දිවයිනට පැමිණ තිබූ ගෑස් නෞකාවක ගොඩබෑම් කටයුතු අවසන් වුවද බෙදාහැරීම ඇතුළු ප්‍රායෝගික ගැටලු මත වෙළඳපොලේ පවතින ගෑස් හිඟය තවත් සතියක පමණ කාලයක් පවතිනු ඇ.තැයි ලිට්රෝ සමාගම පවසයි.
අදත් (10) දිවයිනට පැමිණ ඇති ගෑස් නෞකාවක ගෑස් ගොඩබෑමේ කටයුතු සිදුකෙරෙන බව එම සමාගම කියයි.
මීට පෙර දිවයිනට පැමිණ තිබූ නෞකාවේ පැවති මෙට්‍රික් ටොන් 2600 ගොඩබෑම අවසන්ව ඇති බවත්, එහි ගෑස් අද වෙළඳපොලට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවත් එම සමාගම කියයි.
ගෑස් හිඟය ගෘහස්ථ පාරිභෝගිකයන්ට සේම නාගරික පෙදෙස්වල ආපනශාලා හිමියන්ට, බේකරි ඇතුළු කර්මාන්ත කරුවන්ට දැඩි ලෙස දැනී තිබිණි.







