පාස්කු ප්‍රහාරය කාලයක් මුළුල්ලේ සැලසුම් කිරීම පසුපස “සලේ“ සිටි බවට සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාර අද පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.මෙම සැලසුම් පිළිබඳව බුද්ධි අංශවලට තොරතුරු පැමිණි බවත් එවකට රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන මේ තොරතුරු වසන් කිරීමට කටයුතු කළ බවටත් නානායක්කාර මන්ත්‍රීවරයා චෝදනාවක් කළේය.
ඔහු තවදුරටත් චෝදනා කළේ 2019 වසරේදී පැවැත්වෙන ජනාධිපතිරණය සම්බන්ධයෙන් 2017 වසරේදී සිදු කළ සමීක්ෂණයකදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති වීමට නම් බෞද්ධ ජනතාව ගේ ඡන්දවලින් සියයට 70ක් පමණ ලබා ගත් යුතු බව පැහැදිළි වූ බවත් මෙම බෞද්ධ ඡන්ද ලබා ගැනීම සඳහා සිදු කරන ලද කුමන්ත්රණයක ප්‍රතිඵලයක් ලෙස පාස්කු ප්‍රහාරය සිදුවූ බවත්ය.
එහදී තවදුරටත් අදහස් දැක්වූ මනූෂ නානායක්කාර මන්ත්‍රිවරයා
“ 2019 වසරේදී ජනාධිපතිවරණය ජය ගැනීමට ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයන් ගැන සංගණනයක් සිදු වුණා. එහිදී රනිල් වික්‍රමසිංහ දැම්මොත් කොහොමද? සජිත් ප්‍රේමදාස දැම්මොත් කොහොමද ආදී වශයෙන් සලකා බැලුණා. ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තරගෙට දැම්මොත් සියයට සියයට 70ක් බෞද්ධ ඡන්ද ලබා ගත්තොත් විතරයි ජනාධිපතිවරයා කරන්න පුළුවන්. මේකට මෙහෙයුමක් දියත් වුණා. මේකට සම්බන්ධ වුණේ යුද්ධ හමුදා බුද්ධි අංශ කණ්ඩායමක්. ඔවුන් පෝෂණය කරපු සහරාන්ලව එළියට දැම්මා. මේක කෙනකුට කියන්න පුළුවන් මගේ උපකල්පනයක් කියල ඒක තමයි ඇත්ත. සැලසුම් කරපු අය සැලසුම කළේ එහෙමයි. මේකට මැලේසියාවෙන් උදව් ලැබුණා රාජ්‍යයක් හැටියට නෙවෙයි එහෙ හිටපු පුද්ගලයෙක්. ඉන්දියාවේ හිටපු පුද්ගලයෙක්. අපි චෝදනා මත ඉවත් කළ පුද්ගලයෙක් මේකට සම්බන්ධයි ඔහු තමයි සැලේ. ඔහු තමයි මේක සැලසුම් කළේ.
පාස්කු ප්‍රහාර සිද්ධියෙන් පස්සේ ජාත්‍යන්කර පර්යේෂණ කණ්ඩායම් ආවා. කිසිදු ජාත්‍යන්කර ත්‍රස්තවාදී සම්බන්ධතාවක් නෑ කියල ඔප්පු කළා. ප්‍රහාරය වුණේ අප්‍රියල් 21. ආමි මොහිදීන් 25 ගිහිල්ලා මාතලේ සහරාන් හම්බවෙලා අපි තමයි කෙළේ කියල වීඩියෝ එකක් දැම්මේ. ආමි මොහිදීන් ශානි අබේසේකර ගිහින් අත් අඩංගුවට ගත්ත. සී.අයි.ඩී ගෙනාවම අපේ ප්‍රොජක්ට් එකක් කියල එයාව අරන් ගියා. මේක හමුදාපති දන්නේත් නෑ. හමුදාවේ හිටිය බුද්ධි අංශ කණ්ඩායමක් මේකට සම්බන්ධයි. අපි හැමතැනම කිව්වා. අපේ කටවල් වහන්න කියව්වා.
බුද්ධි අංශ භාරව සිටි නිලන්ත ජයවර්ධන මේ තොරතුරු ආවා. ඔහු මේවා ඉදිරිපත් කළේ නෑ. ඔහුගෙ ලැප්ටොප් එක රීසෙට් කළා කිව්වා. ජංගම දුරකථනය බිරිඳගේ කියල කිව්වා.
දැන් මෛත්‍රිපාල සිරිසේන ගේ ගොඩට චෝදනාව දාන්න යනවා එයා බාර ගන්න බෑ කියනව නම් නිලන්ත ජයවර්ධනට හිරේ යන් ලෑස්ති වෙන්න කියනවා. ජනාධිපති කොමිෂන් වාර්තාවෙන් පැහැදලිවම චූදිතයෙක් වුණු දේශබන්දු තෙන්නකෝන් කෝ? තව මොනවද දැන් පොලිසිය භාරව ඉන්නේ කප්පම් නඩු දෙක තුනක් තියන නඩු කිහිපයකින් වැරදිකාරය වෙච්ච තවත් නඩු කිහිපයක් උසාවියේ තියෙන පුද්ගලයෙක්.
යහපාලන ආණ්ඩුව කාලෙ වැරැද්දක් කළා. ඒ තමයි නොසලකා හැරීම. මේක වළක්වා ගන්න යහපාලන ආණ්ඩුවට බැරි වුණා. ඒක කරන්න බැරිවෙන විදිහට ජාතික ආරක්ෂක කවුන්සිලය අවුල් කළා. ඒක කැඳවන්න එපා කිව්වා. මේ අතරේ දින 52න් ආණ්ඩුව ගහල ගන්න බැලුවා. ඒ හරහා ආරක්ෂක මණ්ඩලයට අගමැති පොලිස්පති නියෝජ්‍ය ආරක්ෂක ඇමති කැඳවීම නතර කළා.
අපට දැන් කරන්න කියෙන්නේ මොවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමයි. අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් ගේන ආණ්ඩුවකින් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් කරලා කට්ටිය හිරේ දාන එක දානවමයි.“







