බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අභිනව පාර්ලිමේන්තුවේ මංගල සැසිය අද ඇරඹේ

by Lanka Sara Editor
අගෝස්තු 20, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

 

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයට විශේෂ කරුණු ගණනාවක් එක්කරමින් නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද (20) පෙරවරු 09.30ට ආරම්භ වේ.

අද දින පළමුව සිදුකිරීමට නියමිතව තිබෙන්නේ නව වැනි පාර්ලිමේන්තුව සඳහා නව කථානායක පත්කර ගැනීමයි.

අනතුරුව නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති යන තනතුරු සඳහා නියෝජිතයින් පත්කරගැනේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පාර්ලිමේන්තුවට පිළිවෙලින් කතානයක, නියෝජ්‍ය කථානායක සහ කාරක සභා නියෝජ්‍ය සභාපති යන තනතුරු සඳහා මහින්ද යාපා අබේවර්ධන, රංජිත් සියම්බලපිටිය සහ අංගජන් රාමනාදන් යන අයගේ නම් යෝජනා වී ඇත.

සභාවේ කටයුතු පස්වරු 3 දක්වා අත්හිටුවන අතර ඉන් පසු පාර්ලිමේන්තුව කල් තබා සවස 2.30 රාජාසන කතාව පවත්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අභිනව පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද පස්වරු 3ට ඇරඹීමට නියමිත ය.

මැතිසබයේ සිටිය යුතු මන්ත්‍රීවරු 225 අතරින් මන්ත්‍රීවරු 223 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අද පාර්ලිමේන්තු රැස්වනු ඇත.

එක්සත් ජාතික පක්ෂයේ සහ අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් දෙදෙනා මෙතෙක් නම් කර නොමැතිවීම ඊට හේතුවයි.

මෙරට ප්‍රධානතම සහ පැරණිතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය නිදහසින් පසු පළමු වරට පාර්ලිමේන්තු මංගල රැස්වීම නියෝජනය නොකරීම විශේෂත්වයකි.

ඒ අනුව 1947 දී ඇරඹි එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මංගල රැස්වීම නියෝජනය නොකරන්නේ වසර 73 කට පසුවය.

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලන පක්ෂ සංඛ්‍යාව 06ක් වුවද මෙවර එය 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නව වැනි පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රිධුර 145 ක් සමගින් බහුතර බලය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය.

සමගි ජන බලවේගය මන්ත්‍රීධුර 54ක් ද, ඉලංකෙයි තමිල් අරසු කච්චි මන්ත්‍රීධුර 10ක් ද, ජාතික ජන බලවේගය මන්ත්‍රී ආසන 3ක් ද, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මන්ත්‍රීධුර 2ක් ද, අහිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය මන්ත්‍රී ආසන 2ක් ද, තමිල් මක්කල් විඩුදලෛප් පුලිහල්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් ජාතික සන්ධානය, තමිල් මක්කල් තේසිය කූට්ටනි, අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය, ජාතික කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, එක්සත් ජාතික පක්ෂය හා අපේ ජන බල පක්ෂය එක් මන්ත්‍රී ධුරය බැගින් හිමි වේ.

මෙවර තේරී පත්වූ ජනතා නියෝජිතයන් අතරින් 81 දෙනෙකු පමණ පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ අයයි.

මෙවර පාර්ලිමේන්තුවේ සමස්ත තරුණ මන්ත්‍රීවරුන්ගේ නියෝජනය 11%කි.

නව වැනි පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ප්‍රතිශතයක් ලෙස 5.3%ක් ලෙස සටහන් වන්නේ මන්ත්‍රීවරියන් 12ක් දක්වා අඩුවීම නිසයි.

නව මැතිසබය නියෝජනය කරන ළාබාලම මන්ත්‍රිවරයා වන්නේ මෙවර අමාත්‍ය මණ්ඩලයේ සිටින ළාබාලම අමාත්‍යවරයා ද වන, වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතාය. ඔහු 26 හැවිරිදි අයෙකි.

අද (20) පැවැත්වෙන මංගල රැස්වීමට බන්ධනාගාරයේ සිට පැමිණීමට නියමිත මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද වේ. එනම්, මෙවර මඩකලපුව දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ චොකා මල්ලි හෙවත් ප්‍රේමලාල් ජයසේකර යන මන්ත්‍රීවරුන් ය.

කථානායක තෝරාගැනීමෙන් පසුව නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කථානායකවරයා ඉදිරියේ සිය ප්‍රතිඥාව ලබා දීමට නියමිතය.

ජනාධිපතිවරයා පැමිණීමේ උත්සවය ඉතා චාම්ව පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආචාර වෙඩිමුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කරයි.

එම උත්සවය සංස්කෘතිකාංග කිහිපයකට පමණක් සීමා වනු ඇත.

අනතුරුව ඇරඹෙන පළමු සභාවාරයේ දී පාර්ලිමේන්තුවේ සභානායක ලෙස විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් පත්කිරීම සිදු කෙරෙයි.

එමෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර සඳහා නියෝජිතයෙකු නම් කිරීම ද අද සිදු කිරීමට නියමිතය.

පළමු සභාවාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

තවද මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරි මාස 04 ට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමද අද(20) දිනයේදී සිදු කෙරේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බැඳුම්කර හොරුන්ට දඬුවම් කරන්න රජයේ ඍජු මැදිහත් වීමක් බලාපොරොත්තු නොවන්න…

Next Post

කථානායක ලෙස මහින්ද යාපා ඒකමතිකව තේරී පත්වෙයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.