ලෝක සම්භාවනාවට ලක් වෙමින් 2022 Laurence Olivier සම්මාන උළෙලේ විශිෂ්ටම නළුවාට හිමි සම්මානය හිමිකරගෙන මහා බ්‍රිතාන්‍යයේ විශිෂ්ටම රංගධරයා ලෙස සම්මානිත හිරාන් අබේසේකර ගෝල්ෆේස් අරගල බිමට එක්වීමේ අභිලාෂයෙන් අද (18) ලංකාවට පැමිණියේය.
එංගලන්තයේ, ලන්ඩන් නුවර රෝයල් ඇල්බර්ට් ශාලාවෙහි පැවති 2022 Laurence Olivier Awardsහි හොඳ ම නළුවාට හිමි සම්මානය දිනාගත් මේ විශිෂ්ට තරුණයා සම්මානය අතින් ගෙන රෝයල් ඇල්බර්ට් ශාලාවේ සම්භාවනීය පිරිස දෙස බලාගෙන සිංහලෙන් මෙසේ කීවේය.
“මචංලා… මම උඹලට ආදරෙයි.“
ඒ ආදරෙත් අරන් ගෝල්ෆේස් අරගල බිමට පය තබන්නට හිරාන් අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් රටට පැමිණියේය.
ගුවන්තොටුපලේ දී මාධ්‍ය වේදියෙක් හිරාන්ගෙන් මෙසේ ඇසුවේය.
මාධ්‍යවේදියා – හිරාන්… ඇත්තටම ලංකාවට ආවෙ ගෝල්ෆේස් අරගල බිමට යන්න ද?
අනිවාර්යයෙන් ඔව්… එහෙම නැත්නම් මං මේ වෙලාවෙ එන්න ඕනේ නෑනෙ . මට මේ සම්මානය ගැන සතුටුයි. හැබැයි ඒක වළාකුළු ගොඩකින් වැහිලා තියෙන්නෙ. මට මෙතෙන්ට එන්න කියලා බොක්කෙන්ම කතා කරනවා… “
ගෝල්ෆේස් අරගලය මේ රටේ මලමිනී බඳු පාලකයින්ට නොදැනුනාට ලෝකය සංවේදී කර ඇති තරම පැහැදිලිය.
අනේ.. නාඩි වැටෙන එකෙක් මේ ආණ්ඩුවේ හිටියානම් …
වැඩිදුර බලන්න…
“මචංලා… මම උඹලට ආදරෙයි… ජයවේවා. “ – ගෝල්ෆේස් එකේ උඹලා තනි නොවුණ බව ලෝකයම කියයි!







