22 හේතුවෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇති වී තිබෙන දෙදරා යෑම දැඩි තීරණාත්මක එකක් බවත් මේ තත්ත්වය තුළ 22 සම්බන්ධව උනන්දුව ජනාධිපතිවරයාගෙනුත් බැහැර වී ඇති බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
පවතින පසුබිමේ දී 22 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගැටලුවක් වී තිබේ.
පොහොට්ටුවේ කණ්ඩායමක් 22ට පක්ෂව ඉදිරිපත් වී සිටිය ද එහි ලේකම් සාගර කාරියවසම් ප්රමුඛ බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින පොහොට්ටුවේ බහුතරය 22ට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමට ගත් තීරණය හේතුවෙන් ජනාධිපතිවරයා ආණ්ඩුව ආරක්ෂා කරගැනීමේ පිළිවෙතකට පිවිස ඇතැයි දැනගන්නට ඇත.
කැබිනට් මණ්ඩලය අනුමත කළත් පාර්ලිමේන්තුවේ දී පරාජය වීමට නියමිත බව පෙනෙන 22 ඉදිරිපත් කිරීම පළිබඳ ඇති වී තිබෙන අස්ථාවර තත්ත්වය සමනය කරගැනීමට අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ උත්සාහය බොහෝ විට අපතේ යා හැකි බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග කියයි.