බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඉන්දියාව පරදවා පකිස්ථානුවෝ කඩුලු 05ක තියුණු ජයක් ලබති!

by editor
සැප්තැම්බර් 5, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ආසියානු කුසලාන තරගාවලියේ හැමදාම  ආකර්ෂණීයම  තරගයක් වන ඉන්දියාව සහ පකිස්ථානය අරත පැවැත්වුන සුපිරි වටයේ දෙවැනි තරගය පකිස්ථානයට කඩුළු 05ක  තියුණු ජයක් සහිතව ඊයේ (04) නිමාවට පත් විය.

මෙම  උණුසුම් තරගය ඩුබායිහි දී  පැවැත්වුනේ    25000කට අධික ප්‍රේක්ෂක සහභාගිත්වයෙනි.

කාසියේ වාසිය දිනාගත් පකිස්ථානු කණ්ඩායම ඉන්දීය ක්‍රීඩකයන්ට පන්දුවට පහර දීමට ආරාධනා කළේය.

පන්දු ඕවර විස්ස තුළ දී ඉන්දියානු කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 181ක් ලබා ගත්තේය. අවසන්  ඕවරයේ අවසන් පන්දු දෙක තුළ පකිස්ථානු ක්‍රීඩක  ෆකාර් සමාන් ගේ  හිතා ගත නොහැකි  දුර්වල පන්දු රැකීම හමුවේ ඉන්දියානු කණ්ඩායමට කඩුල්ලක් අහිමි වීමේ අවදානම නැතිවූවා පමණක් නොව, ලකුණු 08ක් ද ලබා ගත හැකි විය.

ඉන්දියාව වෙනුවන්  විරාට් කොලි පන්දු 44ක් තුළ මනරම් ලකුණු 60ක් ලැබුවේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

නායක රෝහිත් ෂර්මා පන්දු 16ක දී ලකුණු 28ක්, කේ.එල් රාහුල් පන්දු 20ක දී ලකුණු 28ක් ලැබීය. හර්දික් පාණ්ඩ්‍යා ලකුණු නොලබා දැවී ගියේය.

පකිස්ථානය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවිම නිරත වූ ශෂාබ් ඛාන් පන්දු ඕවර 04 තුළ ලකුණු 31කට කඩුළු 02ක් ලැබීය. නසීම් ෂා, මොහමඩ් හස්නයින්, හැරිස් රවුෆ්, මොහමඩ් නවාස් කඩුල්ල බැගින් බිඳහෙලුවේය.  විරාට් කෝලි දුවද්දී දැවී යෑමකට හසුවිය.

ලකුණු 182ක ඉලක්කයක් කරා යෑමට පකිස්ථාන කණ්ඩායම පිටියට පැමිණියේය.  ආරම්භක පිතිකරු යුවල වූයේ  බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන්ය.

බාබර් අසාම් ලකුණු 14කට දැවී ගියේය. විශිෂ්ට පිතිකරණයක නිරත වූ මොහොමඩ් රිස්වාන් ලකුණු 71ක් ලැබුවේය. පන්දු 51ක් තුළ  ඔහු ලැබූ  ලකුණු 71කට  හතරේ පහර 6ක් සහ හයේ පහර දෙකක්  ඇතුළත් විය.

මොහොමඩ් නවාස් ලකුණු 42ක් ලැබුවේය. ඒ පන්දු 20ක් තුළය.  ඊට හතරේ පහර 6ක් සහ හයේ පහර දෙකක් ඇතුළත් විය.

කෙසේ වෙතත් මේ තරගය පුරාම දෙපිලෙහිම දුර්වල පන්දු රැකීම් කැපි පෙනුනි. පීඩනයක් එල්ල කරමින් නවක ඉන්දීය පා දඟ පන්දු යවන ක්‍රීඩක රවී බිෂ්නෝයි විසින් තරගයේ අවසන් අදියර සිය පාලනයට නතු කරනගෙන පන්දු යවමින් සිටි අවස්ථාවේ දී  අශ්දීප් සිං විසින් අතහැර දැමූ අසීෆ් අලිගේ උඩ පන්දුව ඉන්දියාවට දැවැන්ත පහරක් වන අයුරු දැක ගත හැකි විය. එතරම්ම පහසු උඩ පන්දුවක් අත්හැරෙන්නේ කෙසේ දැයි වටහාගත නොහැකි වූ පිටියේ ක්‍රීඩකයෝ අන්දමන්ද වූහ.

අසීෆ් අලි පන්දු   8ක දී ලකුණු 16ක් ලැබුවේය. ඔහු දැවී යන්නේ  19 වැනි ඕවරයේ හතරවන පන්දුවේ දී ජයග්‍රහණයට එක් ලකුණක් ඉතිරිව තිබියදී ය.

පාකිස්ථානය පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකළේය.

ආසියානු කුසලාන තරගාවලියේ තීරණාත්මක මීළඟ තරගය ලබන අඟහරුවාදා     ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන්නේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාව තනිවම හැදූ ගුවන් යානා ගෙන යන වික්‍රන්ට් නැවේ වරුණ !  ගුවන් යානා 30ක් ගෙන යා හැකියි !

Next Post

වී තොගත් සමග දිරාපත්වූ පොලොන්නරුවේ    වී අලෙවි මණ්ඩල වී ගබඩා 02ක් ගැන  ගොවීහු හෙළි කරති…

Related Posts

ක්‍රීඩා

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.