ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි අජිත් වීරසූරිය මහතාට අයත් ඇල්ල සංචාරක කලාපය තුළ පිහිටි සංචාරක හෝටලයට ඇතුළු වුණු එක්තරා සංවිධානාත්මක කල්ලියක් විසින් රුපියල් ලක්ෂ දහයකට අධික බඩු බාහිරාදියද කොල්ලකා ආයතනයටද දැඩි අලහභානිද සිදුකර පලාගොස් මාස 10ක් ගත වී ඇතත් මෙතක් ඊට සමබන්ධ කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නොමැති බවත් සිය ජීවිතාරක්ෂාවට පවතින තර්ජනය සම්බන්දයෙන් පොලිසිය කිසිදු බියවරක් ගෙන නොමැති බවටත් වීරසූරිය මහතා චෝදනා කරයි.
මේ පිළිබදව ඇල්ල පොලිසිය අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට වෙහෙසුණද මේ වනතෙක් කිසිදු සැක කටයුතු පුද්ගලයෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට නොහැකිවී ඇති අතර මේ වනවිට සංචාරක කර්මාන්තය නැවත ආරම්භ වී තිබුණ ද ඊට මුහුණදීම සදහා අවශ්‍ය කරන සියලුම සාධක ඇහිරිගොස් ඇති බව ඔහු පෙන්වා දෙයි.