බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

“තානාපතිවරයෙකුගේ දිනපොතින්…“ හැකිනම් අරන් බලන්න… ඒක කදිම පොතක්

by editor
සැප්තැම්බර් 18, 2022
in කලා
Share on FacebookShare on Twitter

විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වූ රංජිත් ගුණරත්නයන්ය අප අතරින් නිකම ගොස්ය. වෘත්තීය ගර්වයෙන් මිදී මනුෂ්‍යය සංවේදනාවන් මුහුවන ගැඹුරු මානුෂීය මනෝභාවයන් ස්ඵර්ශ කළ හැකි විශාල හදවතක් සහිත මේ රාජ්‍ය තාන්ත්‍රිකයා විසින් සිංහල පාඨකයින් වෙත මාහැඟි දායාද කීපයක් ඉතිරි කළේය.

‘ජපානයේ ද්විතීය උසස් විද්‍යාලයීය සිසුවියකගේ ජීවන තොරතුරු’, ‘ජපානයේ ප්‍රාථමික විද්‍යාලීය සිසුවියකගේ දිවිය’, ‘ලී ක්වාන් යූ ගේ සිංගප්පූරු කථාව’වැනි පරිවර්තන කෘති ද, ‘සකුරා මල්’, ‘දෙවියන්ට අමතක වූ අය’,   කෙටිකතා ද, අහස හරි දුරයි නවකතාව ද රචනා කර තිබිණි.

ඒ සියල්ල අතරින්  ඔහුගේ ලේඛණ දිවියේ කූටප්‍රාප්තිය ‘තානාපතිවරයකුගේ දිනපොතින්’  තීරු ලිපි සංග්‍රහය බව හඟිමි.

ජපානය, සිංගප්පූරුව, ජර්මනිය, මෙන්ම මැදපෙරදි දුර්ග වකවානුවල ජාතිය වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවරක යෙදුනු රන්ජිත් ගුණරත්නයන් පුලුල් පරාසයක පැතිරුණු  ඒ අත්කීම්වල අතිශය තියුණු සහ මානුෂික ඉසව් විචක්ෂණ සහ සියුම් ලෙස “තානාපතිවරයෙකුගේ දිනපොතින්“ කෘතිය තුළ සංගෘහිත කර තිබිණි.

මෙම තීරුලිපි සංග්‍රහය කලෙක “තානාපතිවරයෙකුගේ දිනපොතින්“ නමින් දිවයින ඉරිදා සංග්‍රහයේ පල වූයේය. එය මහත් වූ පාඨක සම්භාවනාවට ලක්වූවා මතකය.  රංජිත් ගුණරත්නයන් ඉතාම තියුණු බස්වරහකින් ආකාර්ශනීය කතා රිද්මයෙන් යුතුව පෙළ ගැස්වූ එම අත්දැකීම් මින් පෙර කිසිම කළෙක පාඨකයින් හමුවේ විවර නොවුන ඒවාය.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ලෝකයේ විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉදිරියේ තානාපති සේවයට පත් වී පැමිණි අපේ දේශපාලන බැලයන් නිටටෑවන් වූ ආකාරය විටෙක ඔහු නිරාවරණය කරන්නේ අත්දුටු සත්‍ය  සිදුවීම් ඇසුරිනි. තමන් මුහුණ දුන් එක් එක් සංවේදී මානුෂික සිදුවීම් වචන දෙසීය පනහක කතාවකට ගොනුකර විටෙක සමස්ථ සංස්කෘතියක හැඩය අලෝකනය කිරීමේ විශ්මය ජනක ලේඛන පරිචයක් රංජිත් ගුණරත්නයට තිබිණි.

වරෙක තානාපතිවරයෙකුගේ දිනපොතින් කෘතිය සම්බන්ධව මාධ්‍ය ඔහුගෙන් මෙසේ ප්‍රශ්න කර තිබිණි.

තානාපති සේවයේ යෙදී සිටිය දී ඔබ ලත් අත්දැකීම් ඇසුරින් මේ කෘතිය රචනා වී තිබෙන්නෙ. එම   අත්දැකීම් පාඨකයාට වැදගත් වෙන්නේ කොහොමද?

මෙහි සඳහන් වෙන්නේ, ටයි-කෝට් ඇඳගෙන, බෙන්ස් කාර්වල නැගලා, සාදවලට ගිහින් තමන්ට නැති පුරාජේරුවක් බලෙන් ආරෝපණය කරගෙන, හිස් වදන් දොඩන, තුන්වැනි ලෝකයේ හිස් මිනිසුන්ගේ මනෝභාව නෙමෙයි.

තුන්වැනි ලෝකයේ තානාපති නිලධාරියකු, තමන්ගේ වෘත්තීය ජීවිතයේ දී බටහිර ලිබරල්වාදය, මැදපෙරදිග මූලධර්මවාදයට බර චින්තනය හා ආසියානු චින්තනය විනිවිද අත්දුටු විවිධ අත්දැකීම් සමූහයක්, මේ මඟින් සාකච්ඡා කෙරෙනවා. ඒ අතර මම ඇසුරු කළ කුඩා මිනිසුන්, හමුවූ ශ්‍රේෂ්ඨ නායකයන් වගේ ම, මා හා ගනුදෙනු කළ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිළිබඳ බුද්ධිමය විවරණයක යෙදෙනවා. සමහර අත්දැකීම් හරහා පුහු මිනිසුන්ගේ හරසුන් අදහස් පිළිකෙව් කරන අතරෙම, අපූර්ව රාජ්‍යතාන්ත්‍රිකයන් හා රාජ්‍ය නායකයන්ගේ අදහස් ගෞරවයෙන් යුතුව අගය කරනවා.

විශේෂයෙන් ම මැදපෙරදිග ගෘහ සේවයට කොටු වූ ශ්‍රී ලාංකේය කාන්තාවන් ගෙන යන කටුක අරගලය හා ඔවුන් අනුදකින ලෝකය, ලේඛකයෙක් වශයෙන් මගේ භූමිකාව තුළ හිඳිමින්, මානුෂික බවකින් විවරණය කරන්නට මම උත්සාහ කළා.

කවුරුන් හෝ ඔවුන් ගැන කතා කළ යුතුයි. අප ඔවුන්ගේ ගැටලූ නොදැක්කා සේ සිටීම, එම ශ්‍රී ලාංකිකේයයන්ට කරන බලවත් අසාධාරණයක්. මේ සියලූ කරුණූවලට අනුව, මේ කෘතිය පාඨකයාට නව්‍ය අත්දැකීමක් වේවි.

මොකද  සාමාන්‍යයෙන් තානාපති සේවයේ නිලධාරීන්, තමන්ගේ අත්දැකීම් අන් අය සමඟ බෙදා හදා ගන්නේ නැති තරම්. එක් පැත්තකින් ඔවුන්ට එසේ බෙදා හදා ගන්නට තරම් රසවත් හා අර්ථවත් අත්දැකීම් අල්ප වීම මීට හේතු විය හැකියි.

අනෙක තමන්ගේ වෘත්තිය හා බැඳුණු සිදුවීම්, ඉතා සියුම් ලෙස විග්‍රහ කරලා, විශ්ලේෂණය කිරීමේ හැකියාවක් කෙනෙක් තුළ තිබිය යුතුයි. ශ්‍රී ලංකාවේ සිටින බහුතරයක්, තානාපති සේවය ගැන එතරම් තොරතුරු දන්නේ නැහැ. විශේෂයෙන් ම මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකේයයන්, තානාපති කාර්යාලවල සමහර අයගේ අඩුපාඩු නිසා, තානාපති සේවය දකින්නේ යහපත් දෘෂ්ටිකෝණයකින් නෙමෙයි.

මේ නිසා, මේ වෘත්තිය පිළිබඳ මහජනතාව තුළ තියෙන්නේ වඩාත් පැහැදිළි හා ළගන්නාසුළු චිත්‍රයක් නෙමෙයි. ශ්‍රී ලංකාවේ පොදු මහජනතාවගෙන් තරමක් ඈත්ව ඇති වෘත්තියක අත්දැකීම් ජනතාවට සමීප කරවීමෙන්, එක් පැත්තකින් විදේශ සේවය පිළිබඳ ඇති බොහෝ දුර්මත නිශේධනය කරන්න හැකි වෙනවා වගේ ම, අනෙක් පැත්තෙන් තානාපති නිලධාරියකුගේ වෘත්තීමය කාර්යභාරයේ ඇති වැදගත්කම, අවදානම හා විශේෂත්වය හෙළි දැක්වීමක් සිදු වෙනවා.

මේ කෘතිය පුරා විදහා දක්වන්නේ, අපේ සමාජය, තානාපති සේවය හා දේශපාලඥයන් තුළ නිරායාසයෙන්ම තිබිය යුතු ගුණාංග සමූහක් පිළිබඳ අර්ථාන්විත විවරණයක්. මෙය ලෝකයේ අප නොදකින පැතිකඩක්, වෙනත් තලයක් ඔස්සේ ප්‍රතිනිර්මාණය කර ඇති කෘතියක්.

රංජිත් ගුණරත්නයන් අද අප අතර නැත.  මේ ඔහුවැනි මිනිසුන් ජීවත් වී සිටිය යුතු කාලයකි. රට ආර්ථිකව මෙන්ම පැහැසර චින්තන ධාරාවන් සහිත මිනිසුන්ගෙන් බංකොලොත් වෙමින් තිබේ.

එහෙත් රංජිත් ගුණරතන්යන් විසින් ජාතියක් අමතා කියූ ඒ කතාව තවමත් ඔහුගේ “තානාපතිවරයෙකුගේ දිනපොතින්“ කෘතියෙන් ජීවමානය.

හැකිනම් අරන් බලන්න… ඒක නියම පොතක්…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගැටඹේ රාජෝවපනාරාමයේ වසර 500 පැරණි බෝධීන්වහන්සේ මළුව පිටින්ම ගිලා බැසීමේ අවදානමක…

Next Post

අගමැති ධූරයට පොහොට්ටුව ඇවිලෙයි… ගෝඨා අගමැති කමට ගේන්න ජොනීලා සටනක…

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.