රට තුළ හදිසි නීතිය සම්මත කරගැනීම ප්රමුඛම වැදගත් කාර්යයක් කරගෙන පාර්ලිමේන්තුව අද (27) පෙරවරු 10ට රැස්වේ.
එහි දී හදිසි නීතිය පිළිබඳ විවාදය පස්වරු 4.30 දක්වා පැවැත්වෙන අතර, ජූලි 17 වනදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්රයක් මගින් හිටපු ජනාධිපතිවරයා පනවනු ලැබූ හදිසි නීතිය පාර්ලිමේන්තුව තුළ කරගැනීමට නියමිතව ඇත. .
නෛතික ප්රතිපාදන අනුව හදිසි නීතිය දීර්ඝ කරගැනීම සඳහා දින 14ක් තුළ පාර්ලිමේන්තුවේ අනුමැතිය නොලැබෙන්නේ නම් එය අවලංගු වන්නේය.
රනිල් වික්රමසිංහ, ජනාධිපති ධුරයේ දිවුරුම් දීම හේතුවෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරයට නම් කළ වජිර අබේවර්ධන ද අද පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිතව ඇත. අනතුරුව ඔහු සර්ව පාක්ෂික රජයේ වගකිවයුතු කැබිනට් ඇමති ධූරයක් දක්වා ඔසවා තබන්නට නියමිතව තිබේ.