බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

සුලු මානසික ගැටලු ජීවිත ව්‍යසනයකින් කෙළවර වෙන්නට ඉඩ නොතබන්න… දැන් ඔවුන් සතුටින්….

by editor
ජූනි 6, 2022
in විනිවිද
Share on FacebookShare on Twitter

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා
එෂාමා කාරියකරවන –

ඔවුන් කැඳවාගෙන පැමිණියේ ඔවුන් දෙදෙනාගේ මව්පියන් විසිනි.

තරුණ යුවතිපතීන් ගෙන් සැමියාට බිරිඳගෙන් දික්කසාද වීමට අවශ්‍ය විය. විවාහ වී නොබෝ කලකින්ම එසේ වීම මව්පියන් බලවත් සේ පීඩා කරවීය. යුවතිපතීන්ට ප්‍රථමයෙන් මව්පියෝ සිව්දෙනම පැමිණියා නොව එක්වරම උපදේශන කාමරයට කඩා වැදුනාහ.

හතර දෙනාම එකවර කතා  කරන්නට වූහ.

” මැඩම් මේ දෙන්නා බැඳලා මාස හතරයි. කිසිම අඩුවක් නෑ. හැමදේම තියනවා. මගේ පුතා තමයි වෙන්වෙන්න ඕන කියන්නෙ”

” මගේ දුව නරක කෙනෙක් නෙවෙයි. වරදක් තියනව නම් හදාගන්න පුළුවන්නෙ”

” නෑයන්ට මුහුණ දෙන්නෙ කොහොමද?”

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

කතා වල සාරාංශය එය විය. ඔවුන් කාමරයෙන් පිටතට යැවූ මම තරුණ යුවළ කාමරයට කැඳවීමි.

අපූරු පෙනුමැති තරුණ යුවළ සිත පහන් කරවිය.

දෙදෙනාම රැකියා කරති. සැමියා Work from home නිරත වෙද්දී බිරිය සේවා මුර සහිත උසස් රාජකාරියක නිරත වෙයි.

රාජකාරි හමාර කර නිවසට පැමිණෙන බිරිඳ ” අද කවුද ගෙදරට ආවේ ” යනුවෙන් විමසන්නීය. බොහෝ විට නිවසට යහළුවෙක් නෑයෙක් කවුරු හෝ පැමිණි බව සැමියා පවසයි. සමහර දිනෙක කිසිවෙකු පැමිණියේ නැති බව කීවත් බිරිඳ පිළිනොගනී. පසුව සැමියාට පැමිණි කෙනා මතක් වෙයි.

බිරිඳ මෙසේ කියන්නේ කෙසේද යන්න සැමියාට මහත් ගැටළුවකි.

ගෙදර මොන දේ කළත් ඒවා බිරිඳ තිබ්බ තරම්ම හොඳට හොයන්න බැරි වෙන්නම නැවත සකස් කර තිබ්බත් බිරිඳ එය සොයාගන්නා ආකාරය ඔහුට පුදුමය දැනවීය.

කවුරුන් හෝ පැමිණ ගිය පසු සැමියා නිවස තිබූ තත්වයෙන්ම ඒ අයුරින්ම සකසයි. විශේෂයෙන් මිතුරන් පැමිණ ගියවිට එසේ කරයි.

එහෙත් බිරිඳ කවුරුන් හෝ පැමිණි බව  දැනගනී. මෙය සැමියාට විටෙක කරදරයක් විය.

” කොහොමද මෙයා මං කරන දේවල් දැනගන්නෙ” ඔහුගේ සිත විමසන්නට විය. නරකම සිදුවීම වූයේ ඔවුන් මා හමුවීමට සතියකට කලිනි. එදින නිවසට කිසිවෙකු පැමිණියේ නැති බව සහතිකය.

බිරිඳ විමසද්දී සැමියා,  “නැත” යන උත්තරය දිගටම දුන්නේ කිසිවෙක්ම නිවසට නොපැමිණි බැවිණි. බිරිඳ එය පිළිගත්තේ නැත.

එදා රාත්‍රිය අමිහිරි විය. සැමියා කෝප විය. ඔහු බිරිඳට තරයේ දොස් නැගීය.

” මාව සැක කරනවා, මට එපා වෙලා තියෙන්නෙ” සැමියා ගෝරනාඩු කළේය.

දෙදෙනාම බඩගින්නේ නින්දට ගියහ. සැමියාට නින්ද යාගෙන එනවිටම යමක් මතක් විය.

සපත්තු මහන්නකු මිදුළට කැඳවා තම සපත්තුවේ අඩුපාඩුවක් හදාගත් අයුරු සිහිවිය.

සැමියා ඒ මොහොතේම බිරිඳව අවදිකර තමාට අමතකව ගිය නිවසට පැමිණි පුද්ගලයා ගැන පැවසීය.

” මං දන්නවා”  කියූ බිරිඳ අනිත් පැත්ත හැරී නිදාගත්තාය.

සැමියා පසුදා උදෑසන බිරිඳ එය දැනගත් ආකරය විමසීය. බිරිඳ එය පැවසීම ප්‍රතික්ෂේප කළාය.

“මේ වගේ භයානක ගෑනියෙක් එක්ක ඉන්න බෑ… මට දික්ක්සාද වෙන්න ඕන”  යනුවෙන් පවසමින් සැමියා මව්පියන්ගේ නිවසට ගොස් නතර වී ඇත.

දෙදෙන තනිව කතාකරන විට බිරිඳගෙන් මම මේ ගැන විමසුවෙමි.

” එයා මං තියල තියන ඒවා වෙනස් විදියකට හදල තියල තියනව. හවස එනකොට මං දකිනව. එතකොට මං අහනව. වෙන දෙයක් නොවෙයි”

“වෙනස් විදියකට කිව්වෙ?”

” ඒ කිව්වෙ සෝෆා එක උඩ තියන කොට්‍ට ඕඩර් එක මාරුකරලා, ඒවා උඩයට මාරු කරලා තියනව. භාජන පාවිච්චි කරල ආපහු තියන විදියෙන් තමා දැනගන්නෙ”

” එතකොට මේ අන්තිම සිද්ධිය දැනගත්තෙ කොහොමද? කවුරුත් ගෙට ඇවිත් නෑනෙ”

” ඔව් කවුරුත් ගෙට ඇවිත් නෑ. එයා ඒ උනාට තේ හදල තියනව. එයා තේ බොන්නෙ නෑ”

” ඔයා කොහොමද දැන ගත්තෙ තේ හැදුවා කියලා?”

” මං හැමදේම පිළිවෙලකට තියන්නෙ. මං සීනි බෝතලේ හැන්ද තියන්නෙ වම් පැත්තට ඇල කරලා. ඒත් මං එනකොට ඒක දකුණු පැත්තට ඇල කරලා තිබ්බෙ”

සැමියා තේ සෑදූ බව පිළිගත්තේය.

පසුව දෙදෙනාට අවශ්‍ය  උපදේශනය ලබා දුනිමි.

බිරිඳට වෛද්‍ය ප්‍රතිකාර ගන්නට උපදෙස් දුනිමි.

ඇය OCD ( Obsessive Compulsive Disorder)  හෙවත් ග්‍රස්ථිය  නම් සුළු මානසික තත්වයක සිටියාය.

ඔවුන් දික්කසාද වූයේ නැත. සතුටින් වෙසෙති.

පවුල් ජීවිතයේ ඉතාම සුළු සිද්ධීන්වලට මහා වැදගත්කමක් දී  එය එකම සතුට කරගැනීමට යෑමත්, අනවශ්‍ය කලබලයකට පත්ව විවාහය හැරදමා යෑමත් යන කාරණා දෙක  දෙසම සන්සුන්ව ඉවසීමෙන් විසඳා ගැනීම විවාහ දිවියේ සතුටට සහ ප්‍රිතීයට හේතු වේවි!!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔට්ටුයි රනිල් රට ගොඩ දානවා!

Next Post

නයිජීරියාවේ පල්ලියට ප්‍රහාර එල්ල කළේ ‘යතුරුපැදි ධාවන කල්ලියක් ද?’

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.