“ගෝඨා ගෝ හෝම්“ විරෝධතා පුවරු ජාත්‍යාන්තරය ඉදිරියේ විකාශය වීම වැලැක්වීම සඳහා ආරක්ෂක අංශ විසින් ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ දී දියත් කර තිබූ දැඩි ආරක්ෂක වැඩපිළිවෙළ ගාල්ලේ ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම හේතුවෙන් දෙරට අතර අද ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ දී ගෝටා ගෝ හෝම් කියන්නට පුවරු රැගෙන පැමිණි තරුණ පිරිසක් බලය යොදා ඉවත් කිරීමට ගාල්ල පොලිසිය කටයුතු කර තිබේ.
මෙම තරුණ පිරිස මෙම බැනරය ප්‍රදර්ශනය කරමින් රූපවාහිනී කැමරා හරහා එය ලෝකයට විකාශය කිරිමට සූදානම් වී පැමිණ ඇත.
ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පැවති එක්දින සහ විස්සයි 20 තරගාවලි වලදී මේ ප්රකාශනය වළක්වා ගැනීමට ආණ්ඩුව දැඩි උත්සාහයක් ගෙන තිබිණි.
කිසිම කෙනෙකුට ක්‍රීඩාංගනයට පුරවරුවක් රැගෙන යා නොහැකි ලෙස දැඩි පරීක්ෂාවකට ලක් කර ප්‍රේක්ෂකයන් ක්‍රිඩාංගනය වෙත ඇතුළු කර තිබේ.
අවසන් එක්දින තරගයේ දී ඔස්ට්‍රේලියාවට ස්තුති කිරීම සඳහා ප්‍රේක්ෂකයන්ට පුවරු ලබා දුන්නේ ක්‍රීඩාංගන බලධාරීන් විසින්මය.