ආණ්ඩුවට නියෝජ්‍ය කතානායක අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවත් ඒ සඳහා සුදුසුම පුද්ගලයින් දෙදෙනෙක් විපක්ෂයෙන්ම ඉදිරිපත් වීම මේ රටේ දේශපාලනය ස්වරූපය පැහැදිලි කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ඔහු ප්‍රකාශ කළේ මේ අවස්ථාවේ දී තවදුරටත් නොබෙදී රට වැටී ඇති බිහිසුනු ගැටලුවට කතානායකවරයා මැදිහත් වී විසඳුමක් නොගන්නේ නම් ලබන සතිය වනවිට පාර්ලිමේන්තුවේ ඇති ගෞරවය පමණක් නොව බලය ද නැති වෙන බවය.
ඔහු මෙසේ ද කීවේය.
“පළමුවෙන්ම මම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මා දැක්කෙ වෙනම කාරණයක්. ආණ්ඩුවට බැරිවුනා අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන් නියෝජ්‍ය කතානායක තනතුරට.
දෙන්නම ආවෙ විපක්ෂයෙන්. දෙන්නම සුදුසු පුද්ගලයො. ආණ්ඩුවෙන් මෙතෙන් කෙනෙක් ආවෙ නැත්තේ ආණ්ඩුවත් තමන්ට බහුතරයක් තියනවා ද නැද්ද කියලා දන්නෙ නෑ.
අන්තිමට විපක්ෂයෙ දෙන්න අතරින් කෙනෙක් තෝරා ගැනීමට ලැබීමත් පෙන්වන්නෙ මේ රටේ ඇතිවෙලා තියන තත්ත්වය.
ඉම්ටියාස්ගෙ තාත්තා කතා නායක හැටියට හිටි කෙනෙක්. එතුමාගෙ තාත්තා එක්ක වැඩ කරන්න මට අවස්ථාව ලැබුනා. රන්ජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කථානායක ලෙස හොඳට වැඩ කටයුතු කරලා තියනවා.
මෙතන අපි ඒ ප්‍රතිඵලය පිලි අරන් වැඩ කරමු. බෙදෙන්නෙ නැතිව වැඩ කරමු. රටේ ජනතාව කියන්නෙ රාජපක්ෂවරු විතරක් යවන්න කියලා. සම්පූර්ණයෙන් පොදුජන පෙරමුණේ අය යවන්න කියන්නෙ නෑ. ඒ ප්රශ්නය වෙනම දාලා මේ පැත්තෙ ඉදන් වැඩ ටික කරමු.
රටේ දැවැන්ත ආර්ථික ප්‍රශ්නයක් තියනවා. මේ පාර්ලිමේන්තුව හරියට හැසිරෙන්නෙ නැතිනම් මිනිස්සු මෙතෙන්ට එයි. මේ සතිය ගත කරලා තාම අපිට ප්‍රතිඵලයක් ලබා ගන්න බැරවුනා.