බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහවැලි බී කලාපයේ වී ඇටයක් වී අලෙවි මණ්ඩලය මිල දී ගෙන නෑ… මහ මෝල්ලු වී කොල්ලකයට සැරසෙති!

by editor
සැප්තැම්බර් 12, 2022
in පුවත්
දිරාපත් වන වැලිකන්ද වී ගබඩාව,

දිරාපත් වන වැලිකන්ද වී ගබඩාව,

Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

වී අලෙවි මණ්ඩලය මගින් මෙතෙක් මහවැලි බී කලාපයේ කිසිදු ස්ථානයක වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකිරීම නිසා පොලොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමියන් තම වී අස්වනු කුණුකොල්ලයට ලබාගැනීමේ කූට උපක්‍රමයක නිරතවන බව මහවැලි බී කලාපයයේ ගොවි සංවිධාන නියෝජිතවරු හෙළි කරති. 

මහවැලි බී කලාපයේ වැලිකන්ද, දිඹුලාගල, අරලගංවිල, ඇතුළු ප්‍රධාන නගර ආශ්‍රිතව රජයේ වී ගබඩා මේ වෙනවිට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර මේ හේතුකොටගෙන අද දින  වනවිට පොළොන්නරුව මහ මෝල් හිමිකරුවන් පැමිණි තමන්ගේ වී තුට්ටු දෙකට ලබාගැනීමට

සැරිසරන බවද ගොවි සංවිධාන නියෝජිතවරු පෙන්වාදෙති.

මේ වෙනවිට නාඩු වී කිලෝවක් රුපියල්  90 ත්, 95ත්, සම්බා වී කිලෝවක් රුපියල් 95 ත්  100 ත්,, කීරි සම්බා කිලෝවක් රුපියල් 100 ත්,110 ත් අතර මිලකට පෞද්ගලික වෙළඳුන් විසින් ලබාගනිමින් සිටින බවද ගොවීහු සඳහන් කරති.

මෙවර යල කන්නයේයේ වී අස්වනු සියයට 45ත් 50 ත් අතර ප්‍රමාණයකින් අඩුවී ඇති අතර, ඊට හේතු වී ඇත්තේ කාබනික පොහොර යෙදීම බවත්, අක්කර දෙකහමාරකින් මීට පෙර වී කිලෝ 5000 ත් 6000 ත් ප්‍රමාණයක් ලබාගත්තද මෙවර අක්කර දෙකහමාරකින් ලබාගැනීමට හැකියාව ඇත්තේ වී කිලෝ 2500ක් 3500 අතර  ප්‍රමාණයක් බවත් මහවැලි බී කලාපයේ ගොවීහු පෙන්වා දෙති.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

දිරාපත් වන වැලිකන්ද වී ගබඩාව,

ඩීසල් මිල අධික ලෙස ඉහළ යෑම  නිසා වී අස්වනු නෙලන   යන්ත්‍ර මගින් වී අස්වනු නෙලීමට රුපියල්  40,000 කට වැඩි මුදලක් ලබාගන්නා බවත්, කෘමිනාශක, වල්නාශක, ඇතුළු වී අස්වනු ලබාගැනීම දක්වා යොදන යෙදවුම් වල මිල හා කම්කරු වියදම් ඉහළ ගොස් ඇති නිසා රුපියල් 100 ට අඩුවෙන් වී කිලොවක් ලබාදීමෙන් තමන්ට අධික පාඩු සිදුවන බවත් ගොවීහු  කියති.

මහවැලි බී කලාපයට අයත් වැලිකන්ද නගරයට ආසන්නව පවතින වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා සංකීර්ණ හතරක් මේ වන විට ගරාවැටෙමින් පවතී. ඒ තුළ තිබූ වී විශාල ප්‍රමාණයක් අලින් විසින් විනාශ කර ඇති බවද ගොවි සංවිධාන නියෝජිතවරු සඳහන් කරති,

පුලතිසි ගොවි, වෙළඳ, පාරිභෝගික, හවුලේ අනුශාසක දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්, සිංහපුර කොට්ඨාස ගොවි සංවිධාන සභාපති වසන්ත සේනානායක, සේනපුර කොට්ඨාස ගොවි සභාපති කපිල සිරිල් පතිරණ, සෙවනපිටිය කොට්ඨාස ගොවි සංවිධාන සභාපති ජයලත් ගුණසිංහ අද (12 )  වැලිකන්ද නගරයෙට ආසන්නව පවතින වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා තුන නිරීක්ෂණය කරමින් ප්‍රකාශ කළේ ගොවියා මහත් පීඩනයට පත්ව සිටින මොහොතක ඉතා කඩිනමින් මෙම වී ගබඩා විවෘත කර ගොවියාගේ වී සාධාරණ මිලට ලබා ගැනීමට රජය අවශ්‍ය කටයුතු නොකළොත් ඉතා කඩිනමින් ගොවි සංවිධාන එක්ව දැවැන්ත අරගලයක් සිදුකරන බවයි.

රජය හිතාමතාම වී ගබඩා වසා දැමීමෙන් පෞද්ගලික වෙළෙන්දාට අඩු මිලට වී ලබාගැනීමට පාර සකසා ඇති බවද ගොවි සංවිධාන නියෝජිතයෝ සඳහන් කළහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පැල්මඩුල්ලේ චොකා මල්ලීටත් රාජ්‍ය ඇමතිකමක් – දැන් රාජ්‍ය ඇමතිවරු 38යි…

Next Post

චීනයේ උයිගර් ප්‍රජාවට කරන සංහාරය එරෙහි ක්‍රියාත්මක වෙන ලෙසට ලොව පුරා හඬ නැගෙයි

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.