මනම්පිටිය නිමල් ජයරත්න –
ඊයේ (18) අ අඩු මිලට ගෙනා ඉන්ධන නිකුත් නොකර තබා ගනිමින් ඉන්ධන මිල වැඩි වූ පසු අධික ලාභයක් සහිතව විකිණීමට ගිය පොලොන්නරුව සෙවණපිටිය ඉන්ධන පිරවුම්හල් හිමියෙකුට එල්ල වූ දැඩි ජනතා විරෝධය මැද සිය කූට වෙළෙඳාම නවතා පැරණි මිලටම ඉන්ධන අලෙවි කරන්නට සිදුවූ සිද්ධියක් පොලොන්නරුවෙන් වාර්තා වේ.
අඩු මිලට ගෙන ඉන්ධන නිකුත් නොකර ඊයේ දිනය පුරාම පිරවුම්හල වසා දමා නිකුත් නොකර අද වැඩිවූ අධික මිලට විකිණීමට කළ උත්සාහයත් සමග පාරිභෝගිකයෝ ඉන්ධන පිරවුම්හල අසලින් පොලොන්නරුව මඩකලපුව ප්රධාන මාර්ගය වසා උද්ඝෝෂණයක් ආරම්භ කළහ. 
ඉන්ධන ලබා ගැනීමට පැමිණි සිටි පන්සියයකට ආසන්න පාරිභෝගිකයින් පිරිසක් සෙවනපිටිය ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට ප්රධාන මාර්ගයේ යතුරු පැදි, ත්රිරෝද රථ, සහ කොට, ටයර්, දමා හරස්කර මෙම උද්ඝෝෂණය සිදු කලහ.
මෙම විරෝධය පැයක පමණ කාලයක් පොළොන්නරුව මඩකළපුව ප්රධාන මාර්ගය අවහිර කර පැවැතිනි. එම අවස්ථාවට මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් පැමිණ සෙවනපිටිය ඉන්ධන පිරවුම්හල් කළමනාකාරිත්වය සමඟ සාකච්ඡා කොට එකඟතාවයට පැමිණියහ.
ඒ අය අනුව 18 වෙනිදා සෙවණපිටිය ඉන්ධන පිරවුම්හල කළමනාකාරීත්වය විසින් රැගෙන ආ ඩීසල් හා පෙට්රල් තොගය 19 වැනිදා උදේ ඊයේ පැවැති මිලටම ලබාදීමට එකඟ වූයේය.
ඒ අනුව විරෝධිරෝධතාවයට එක්වූ පාරිභෝගික ජනතාව පෙට්රල් ලීටරයක් රුපියල් දෙසිය 254 ටත්, ඩීසල් ලීටරයක් රුපියල් 176 ටත් ක මිලකට ලබා ගැනීමට හැකි විය.







