බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

පුරාවිද්‍යා හාල්පාරුවන් අවුරුදු 1270ක් පැරණි අත්තනගලු පාරුව වැනසුව හැටි විගණනය හෙළි කරයි…

Was it used for the higher ordination of Buddhist monks?

by editor
සැප්තැම්බර් 30, 2022
in සංස්කෘතිය
Attanagalu-Paruwa

ජාතියට අහිමි වූ අවුරුදු 1270ක් පැරණි අමිල ජාතික උරුමය... අත්තනගලු පාරුව....

Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද  –

  • සංරක්ෂණයට ගෙනාපු රසායන ද්‍රව්‍ය වෙනත් කාර්යයන් දෙකකට යොදවලා… සොයාගෙන අවුරුදු 13ක් විධිමත් සංරක්ෂණයක් කර නෑ…

  • පාරුව විනාශ වෙන්න හැර දිරාපත් දැව කොටස් තියන්න ලක්ෂ 17ක් වියදම් කර යකඩ ආධාරක හදලා… ඒ මත තියන්න දැව කොටසක්වත් දැන් නෑ…

දැනට ලංකාවේ ගංගාවන් ආශ්‍රිතව හමුවී ඇති පැරැණිතම යාත්‍රාව වන්නේ කැලණි ඔරුවය. කැලණි ඔරුව හමුවී ඇත්තේ ක්‍රිස්‌තු වර්ෂ තුන්වන සියවසේදීය. ඒ කැලණි ගංගාවෙනි. එම යාත්‍රාව ජාතික කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත්තේය. 

අත්තනගලු ඔයෙන් හමුවී ඇති අත්තනගලු පාරුව  ක්‍රිස්‌තු වර්ෂ හත්වන සියවසට අයත්ය. එනම් දල වශයෙන් අවුරුදු  එක්දහස් දෙසිය හැත්තෑවක් පැරණිය.  රත්නපුරයෙන්ද ඉපැරැණි ඔරුවක්‌ හමුවී ඇති අතර මේ අයුරින් පාරම්පරික යාත්‍රාවන් ගණනාවක්‌ම ලංකාවේ ගංගා ආශ්‍රිතව හමුවී තිබේ.

කෙසේවුවද මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නොසැලකිල්ල නිසාවෙන් අත්තනගලු ඔයෙන් හමුවි  ඇති පාරුව සම්පුර්ණයෙන්ම විනාශයට පත් වී ඇත්තේය. 

අත්තනගලු පාරුව අත්තනගල්ල ඔයෙන් හමුවි ඇත්තේ 1998 වර්ෂයේ දිය. වැලිගොඩ දමමින් සිටි පිරිසකට මෙම පාරුවේ කොටස් හමුවි ඇති බවට සඳහන් වේ. එවකට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ ඉල්ලිමකට අනුව   අත්තනගල්ල ඔයෙන් හමුවු මෙම පාරුව  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් රැගෙනවිත් කොළඹ ජාතික කෞතුකාගාරයේ ජල ටැංකියක ලී කුඩු දමා තැන්පත්කොට තිබුණි. 

අත්තනගල්ල පාරුව දිගින් අඩි 59යි අගල් 11කි. පළල අඩි 04කි. කාලනිර්නය අනුව මෙකි පාරුව  වසර 1270ක්  පැරණිය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Attanagalu-Paruwa
අත්තනගලු පාරුව 1998 දී කෞතුකාගාරයට ගෙනා අවස්ථාව…

පාරුව සංරක්ෂණයට ගෙනා රසායන ද්‍රව්‍ය වෙනත් වැඩවලට…

පාරුව සංරක්ෂණය කිරීමේ කාර්යභාර්ය  පුරාවිද්‍යා දේපාර්තමේන්තුව වෙත පැවරි තිබුණි. සංරක්ෂණ කටයුතු සදහා රුපියල් මිලියන 04ක පමණ මුදලක් වැයකොට  පොලිඑතිලින්  සහ  ග්ලයිකෝල්  නැමති රාසායන ද්‍රව්‍යයද මිලදී ගනු ලැබිය. ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන්නේ 2001 වර්ෂය  දක්වාම එම රසායන  ද්‍රව්‍ය   භාවිතාකොට  මෙම  පාරුව සංරක්ෂණය කොට නොතිබු බවය. 

එම රසායන ද්‍රව්‍ය වෙනත් කාර්යයන්  දෙකකට භාවිතාකොට තිබුණි. පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ  රසායන සංරක්ෂණ  අංශය මගින් වෙනත් ක්‍රමවේදයකට මෙම පාරුව සංරක්ෂණය කිරීමට පියවරගෙන තිබුණි. විගණනය කීවේ වියලි ක්‍රමය යටතේ  පාරුව සංරක්ෂණය කිරීමේ කටයුතු සිදුකරණු ලැබ ඇති බවය. 

සංරක්ෂණ කටයුතු සිදුකිරීමෙන් පසු  පාරුව ප්‍රදර්ශනය කිරීම සඳහා පියවර ගන්නා ලෙස පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව මගින්  දැනුම් දි තිබුණි. එහෙත්  මෙම පාරුවේ සංරක්ෂණ කටයුතු අවසන් විමෙන් පසු නියමිත අයුරින් ප්‍රදර්ශනයට  තැබීමට පියවරගෙන නොතිබුණි.

Attanagalu-Paruwa
පාරුව ඔසවා ස්ථානගත කළ හැටි – 1998

2019 දි පාරුව විනාස වීම ඇරඹිලා..

හොර ශාඛයේ  ලී දඬු යොදාගෙන අත්තන්නගල්ල පාරුව නිර්මාණය කොට තිබු  අතර  2019 වර්ෂය අවසානය වනවිට  පාරුවේ කොටස් විශාල ප්‍රමාණයක් දැඩිලෙස දිරාපත් වී පුළුන් ගොඩක් බවට පත්ව තිබුණි. මේ සඳහා ස්වාභාවික හානි ද හේතුවි තිබු බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින්  විගණනයට සඳහන් කොට ඇත. මේ සඳහා ගතයුතු  ක්‍රියාමාර්ග පිළිබද  සංරක්ණ අංශයට උපදෙස් ලබාදීම සදහා මහාචාර්යවරු සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් 2019 වර්ෂයේ දී පත්කිරීමට සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මගින්  කටයුතු කරනු ලැබීය.

2019 වර්ෂයෙන් පසුවද මෙම පාරුව සංරක්ෂණය කිරීම     ආරම්භ කරණු ලැබීය. නයිලොන් ගොසම් යොදාගෙන සංරක්ෂණ කටයුතු  ආරම්භ කිරීමට සැලසුම් කරණු ලැබීය. ඒ සදහා අවශ්‍ය අමුද්‍රව්‍යය ද මිලදිගනු ලැබිය.  මෙවා ඇලවීම සඳහා යොදාගනු ලබන රාසායනික ද්‍රව්‍ය ඉතා මිල අධික වීම  නිසා නයිලොන් ගොසම් පාරුවේ කැබලි ඇලවිමේ දි දරාගැනිමට නොහැකිවිම නිසා එම සංරක්ෂණ කටයුතුද  ලත් තැනම ලොප්විය.  

පාරුව ප්‍රතිනිර්මාණයට උපදෙස් 

කෙසේවුවද කමිටුවේ තීරණය වුයේ මෙය අපහරණය නොකළයුතු අතර නැවත  පාරුව ප්‍රති නිර්මාණය කිරීමට  කටයුතු කළයුතු බවය. දැනට පාරුවේ දිරා නොගිය කොටස් උපයෝගි කරගෙන අනුරුවක් අයුරින්  යලි මෙම පාරුව ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු ආරම්භකොට ඇති බව පුරාවිද්‍යා දේපාර්තමේන්තුවේ රසායනික සංරක්ෂණ අංශය සඳහන් කරන්නේය.  

එම අංශය සඳහන් කරන අකාරයට මෙකී පාරුවේ සංරක්ෂණ කටයුතු සඳහා ගෙනවිත් තිබු රාසායන ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධව පලපුරුද්දක්ද  සංරක්ෂණ නිලධාරින්ට නොතිබුණි. මෙම  රාසායනික ද්‍රව්‍ය ලෝකයේ වෙනත් රටවල කේතුධර ශාක සදහා භාවිතාකොට තිබුණි. පාරුව හොර ලි වලින්  සකස්කොට තිබු අතර මේ නිසා  මෙම රාසායන ද්‍රව්‍ය හොර ලි සදහා භාවිතයට ගන්නා ආකාරය පිළිබද අන්තර්ජාතික වශයෙන්ද දත්ත  නොතිබුණි.

Attanagalu-Paruwa
2001න් පසු වියලි සංරක්ෂණයෙන් පසු ප්‍රදර්ශනයට තබා තිබුණු පාරුව …. අවරුදු 1270ක් පැරණි ඒ ජාතික උරුමය අද ජාතියට අහිමිය…

කෙසේවුවද මේ පිළිබද  විගණනය මගින් ප්‍රකාශකොට  ඇත්තේ  සංරක්ෂණ ක්‍රමවේදය හා  කාර්යය නියමිත කාලරාමුව තුළ යෝග්‍ය පරිදි සිදුනොකිරිම නිසා 2021 වර්ෂය අවසානය වනවිට  පාරුවේ දැව කොටස්  සම්පුර්ණයෙන්ම විනාශ වි ඇති බවය.

පාරුව මුළුමනින්ම විනාශයි…

පාරුවේ විනාශයේ තරම කෙතරම් ද කිවහොත් එය කුඩා දැව කොටස්  දක්වා විනාශවි තිබුණි. කෙසේවුවද  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙම පාරුවේ විනාශවී ඇති දැවමය කොටස්  තැබීමට ආධාරකයක් සකස් කිරීම සඳහා  රුපියල් 1,770,876ක මුදලක් වැයකොට තිබුණි. 

එහෙත් පාරුවේ දිරාපත් වු දැව කොටස්  සංරක්ෂණ සිමාව ඉක්මවා තිබීම නිසා  එහි අනුරුවක් සකස් කිරීමට  යලි පුරාවිද්‍යා දේපාර්තමේන්තුව වෙත ගෙනවිත් තිබුණි. ඒ අනුව බලන විට මෙම පාරුවේ දැවමය කොටස් තැබීම සදහා රුපියල් දාහත් ලක්ෂයකට අධික මුදලක් වැයකොට යකඩ ආධාරයක් ඉදිකළද එය නිෂ්කාර්ය වියදමක් වි තිබුණි.

පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවේ  මුලික කාර්යභාරය  පුරාවිද්‍යාත්මක ස්ථාන  පුරාවස්තු පිළිබඳ ගවේෂණය කිරීම  කැණිම් කටයුතු කිරීම හා සංරක්ෂණය කිරිමය. එහෙත් විගණනය මගින් ලබා දී ඇති නිර්දේශය වන්නේ සංරක්ෂණ කාර්යයන් නිසි පරිදි ඉටුනොකිරිම නිසා  මෙම පුරාවස්තුව හානිවි විනාශ වි ඇති බවය.

විගණනය නොවන ජාතික උරුමය සහ ජාතික උරුම සංහාරය

විගණනය මගින් පෙන්වා දෙන්නේ  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනාගාරය තුළ 1950 වර්ෂයේ පමණ  සිට  කැණිම් හා සංරක්ෂණ අංශ මගින් සොයාගත්  පුරාවස්තු විශාල ප්‍රමාණයක්   තිබෙන බවය. ඇතැම් පුරාවස්තු සංරක්ෂණය කිරීමට කටයුතු කර නොතිබුණි. 

ඒ විතරක් නොව අතිතයේ සිට විධිමත්ව සකස්කළ පුරාවස්තු පිළිබඳ ලේඛනයක්ද  නොතිබුණි. 2020 හා 2021 වර්ෂවල  පුරාවස්තු ලේඛනගත කිරිම ආරම්භ කළද  වාර්තමානය වනවිට පුරාවස්තු විශාල ප්‍රමාණයක්  ලේඛනගත කිරීමකින් තොරව ආනාරක්ෂිත පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.  

කෙසේ වෙතත් ඓතිහාසික වැදගත්කමකින් යුතු    අත්තනගල්ල පාරුව රැක ගැනිමට  පුරාවිද්‍යා බලධාරින්ට නොහැකිවි තිබුණි.   පාරුව අත්තනගල්ල ඔයෙන් ගොඩගෙන රැගෙනවිත්  තැන්පත් කිරීම සදහාත් විශාල මුදලක් වැයවන්නට ඇත.  එමෙන්ම    මෙය පාරුවක් ද ඔරුවක් ද  නැතිනම්  උපසම්පදා විනයකර්මවලදි මණ්ඩපය ඉදිකිරීම සදහා යොදාගනු ලැබු ලි දඩුද යන්න  පිළිබඳ විවිධ මතවාද පැවතිනි. 

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ආචාර්ය සිරිනිමල් ලද්දුසිංහ මෙම පාරුව ගැන කියන්නේ මෙවැනි කථාවකි.

“ මාගේ කාලය තුල තමයි මෙම පාරුව  ජාතික කෞතුකාගාරයට රැගෙනවිත්  තිබුණේ. මේ පිළිබද විවිධ මත තියෙනවා. අත්තනගල්ල විහාරස්ථානයේ පහලින් තමයි මෙම පාරුව හමුවෙන්නේ.   භික්ෂුන්වන්සේලා උපසම්පදා  විනයකර්ම කිරිමේ දි   මණ්ඩපයක්  හැදිම සදහා  භාවිතාකරපු  ලි දඩුකියලා තමයි විශ්වාස කරන්නේ.     ක්‍ස්තු .වර්ෂ 08 වැනි ශතවර්ෂයේ දි අනුරාධපුර අග කාලය වනවිට  අත්තනගල්ල රජමහා විහාරස්ථානය  උපසම්පදා විනයකර්මය සිදුකරණ වැදගත් විහාරස්ථානයක් බවට පත්වෙලා   තිබුණා.  ආචාර්ය සිරිනිමල් ලද්දුසිංහ මහතා සදහන් කළේය.

කුමන මතවාද පැවතියද මේ  වසර 1270ක් පැරණි ජාතික උරුමය දැන් ජාතියට අහිමිය. වරද කොතැන ද?. මේ සම්බන්ධව නිසි ඇගයීමක් කර මේ උරුම සංහාරකයින්ට දඬුවමක් නොදෙන්නේ ද?.

පුරාවස්තු අපරාධකරුවන් පුරවිද්‍යා දෙපාරත්මේන්තුව තුළත් කෞතුකාගාර දෙපාර්තමේන්තුව තුළත් සිටින බව විගණනයත් කියන්නේය. අපට අසන්නට ඇත්තේ මොවුන්ට නඩු නැති ද යන්න පමණි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බිංදුවට කොවිඩ් බස්සන්න ගිය චීනයේ  ආර්ථිකයත් බිංදුවට වැටෙයිද ?

Next Post

ණය අර්බුදය විසඳා ගැනීමට ජපන් සහය ලැබෙන බව ජපන් මුදල් ඇමති කියයි…

Related Posts

vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026
සංස්කෘතිය

මැකී ගිය යුග සලකුණ- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගැන කතාවක්!

අප්‍රේල් 14, 2026 - Updated on අප්‍රේල් 15, 2026

Comments 1

  1. කුප්ප කොමෙන්ට්කාරයා says:
    වසර 3ක් ago

    පාරුවේ පුවක් !!

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.