ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීම සඳහා ලබා දෙන ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය යෝජනා ක්‍රමය ලබන මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව ඉන්දීය මහ බැංකුව ප්‍රකාශයට පත් කර ඇත.
ඊට අදාළ දැන්වීම මේ වන විට ශ්‍රී ලංකාවට එවා ඇති අතර මෙමගින් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් දක්වා ණය සහන පදනම යටතේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට හැකියාව ඇත.
මෙම ඉන්ධන නිෂ්පාදනවලින් සියයට 75ක් ඉන්දියානු සැපයුම්කරුවකු ගෙන් ලබාගත යුතු අතර ඉතුරු 25% ශ්‍රී ලංකාවේ සැපයුම්කරුවකුගෙන් ලබාගත යුතු බව ඊට අදාළ කොන්දේසිවල සඳහන් වේ.
මීට අදාළ ණය ගනුදෙනුව ඉන්දියානු එක්සිම් බැංකුව සිදුකිරීමට නියමිතය.