මහා බිඳවැටීම් මැද අමරණීය ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේය. ඒ පළමු ටෙස්ට් තරගයේ කඩුලු 10කින් ලද පරාජයේ අඳුරු නිග්‍රහය මකා දමමිනි.
ගාල්ල අන්ර්ජාතික ක්‍රීඩාංගනයේ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් තරඟයෙන් ඉනිමක හා ලකුණු 39 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් වූයේය. ජයග්‍රහණය ලැබුවේ තරගයේ එක් දිනයක් ඉතිරිව තිබිය දී ය.
සිය මංගල ටෙස්ට් තරගය ස්වර්ණමය මතයක් කළ වමත් ඕතඩොක් පන්දු යවන්නා, ප්‍රභාත් ජයසූරිය ඉනිම දෙකේදීම ලකුණු 177කට ලබා ගත් කඩුළු 12ත්, දිනේෂ් චන්දිමාල්ගේ විශිෂ්ට ද්විත්ව ශතකයත් ශ්‍රී ලංකා ඉනිම ජයහ්‍රණය වෙත වඩම්මාගෙන ගියේය.
ප්‍රභාත් ජයසූරිය මාතලේ ක්‍රිස්තුරාජ විද්‍යාලය සහ කොළඹ ලුම්බිනී විද්‍යාලයෙන් ක්‍රිකට් ප්‍රගුණ කළ එස්.එස්.සී. කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙකි.
ගාල්ලේ පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක පරාජයෙන් ගැලවීම සදහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 190 ක ඉලක්කයක් හිමිව තිබිණි.
කෙසේ නමුත් ඔවුන්ට සිය දෙවැනි ඉනිමේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 151 ක් පමණයි.
රටේ දැවැන්ත අරගලයක් නිර්මාණය වෙමින් තිබුණු පරිසරයක දී තරගය පැවැත්වූයේ ප්‍රේක්ෂක අවධානය ගිලිහී යන පසුබිමකය.
කාසියේ වාසිය දිනාගෙන ගාලු පිටියේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුනු 364ක් ලබා ගත්තේය. කඩුළු රකින ක්‍රීඩක මානස් ලබුස්චන් ලකුණු 134ක්, සටටීවන් ස්මිත් ලකුණු 145ක් ලැබුවේය. පන්දු යැවීමේ දී විශිෂ්ට වික්‍රමයක් දැක්වූයේ ප්‍රභාත් ජයසූරිය ය. ඔහු ලකුණු 118කට කඩුළු 06ක් ලැබුවේය. කසුන් රාජිත කඩුලු 02ක්, රමේෂ් මෙන්ඩිස් සහ මහීෂ් තීක්ෂන කඩුල්ල බැගින් ද ලබා ගත්තේය.
ශ්‍රී ලංකාව පළමු ඉනිමේ දී ලකුණු 554ක් ලැබීය. ඒ මුළු විශිෂ්ටත්වයම රැඳී තිබුණේ දිනේෂ් චන්දිමාල්ගේ පිතිකරණය මතය. ඔහු ලකුණු 2006ක් ලබා ගත්තේ නොදැවීය. දිමුත් කරුනාරත්න ලකුණු 86ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 85ක්, ඈන්ජලෝ මැතිව්ස් ලකුණු 52ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 61ක් ලැබුවේය. පන්දු යැවීමේ දී මිෂෙල් ස්ටේක් කඩුළු 04ක්, මිෂෙල් ස්වෙප්සන් කඩුලු 03ක්, නේතන් ලයන් කඩුළු 2ක්, පැට් කුමින්ස් කඩුළු 01ක් ලැබීය.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම පිතිකරණයට පැමිණියේ ඉනිමක පරාජයෙන් බේරීමට ලකුණු 190ක් ඉලක්කයක් සමගිනි. එහෙත් ඔස්ට්‍රේලියානු ඉනිම ලකුණු 151කට සීමා විය. යළිත් ඔස්ට්‍රේලියානු ඉනිම කුඩු කළ ප්‍රභාත් ජයසූරිය කඩුළු 06ක් ලැබුවේය. ඔහු ඒ විශිෂ්ට දස්කම දැක්වූයේ ලකුණු 59ක් පමණක් ලබා දෙමිනි. මහීෂ් තීක්ෂණ සහ රමේෂ් මෙන්ඩිස් කඩුළු 2 බැගින් ලැබුවේය.
ප්‍රභාත් ජයසූරිය සිය මංගල ටෙස්ට් තරගයේ දීම තරගයේ වීරයා විය. දිනේෂ් චන්දිමාල් තරගාවලියේ වීරයා වූයේය.







