කොළඹ නගරය ආවරණය වන කොළඹ උතුර කොළඹ මධ්‍යම සහ කොළඹ දකුණ පොලිස් කොට්ටාසවලට සහ මීගමුව, කැලණිය නුගේගොඩ සහ ගල්කිස්ස පොලිස් කොට්ඨාසවලට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 8.00ට ඉවත් කරන බව පොලිසිය පවසයි.
අද (ජූලි 09) පැවැත්වෙන දැවැන්ත මහජන විරෝධතාව වළක්වාලීම සඳහා පනවන ලද මෙම ඇඳිරි නීතිය සම්බන්ධනේ ඊයේ රාක්‍රියේ සිට නීති ප්‍රජාවගෙන් සහ සිවිල් ක්‍රියාකාරිකයන්ගෙන් විශාල විරෝධයක් එල්ල වූ අතර මෙය මෙරට කිසිදු අණ පනතකින් ආවරණය නොවන්නක් බවට ප්‍රකාශ විය.
ඒ අනුව මෙම ඇඳිරි නීතිය භාවිත කරමින් යමකු ප්‍රජාතන්ත්‍ර අයිතීන් උල්ලංඝනය කිරීමට සූදානම් වුහොත් ඊට සම්බන්ධ වන පොලිස් නිලධාරීන්ට එරෙහිව පෞද්ගලිකව මූලික අයිතිවාසිකම් නඩු ගොනු කිරීම කෙරෙහිද ඊයේ රාත්‍රියේ අවධානයට ලක්විය.







