කීර්ති ප්‍රනාන්දු –
කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂෙලේ හමුවිය.
අද ( 02) සවස 2.30 සිදුවූ එම හමුවේ මුඛ්‍ය පරමාර්ථය වී තිබුණේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරගැනීම සඳහා වන පදනම සකසා ගැනීමය.
විනාඩි හතලිස් පහක් පමණ එම සාකච්ඡා පැවැත්වුණු බව ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ සහයක රදගුරු ජේ. ඩී. ඇන්තනි හිමියන් විසින් නිකුත් කළ නිල නිවේදනයේ සඳහන් වේ.