කීර්ති ප්‍රනාන්දු –
අතිපුජ්‍ය තෛනිකායික මහා නායක හිමිවරුන්ගේ අනුශාසනා පවා ඉවත දමමින් මේ ආණ්ඩුව අද දිවුරුම් දුන් කැබිනට් මණ්ලය පිළිගත නොහැකි බව අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපානෝ පවසති.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (18) අගරදගුරු මන්දිරයේ පැවති විශේෂ පුවත්පත් සාකච්ඡාවක් අතරතුරය.
කාදිනල් හිමියන් පෙන්වා දෙන්නේ ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් විසින් ප්‍රකාශයට පත්කළ ප්‍රසිද්ධ ලිපියෙහි අඩංගු කරුණුවල දැක්වෙන්නේත් පවතින රජය ඉල්ලා අස් වී සියලු දෙනාට පිලිගත හැකි අන්තර්වාර පාලනයක් ගැන බවය.
ඒ ඉල්ලීම් පවා පසෙක ලමින් අද පත් කළ කැබිනට් මණ්ඩලය තමන් වහන්සේටත් පිළිගත නොහැකි බවත් එය ජනතා ප්‍රශ්නවලට ප්‍රායෝගික පිළිතුරක් සහ වැඩපිළිවෙළක් රහිත, ජනතා අපේක්ෂා පූරණය නොකරන ඇස්බැන්දුමක් පමණක් බවත් උන්වහන්සේ පවසති.







