අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

එය නම් වික්‍රමාන්විත ජයග්‍රහණයක්… ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියානුවන් පරදවා කඩුළු 06ක ජයක් ලබති..

පැතුම් නිශ්ංශක බිඳ වැටුණු රටක ප්‍රාර්ථනා පුබුදුවයි... ලංකාව තරගාවලියේ 2-1 ලෙස දැන් ඉදිරියෙන්...

by editor
ජූනි 19, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

එය නම් අති විශිෂ්ට ජයග්‍රහණයක් බව ආඩම්බරයෙන් ලියා තැබිය යුතුව ඇත.  පණ අදින ජාතියකට හුස්ම පොදක් ලැබෙන්නේ මෙවැනි වික්‍රමයන්ගෙන් පමණි.

ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියානුවන් පරදවා අති විශිෂ්ට කඩුලු 06ක ජයග්‍රහණයක් වාර්තා කළේය. පැතුම් නිශ්ශංක නැමැති නිහඬ සටන් කරුවා ඔස්ට්‍රේලියානුවන් බෙහෙවින්ම විඩාවට පත් කළේය. ඔහු  පන්දු 147ක දී ලකුණු 137ක් ලබා ගත්තේය.

දැන් ශ්‍රී ලංකාව තරගාවලියේ 2-1 ලෙස ඉදිරියෙනි.

අද පැවැත්වුනේ ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ තෙවන තරගයය.  කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී තරගය පැවැත්විනි.  කාසියේ වාසිය දිනුවේ ඕස්ට්‍රේලියානුවන්ය.  ඔවුහු පන්දුවට පහරදීම තේරූහ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම  සටන්කාමී පිතිකරණයක නිරත වූහ. නායක ආරොන් ෆින්ච් පන්දු 85ක දී ලකුණු 62ක් ලැබීය. කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් ග්‍රේ පන්දු 52ක දී ලකුණු 49ක් ලැබුවේය. ඔස්ට්‍රේලියා වෙනුවෙන් හොඳම පිතිකරණයේ යෙදුනේ මැද පෙළ පිතිකරු ට්‍රෙවිස් හෙඩ්ය. ඔහු පන්දු 65ක දී වේගවත් ලකුණු 70ක් රැස් කළේය. පිතිකරු ලයිස්තුවේ හත් වැන්නාව වූ  තුන් ඉරියව් ක්‍රීඩක  ග්ලෙන් මැක්වෙල්ගෙන් දැවැන්ත ප්‍රහාරයක් ශ්‍රි ලංකා කණ්ඩායමට එල්ල විය. ඔහු පනුද් 18ක් තුළ ලකුණු 33ක් රැස් කළේය.  පන්දු ඕවර 50 තුළ කඩුළු 06කට ඔස්ට්‍රේලියානුවො ලකුණු 291ක් ලැබූහ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පන්දු යැවීමේ දී ජෙෆ්රි වැන්ඩර්සේ පන්දු ඕවර 10ක් යවා ලකුණු 49කට කඩුළු 03ක් දවා ගත්තේය. දුෂ්මන්ත චමීර,  දුනිත් වෙල්ලාලගේ, ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් ලැබූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමණි ශ්‍රී  ලංකා ආරම්භක පිතිකරුවන් දෙපල වූයේ නිරෝෂන් දික්වැල්ල සහ පැතුම් නිශ්ශංකය.   පන්දු 26ක දී හතරේ පහර 05ක් සමගින් ලකුණු 25ක් ලබාගෙන සිටි   නිරෝෂන් දික්වැල්ල මුළු ලකුණු සංඛ්‍යාව 42 දී දැවී ගියේය.  අනතුරුව පැතුම් නිශ්ශංකට එක් වන්නේ කුසල් මෙන්ඩිස්ය.

කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිශ්ංශක  පළමු කඩුල්ල වෙනුවෙන් මතක ඇති කාලයක ක්‍රිඩා කළ විශිෂටම ඉනිම ක්‍රීඩා කළහ.  පන්දු 85ක දී ලකුණු 87ක් රැස් කරගෙන සිටි කුසල් මෙන්ඩිස් සිය ශතකය පෙනි පෙනී ආබාධයකට ලක් වී පිටියෙන් ඉවත් විය. ඔහු සිය ලකුණු 85ට හතරේ පහර 08ක් එල්ල  කර තිබිණි.

අනතුරුව පැතුම්ට එක් වුණු ධනංජය ද සිල්වා පන්දු 17කට මුහුණ දී  හතරේ පහර 4ක් සමග ලකුණු 25ක් රැස් කළේය.

මේ තරගය විශිෂ්ටත්වයට පත් කළ ක්‍රීඩකයා පැතුම් නිශ්ශංකය. පැතුම් ආරම්භක පිතිකරු ලෙස පැමිණ  මිනිත්තු 203ක් කඩුල්ලේ රැදෙමින් පන්දු 147කට මුහුණ දී ලකුණු 137ක් රැස් කළේය. හතරේ පහර 11ක් සහ හයේ පහර 02ක් ඒ විශිෂ්ට ඉනිමට ඇතුළත් වූයේය.  ඔහු පන්දු ඕවර 47ක් පුර පිටියේ රැඳී සිටියේය.  පැතුම්ගේ විශිෂ්ට පිතිකරණය ප්‍රතිවාදී ඕසට්‍රේලියානුවනුත් අගය කරනු පෙනුණි.  ඔහු දැවී යන්නේ 48 වැනි ඕවරයේ පළමු පන්දුවේ දී ය. ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 284ක් ලබා සිටියේය. ඒ කඩුළු 03කටය.

අනතුරුව පිටියට පැමිණි දසුන් ශානක මුහුණ දුන්නේ පන්දු දෙකකට පමණි. රිචඩ්සන් එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටී ඔහු ලකුණු නොලබා දැවී ගියේය. ඒ වනවිට ජයග්‍රහණයට අවශ්‍ය වී තිබුණේ ලකුණු 07ක් පමණි.

ඒ වනවිටත් කඩුල්ලේ රැඳී සිටි චරිත් අසලංක  48 වැනි පන්දු ඕවරයේ 2 වැනි පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කර ලකුණු මට්ටම සම කළේය. 48 වැනි ඕවරයේ 03වන පන්දුවේ දී ශ්‍රී ලංකාව ලකුණු 292ක ඉලක්කය ලබා ගත්තේය. පන්දු 09ක් ඉතිරිව තිබිය දී කඩුළු 06 අති විශිෂ්ට ජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි විය.

තරගයේ වීරයා පැතුම් නිශ්ශංකය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාව හා යුරෝපා සංගමය යලි සාකච්ඡා අරඹයි

Next Post

මීගහතැන්නේ ඉන්ධන පිරවුම්හල අසල ගැටුමක් පාලනය කිරීමට අහසට වෙඩි තියයි!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.