බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අහුංගල්ල වෙඩි තැබීමේ සිද්ධියේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට…

by editor
ඔක්තෝබර් 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව පොලිසියට ඔත්තු දීම පිළිබඳ සිද්ධියක් මුල් කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පිරිසක් විසින් ඔත්තුකරුවන් ඉලක්ක කරගෙන සිදුකරමින් ඇතැයි කියන ඝාතන මාලාවක එක් අවස්ථාවක් සේ සැලකෙන  අහුංගල්ලේ RIU හෝටලය අසල පසුගිය 12 වැනිදා සිදු වූ   වෙඩි තැබීමට අධාර අනුබල දුන් පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකා දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් පිරිසක් විසින් පෙරේදා (15) මීගහතැන්න පොලිස් වසමේ තල්පැදිවෙල, මීගහතැන්න ලිපිනයේ දී  මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන්  මෙම 41 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

හෝටලය අසල දී  වෙඩි පහරට ලක්වූයේ අහුංගල්ල ගල්වෙහෙර පාරේ පදංචි ප්‍රදීප් කුමාර (40) නැමැති ත්‍රීරෝද රථ රියදුරෙකි. ඔහු වෙඩි ප්‍රහාරයට ලක්වන්නේ  අහුන්ගල්ල RIU සංචාරක හෝටලය ඉදිරිපිට ත්‍රීරෝද රථ ගාලේ ත්‍රීරෝද රථය තබාගෙන  සිටින විටදීය.

පොලිසිය අනාවරණය කරන්නේ මෙම වෙඩි තැබීම වැරදීමකින් සිදු වූවක් බවය. වෙඩි පහරට ඉලක්ක වූ ත්‍රීරෝද රථ රියදුරා කිසිදු වැරදි ක්‍රියාවකට සම්බන්ධ අයෙකු නොවන බවද පොලිස් පරික්ෂණ වලදී තහවුරු වී තිබෙන බව  අහුන්ගල්ල පොලීසිය කීවේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

අහුන්ගල්ල, මිද්දරමුල්ලේ පදිංචි තට්ටය සහිත කුමාර නම් අයෙක් වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබූ බවත් ත්‍රීරෝද රථ රියදුරාද තට්ටය සහිත කුමාර කෙනෙක් වීම හේතුවෙන් ඔහුට වෙඩි තබා තිබෙන බවත් මෙතෙක් කරන ලද පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසුවේය.

කෙසේ වෙතත්  සිද්ධියේ සැකකාර  කුලී ඝාතකයා බලපිටිය  බණ්ඩරවත්තේදී පසුගිය බ්‍රහස්පතින්දා (13) රාත්‍රී පොලිස් විශේෂ කාර්යය බලකායේ වෙඩි පහරින් මියගියේය.

මෙසේ මියගොස් තිබුණේ  අංක 3/33, දෙව්රම්පේ, තණමල්විල ලිපිනයේ පදිංචිව සිටි පටුවන කම්මාචාරිගේ මහේෂ් ඉන්දික ප්‍රභාත් (36) නැමැති පුද්ගලයෙකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙහෙම උනේ ඇයි ?… දසුන්ට ප්‍රශ්න පත්‍රයක්…

Next Post

බංකොලොත් රටවල් මළගෙවල් කිරීමට නියමිත ව්‍යසනය  දකිමින්  දේශපාලන හැළියේ   දිය කෙළින කකුළුවෝ…   

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.