ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ අනුශාසනා ප්‍රකාරව සියලුම පක්ෂක නායකවරුන් සහ මහා සංඝරත්නය අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පදනම් ආයතනයේ දී පැවැත්වෙන බවත් පොහොට්ටුවේ දේශපාලන නායකත්වය හැර රටේ සියලුම දේශපාලන නායකයින් මේ අවස්ථාවට එක්වීමට සූදානමින් සිටින බවත් වාර්තා වේ.
අගමැතිවරයා ඉවත් වීමේ ස්ථාවරය තුළ සිටින බැවින් තමන්ට එම රැස්වීමට එක්විය නොහැකි බව පොහෝට්ටුව වෙනුවෙන් විදේශ ඇමති ජී.ඇල්.පීරීස් තමන්වහන්සේට දැන්වූ බව රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ඕමල්පේ සෝබිත හිමියෝ ඊයේ (29) ප්‍රකාශ කර තිබුණහ.
අද සවස පක්ෂ නායකයින් සහ මහා සංඝරත්නය අතර සාකච්ඡාව පැවැත්වෙන්නේ ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ අනුමැතිය හා මගපෙන්වීම යටතේ බෞද්ධ සම්මේලනයේ දී මහා සංඝයා දහස් නමක් එක් වී සමුළුවක් පවත්වා පා ගමනින් නිදහස් චතුරශ්‍රයට වැඩම කර ජනාධිපතිවරයා ප්රමුඛ රජයට මේ ගැටලුව නිරාකරණය කිරීම සඳහා කෙරෙන නිවේදනයකින් අනතුරුවය.
සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධව කෙරෙන අවසන් තීරණාත්මක දැනුම්දීම මෙය බවත් මහා සංඝයාවහන්සේ පවසති.
පක්ෂ නායකවරු සහ මහා සංඝරත්නය අතර රැස්වීමේ දී අන්තර්වාර පාලනය ක්‍රියාත්මක කරනවාද, කරන්නේ කෙසේ ද, අනෙක් දේශපාලන පක්ෂ මේ සඳහා දායක වෙනවා ද?, රට අරාජික නොවී ඉක්මන් තීරණයකට යා හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව මෙහදී පුලුල් ලෙස සාකච්ඡා කරන බව මේ සම්බන්ධව ප්‍රකාශයක් කරමින් පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියෝ ලංකාසරට කීහ.







