සියලුම ත්‍රීරෝද රථ භාවිතා කරන්නන්ට ජූලි 31 දිනට පෙර තම ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ ලියාපදිංචි වී, තම ත්‍රීරෝද රථයට ඉන්ධන ලබාගැනීම සඳහා එක් පිරවුම්හලක් නම් කරන ලෙස බලශක්ති ඇමති කාංචන විජේසේකර ට්වටර් පණිවිඩයක් මගින් දන්වා ඇත.
අගෝස්තු 01 වනදා සිට ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන නිකුත් කරන්නේ එසේ ලියාපදිංචි වී, තමන් තෝරාගන්නා ලද නිශ්චිත ඉන්ධන පිරවුම්හලෙන් පමණක් බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පවසයි.
මේ පියවර ගෙන ඇත්තේ අද ඇතිවී තිබෙන ඉන්ධන හිඟය වඩාත් උග්‍ර වී ඇත්තේ ඉන්ධන ගබඩා කිරීමේ මාෆියාවට සම්බන්ධවී සිටින ත්‍රී රෝද රථ හිමියන් නිසා බවට තොරතුරු අනාවරණය වි ඇති නිසා බව වාර්තා වේ.
1) FuelPass Update –
Request all 3Wheel users to register their 3Wheelers at their respective area Police Station & nominate 1 Fuel Station before the 31st July. From the 1st of August 3Wheelers will only be allowed to obtain fuel from the their registered Fuel Station.— Kanchana Wijesekera (@kanchana_wij) July 26, 2022
එමෙන්ම උද්‍යාන උපකරණ, ජනක යන්ත්‍ර සහ ඉන්ධන අවශ්‍ය අනෙකුත් උපකරණ භාවිතා කරන්නන්ගෙන් සතිපතා ඉන්ධන අවශ්‍යතා සමඟ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තම අවශ්‍යතා ලියාපදිංචි කරන ලෙසත් ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් ක් නම් කරන ලෙසත් ඇමතිවරයා දන්වයි.
චැසි අංකය සමඟ ලියාපදිංචි විය නොහැකි වාහන භාවිත කරන්නන්ට සිකුරාදා සිට ආදායම් බලපත්‍රය සමඟ ලියාපදිංචි විය හැකි බවත් ඇමතිවරයා දන්වයි.
49CC බයිසිකල් භාවිතා කරන්නන් ඔවුන්ගේ බලපත්‍ර ලබා ගැනීමට සහ ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදංචි වීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බවත් අමාත්‍යවරයා දන්වයි.
3) Vehicle users that cannot register with the chassis number will be able to register with the revenue license from Friday. Users of 49CC bikes has to register with the Dept of Motor Traffic to obtain their licenses & register with NFP.
— Kanchana Wijesekera (@kanchana_wij) July 26, 2022