කොරියානු රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති 5800ක් ලබන සතියේ සිට කොරියාවට යොමු කරන බවත්, මාස හයක් ඇතුළතදී මෙම පිිරිස කොරියාවට පිටත් කර යැවීම සදහා පියවර ගෙන ඇති බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යය පවසයි.
කොරියානු රැකියා සදහා සුදුසුමක් ලබා ඇති ශ්‍රමිකයින් පිටත් කර යැවීම සම්බන්ධයෙන්, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහ කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ මෙරට නේවාසික නියෝජිතවරයා අතර සාකච්ඡාවක දී කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ නේවාසික නියෝජිතවරයා ඉදිරි මාස හය තුළදී රැකියා සදහා සුදුසුමකම් ලබා ඇති 5800ක් කොරියාවට ගෙන්වා ගන්නා බවට සහතික වූ බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ඉදිරි සතියේ සිට සතියට එක් ගුවන් යානයකයින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 200 දෙනෙක් බැගින් කොරියාවට රැගෙන යාමට නියමිතව තිබේ.
ඉන් පසුව එය සතියකට ගුවන් යානා දෙකක් දක්වා වැඩි කිරීමටද නියමිතය.
කොරියානු රැකියා අවස්ථා වැඩි සංඛ්‍යාවක් ලංකාවට ලබාදෙන ලෙසට මනුෂ නානායක්කාර ඇමැතිවරයා ඉල්ලා සිටි අතර එයටද කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට නේවාසික නියෝජිතයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇත.







