෙනෙකුගේ පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණීජ අපරාධ විමර්ශන ඒකකය විසින් මේ ගැන විමර්ශනයක් ආරම්භ කරන්නේ මෑතකදීය. ඒ් දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙවැනි විමර්ශණ සඳහා බාධා කිරීමට මහ බැංකුව තුළ බාධකයන් නොමැති බැවිනි.

 

ඒ අනුව මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම මහා වංචාවේ මෙරට නියෝජිතයාව අත්අඩංගුවට ගත්තේය.  ඔහු ශාමල් කීර්ති බණ්ඩාරය. සු‌ඛෝපභෝගී ජීවිතයක් ගතකරන ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම ජාවාරමේ බොහෝ තොරතුරු අපරාධ පරීක්ෂණ    දෙපාර්තමේන්තුව විසින් හෙළිකර ගත්තේය. මෘදුකාංගය හරහා සිදුකරන මෙම  වංචාවේ මුදල් ඇදී ගොස් තිබුණේ චීනයටය.

ශමල්ව අත්අඩංගුවට ගැනීමත් සමඟ කළබල මෙහි මහ මොලකරු සිය චීන ජතික පෙම්තියවද රැගෙන පළායන්නට සූදානම් වන්නේ මලයාසියාවටය. ඒ ඔක්තෝම්බර් 12 වෙනිදාය. ඒ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම චීන ජාතික යුවල කෙරෙහි විශේෂ අවධානයකින් නිරීක්ෂණය කරමින් සිටි බැවින් ඔවුන්ට රටින් පළායාමට කිසිදු ඉඩක් නොවීය.

 

කටුනායක ගුවන්තොටුපොලේදීම ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගත්තේය. මෙරට චීන ආයෝජකයාගේ පුතා වූ හියුමන් මැක්ස්  හා  ඔහුගේ පෙම්වතිය වූ කාගි සාංගි දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙන්ම ඔවුන්ගේ බැංකු ගිණුම් පරීක්ෂාවේදී හෙළිවන්නේ රුපියල් බිලියන 1.4ක් ඒ වන විටත් ඔවුන්ගේ ගිණුම් ඔස්සේ සංසරණය වී ඇති බවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පවසන්නේ අපේ රටේ 8000කට වැඩි පිරිසක් මෙම වංචාවට හසුවී සිටින බවය. වංචාවේ ප්‍රමාණය ඔහු පවසන්නේ රුපියල් කෝටි 1500කට වැඩි බවය.

මෙසේ මෙම වංචාවට වැඩි වශයෙන් ගොදුරු වී සිටින්නන්  අතර  රටේ නමගිය ටියුෂන් ගුරුවරු කිහිප දෙනෙක්ද සිටිති. ඊට අමතරව නීතීඥවරු, සමාගම් අධ්‍යක්ෂවරු, කළමනාකරුවන් වැනි උගත් යැයි පිරිස් වැඩි වශයෙන් සිටින බව පෙනී ගොස් ඇත. ඒ් උගතුන්ව අන්දන්නට හැකි වන ලෙස මෙම ජාවාරම ඔවුන් සංවිධානයකර තිබී ඇති නිසාය.

මේ ගැන චීන ජාතික යුවල පවසන්නේ මෙය වංචාවක් නොවන බවය. ඔවුන් පෙන්වා දෙන්නේ මෙය ඩිජිටල් කරන්සි යටතට ගැනෙන අයෝජන ව්‍යාපෘතියක් පමණක් බවකි.  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මේවන විට ලැබී ඇති පැමිණිලි 70   ට අනුව ඒම පැමිණිලිකරුවන්ට කර ඇති වංචාවේ ප්‍රමාණය රුපියල් කෝටි 800ක් වන බවය. ඒ අනුව මෙන්ම විමර්ශනවලින් අනාවරණය වී ඇති පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් කියනු ලබන ගණන් මිනුම් වලට අනුව මෙම වංචාවේ තරම සුළුපටු නැති බව පැහැදිලිය. ඒහෙත් තාමත් මෙම විමර්ශනය ඇත්තේ ප්‍රාථමික අවධියේය. දැනටමත් මෙරට නියෝජිතයන් 07 දෙනෙකුට අධිකරණය හරහා රට ගමන් තහනමක්ද පැනවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තූව පියවර ගෙන හමාරය. හැබැයි තාමත් අත්අඩංගුවට ගෙන ඇත්තේ නම් චීන ජාතික යුවල සහ මෙරට ප්‍රධානියා වූ ශමල් පමණි.  අඩුම තරමින් මේ අය රැස්කරගත් මුදල් වලටද වෙච්ච දෙයක් සොයා ගන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් ලැබී නැත. ඒ හැම සතයක්ම ඇත්තේ චීනයේ වන බැවිනි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ලොකුම චීන ආයෝජකයාගේ පුතා මෙම වංචාවට හසුවී ඇති බැවින් ඉදිරියේදී මෙම විමර්ශනය කුමන මාවතක ගමන් ගනීවිදැයි කියන්නට බැරිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ඇතුළු බේකරි නිශ්පාදන මිල රුපියල් 10කින් අඩුවේ…

Next Post

නාමල් සර් එවූ බෙලිඅත්ත කසිප්පූ ඕයිසීගේ උදහසට ලක්වූ කසිප්පු වැටලූ සැරයන්ට වහාම ක්‍රියාත්මකවන පරිදි  මොණරාගලට මාරුවක්!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.