ජනාධිපතිවරයා කිසිසේත් පවතින තත්ත්වය හමුවේ ඉල්ලා අස් නොවන බවත් අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා ඇතුළු පක්ෂයේ පිරිසට අවශ්‍ය ව ඇත්තේ අද මිනිස්සු පාරට බස්සවා මහා විනාශයක් සිදු කිරීමට වුවත් ඊට මුහුණ දීමට ආණ්ඩුවට හැකියාවක් ඇති බවවත් මහාමාර්ග අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂ ප්‍රදාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
අද පැවති පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින් රටේ පවතින ප්‍රශ්නයට පිළිගත හැකි විසඳුමකට සහය ලබා දීමට නම් වර්තමාන ජනාධිපතිවරා ඉල්ලා අස්විය යුතු බවට ජාකික ජනබලවේග නායක අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඔහු මෙසේ පැවසීය.
එහිදී අදහස් දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා “ කතානායකතුමනි එතුමා කිව්වා පළවෙනි දේ ගෝඨා ගෝ හෝම් කියලා. එතුමාට මම මතක් කරනවා ජනාධිපතිතුමා ඉල්ලා අස්වෙන්නේ නැහැ. අපි ඔබතුමාලගේ ඔය යටි අරමුණත් එක්ක හැප්පෙන්න ලෑස්තියි. මේ ප්‍රජාතන්ත්‍රවාදීව මේ ඉන්න ඔක්කොම. අපි දන්නවා ඔබතුමාගේ ගේම් ටික. ඒක මූණටම කියනවා ඔබතුමාට.
දෙවනියට තමයි ඔබතුමාට කිරිපිටි මතක් වෙන්නේ. ගෑස් මතක් වෙන්නේ. තෙල් මතක් වෙන්නේ. ගරු කථානායකතුමනි අපි විපක්ෂයට විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක තුමාටත්, ඒ කණ්ඩායමටත්, රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත්, අනිත් අයටත් අද විවාදයකින් තොරව ඡන්දයකින් තොරව මේක අනුමත කරල දුන්නට. මේක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. රටක් තියෙන්න ඕනේ ඔබතුමාලාට දේශපාලනය කරන්නත්, අපි ඔක්කොටම දේශපාලනය කරන්නත් රටක් ඕන. විප්ලවවාදීන්ට මේකට ඉඩ දෙන්න විදිහක් නෑ.
මේවට අපි මුහුණ දුන්නා 71දී. මැතිණිය කාන්තාවක් වුණත් මේකට මුහුණ දුන්නා. රටේ තරුණ දහස් ගණනක් මැරුණා එදා. ඊළඟට 88/89යෙ හැට=දාහක් මැරුවා. මේ රටේ තරුණ තරුණියෝව. එවා මේ රටේ ජනතාවට අමතක වෙන්නේ නැහැ. අපිට විශ්වාසයක් තියෙනවා මේක විසඳගන්න පුළුවන් වෙයි කියලා. මේක තමයි ධනාත්මක තත්ත්වය.
ඡන්දෙන් බලයට පත්වෙච්ච ආණ්ඩුවක් 69 ලක්ෂයක් ජනාධිපතිතුමාට අවුරුදු පහක බලයක් දීලා ජනාධිපති කරපුහාම. ඒ ජනාධිපතිට ගෙදර යන්න කියනවා නම් ව්‍යවස්ථාවෙන් පිට වැඩ කරන්න. මේ කවුරුත් ව්‍යවස්ථාවෙන් පිට වැඩ කරන්න සූදානම් නැහැ. මේ දෙපැත්තෙම ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන අය.
එකේ ඔබතුමාගේ යටි අරමුණ පේනවා. ඔබතුමා මේ විනාඩි 15 කතා කෙරුවේ ගෝඨා ගෝ හෝම්. ව්‍යවස්ථාව අවශ්‍ය නැහැ. ව්‍යවස්ථාවෙන් පිට වැඩ කරන්න කියල. ඒක තමයි ඔබතුමා නුගේගොඩ කිව්වේ. ඔබතුමා හිතන්න එපා අපි මෝඩයෝ කියලා.“
ජනතා පරමාධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය දිවි හිමියෙන් රනිව බවත්, එය විනාශ කිරීම ජනතාව කනත්තට දැක්වීමට අනුර කුමාර දිසානායකලාට ඉඩ නොදෙන බවත්, දේශපානය කරන්නට රටක් සහ ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය බවත් ඇමති ජොන්ටන් ප්‍රනාන්දු කීවේය.







