බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටාඑක දවසට පෙට්‍රල් ලීටරයයි… හොරුන්ට නෝන්ඩි වෙවී  ත්‍රීවිල් එකේ හොරු අල්ලන්න යන පොලිසියේ කතාව…

දේශපාලකයින් ලෝකයට පෙන්වන පොලිස් සංදර්ශනවල ඇත්ත රෙදි පල්ලෙන් බේරෙන හැටි...

by editor
ඔක්තෝබර් 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දංඕවිටදී පසුගියදා පොලීසිය කොල්ලකරුවන් පිරිසක් ගමන්ගත් වෑන් රථයකට තැබූ වෙඩිල්ලකින් උපාධිධාරී තරුණියක් මරණයට පත්වූ කථාව දැන් මුළු රටම දන්නා මෙන්ම කථාබහට ලක්වන කරුණකි.

එහෙත් පොලීසිය එම කොල්ලකරුවන් ගමන්ගත් වෑන් රථය පසු  පස හඹාගොස් අල්ලන්නට උත්සාහ නොගත්තේ ඇයි දැයි කවුරුත් කථා කරන්නේවත් සොයා බලන්නේවත් නැත.

ලංකාසර  මේ ගැන සොයා බැලීමේදී පෙනි ගියේ දැන් පොලීසියට අපරාධකරුවන් හඹා යාමට විදිහක් නැති බවය.  පොලීසියට දැන් සිදුව ඇත්තේ ත්‍රීරෝද රථවලින් ගමන් බිමන් යන්නටත් රාජකාරියේ නිරතවන්නටත් ය.

දැන් බොහෝ පොලිස් ස්ථානවල මුර රාජකාරි සිදුවන්නේ ත්‍රීරෝද රථයෙනි. සොරුන් මංකොල්ලකරුවන් අධිබලයතුරුපැදි වෑන් රථ වැන වාහන පාවිච්චි කරද්දී හොරු අල්ලන පොලිසිය ත්‍රි රෝද රියේ වකුටු වී ඔවුන් ලුහුබඳන තත්වයට පත්ව ඇත.  දංඕවිට කොල්ලකරුවන් අල්ලන්නටද පොලීසිය යන්නේ ත්‍රීරෝද රථයෙනි. පොලීසිය දුටු කොල්ලකරුවන් පළායන විට වෙඩි තැබීම හැර වෙන කරන්නට විකල්පයක් පොලීසියට නොවීය. ඒ වෑන් රථය පස්සේ ත්‍රීරෝද රථයට හඹා යා නොහැකි  නිසාය. අමාරුවෙන් හරි පැන්නුවා යැයි කියමු. එහෙත් ත්‍රීරෝද රථයට වැඩිදුරක් නම් යන්නට විදිහක් නැත. ඒ තෙල් තිබෙනේ අන්තිම අඩියේ වන බැවිනි. හේතුව මේ වනවිට පොලිසිවල ඉන්ධන පරිභෝජනයට දමා ඇති තහංචි , මාංචු නිසාය.

පොලිස් ස්ථාන මට්ටමින් කළ සොයා බැලීමේදී අනාවරණය වන්නේ පොලීසියේ ත්‍රිරෝද රථවලට  පොලිස්පතිවරයා විසින්  අනුමත කරනු ලැබ  ඇත්තේ මාසයටම ඉන්ධන ලීටර් 50කි.  නමුත් පොලිස්පතිවරයාට පහළින් සිටින  ලොක්කන් එයද කප්පාදු කර ඇත. එ අනුව මේ ත්‍රි රෝද රථයට මාසයකට ලැබෙන්නේ ලීටර් 25ක් වන ලෙසය. ඒ කියන්නේ දවසකට ඉන්ධන ලීටරයක්වත් පොලීසියේ ත්‍රීරෝද රථයට ලැබෙන්නේ නැති බවය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

එපමණක් නොව, පොලීසිවලට ලබාදී ඇති ඉන්ධන කෝටාවේ ප්‍රමාණය දෙස බැලීමේදී පැමිණිල්ලක් විභාග කිරීමට පොලීසිය එන්නට මැළි කමක් දක්වන්නේ ඇයි දැයි පැහැදිලිය.

පොලීසිය A සිට D. දක්වා වර්ගීකරණයකට ලක්කර ඇත. මූලස්ථාන පොලීසි වැටෙන්නේ ඒ ගණයටය. මෑතකදී විවෘත කළ පොලිස් ස්ථාන වැටෙන්නේ D  ගණයටය.

දංඕවිට පොලිස් ස්ථානයත් මෑතකදී විවෘතකරන ලද ඩී. ගණයේ පොලීසියකි. එහි පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය සඳහා ඇත්තේ ජිප් රථයක් සහ ත්‍රීරෝද රථ දෙකක් පමණි.

ජිප් රථය පරිහරණය කරන්නේ ස්ථානාධිපතිවරයාය. මෙයට අමතරව රථවාහන රාජකාරි සඳහා පොලිස් යතුරු පැදි කිහිපයක් පමනක් එහි ඇති බව සඳහන්ය.

පොලිස් තොරතුරු සඳහන් කරන ආකාරයට අනුව D ගණයේ පොලිස් ස්ථානයක ඇති සියළුම පොලිස් වාහනවලට ඉන්ධන ලබාගැනීමට පොලිස් වෙන්කර ඇත්තේ මාසයකට රුපියල් 80,000ක් පමණි.

A ගණයේ පොලිස් ස්ථානයකට වෙන්වන්නේ රුපියල් ලක්ෂ 2කට අඩු මුදලකි. නමුත් මේ මුදලින්ද සියයට 20ක් ඉතිරි කළ යුතු බවට වූ නියෝගයක්ද තිබේ. මේ අනුව බලන විට පොලීසිය මෙහෙම හරි දුවන එක පුදුමයකි.

ඒ වගේම තමයි පොලීසියේ සියයට 80 කට වැඩි වාහන ප්‍රමාණයක් ඇත්තේ වසර 10 ඉක්මවූ ඒවාය. ඒවා හොඳ ධාවන තත්ත්වයේද නැත. පොලසිය අද රාජකාරි කරන්නේ මෙසේය.

හැබැයි ලෝකෙට පේන්න නම් ලොකු ලොකු සංදර්ශන පවත්වන්නටනම් පොලීසියේ ඇතැම් ලොකු මහත්වරු මෙන්ම දේශපාලනඥයන්ද දක්ෂය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චරිත හේරත්ට ඉඩ දෙන්න හර්ෂ කොප් කමිටුවෙන් අස්වෙයි

Next Post

සුදේව ස්වර්ණවාහිනියෙන් ඉවතට….

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.